තිස්වන කොටස 🥀

1.1K 184 26
                                    

අඟහරුවාදා,බදාදා දවස් දෙක ගෙවිලා ගියේ අපේ anex එකේ park එකට අමතර BMW එකක් එකතු වෙන ගමං. විහස්ය පුලුවන් හැම වෙලාවකම ආවා. මගෙ තුවාලත් දැන් වේලිලා. වම් කකලෙ තුවාලෙ නම් ඇවිදිනකොට රිදුනත් ඇවිදගන්න එකත් ශේප්. ඒ අතරේ සුබ ආරංචියක් ලැබුනා. අපේ trainers ලා හතර දෙනාම final 50 select වෙලා තිබ්බා. ඒක entertainment එකක් විදියට අපි තිබ්බ ලොකු පියවරක්.

"අගා ඔක්කොම රෙඩිද බං"

"ඔව්. ලොකුවට ගන්න දෙයක් නැ රෙදි විතරනෙ"

"ඔව් ඔව් හැබැයි ආශ් නම් මාස දෙකකට නවතින්න වගෙ යන්නේ?"

"ඇයි?"

"බලපං තව ටිකකින් උස්සන් එන මල්ල ඈ"

ඒ කියලා කෙයාන්ට කට ගන්න උනේ නෑ ලොකු traveling bag එකකුයි side bad එකකුයි උස්සගෙන් ආශ් ආවා. මටයි කෙයාන්ටයි තිබ්බේ එක බෑග් එක ගානේ. මූ ඇත්තටම මොනා ඕකෙ දාගෙනද මංදා. අපෙ මාමා බය වෙයි.

"ඔක්කොම ගත්තද? උඩ ඔක්කොම ලොක් කලාද?"

ආශ් අම්මාගේ රෝල් එක ඇක්ටිව් කරගෙන අපෙන් ඇහුවම දෙන්නම ඔව් කියන්න ඔලුව වැනුවා. අපි මේ මාස ගානකින් කොහේහරි යන්නේ.

"කො බං අරු? ගනිංකො කෝල් එක්ක උබෙ මිනිහට"

මං කෙයාන්ට රැව්වා. එයා මගෙ මිනිහා නෙවෙයි. මං ආස නැ එහෙම කියනවටවත්.

"ඕන්නම් උබ ගනින්. අනික එනව කිව්වෙ අටටනෙ. තව වෙලා තියෙනෙ"

"අම්මො හා හා."

අපි දෙන්නා වචන වලින් ගහගන්න අතරේ ආශ් විහස්යට කෝල් එකක් ගත්තා.

"මල්ලි කොහෙද උබ ඉන්නෙ?"
"ආ එල එල"
"ඕ ඕ කෙයාන්ගෙ එකේ"
"හරි බං"

"බණ්ඩාරනායක මාවතේලු ඉන්නේ."

"ආ එහෙනම් ගනිම් ඔය ටික ඇතුළට දාමු"

විහස්ය එනකල් අපි බෑග් ටික කෙයාන්ගෙ වාහනේ ඇතුළට දැම්මා. ඒ ටිකකින් විහස්යත් ආවම එයාගෙත් බෑග් එකත් ඇතුළට දාලා ආශ් ගිහින් දොර වහලා ආවා. කෙයාන් ඩ්‍රයිව් කරන්න ගත්ත නිසා විහස්ය පැසේන්ජර් ශීට් එකෙන් වාඩි වෙනකොට මායි ආශ්නුයි පස්සෙන් වාඩි උනා. අටයි කාල වගෙ වෙනකොට අපි යන්න පිටත් උනා.

Us, Again || 🥀✨️Where stories live. Discover now