පනස් නවවන කොටස 🥀

1.3K 173 65
                                    

අහස හරි ලස්සනයි. ලා තැඹිළි පාටින් මුළු අහසම හැඩ වෙලා. තව ටිකකින් ඉර පායයි. මුලු රෑම අපි දෙන්නා අවදියෙන්. එක චුට්ටක් ඇස් පියෙව්වෙ නෑ. මට වගේම එයාටත් ඕනේ උනේ අපි දෙන්නා මේ ඉන්න පොඩි වෙලාවත් විඳින්න. ගන්න හුස්මක් ගානෙ දැනෙන්න හුස්ම ගන්න. අපි දෙන්නා වැඩිය කතා කළේ නෑ. වැඩිය නෙවෙයි යුවි එක දිගට එයාගේ කතාව කිව්වට පස්සේ අපි දෙන්නා අතරෙ වචනයක්වත් හුවමාරු උනේ නෑ. කතා කරන්න ගොඩක් දේවල් තිබ්බත් අපි කලේ ඇඟිලි පටලවගෙන එකට හේත්තු වෙලා ඉඳලා හිටලා එයාගෙන් මටත් මගෙන් එයාටත් හිස් මුදුනට, උරහිසට ලැබෙන කිස් එකක් එක්ක ඇස් එක්ක කතා කළ එක.

හය වගේ වෙනකොට එතන තිබ්බ වයින් බෝතල් දෙකම අපි ඉවර කළා. ඉර එළියත් දැන් වැටිල. ඒත් අපි දෙන්නට අපි දෙන්නගෙන් ඈත් වෙන්න උවමනාවක් තිබ්බේ නෑ.

"යුවී"

"ම්ම්"

එයාගේ පපුවට පිට තියලා හේත්තු වෙලා මං එයාට කතා කළේ එයාගේ අතක් අල්ලගෙන. එයා මගේ හිස් මුදුනේ කීවෙනිද කියලා නොදන්න කිස් එකක් තිබ්බා.

"පළවෙනි වගේම අවසාන ආදරෙත් මං නේද?"

"නෑ!"

මූ එක්ක බෑ!! පිස්සු පකයා!!

"මගෙ එකම ආදරේ ඔයා!"

කිසි දෙයක් එකපාර කෙලින් කියන පුරුද්දක් මේ මිනිහට නෑනේ ඇත්තටම. දෙතෑකි හොම්බටම එකක්.

එයා එයාගේ අත් මගේ අත් අතරින් යවලා ටිකක් පහළට ලිස්සලා ගිය මාව ආයේ එයාගේ කකුල් අතරේ හරියට වාඩි කරවගත්තා. තාත්තා කෙනෙක් පොඩි ළමයෙක් බලාගන්නවා වගේ.

"ලෙයාන්"

"ම්"

"මේ පැත්ත හැරෙන්න!"

එයා කිව්වේ මගේ කන ළඟට ළං වෙලා. මගෙ ඇඟේ හිරිකඩු පිපිණා. එයාගේ උණුසුම් හුස්ම සීතල මගේ කනේ වැදුනම මාව හිරිවැටිලා ගියා. ඉතිම් මං එයාගේ පැත්තට හැරුනා. එයා හිනා වෙලා මගේ කම්මුල උඩින් එයාගේ වම් අත තියලා මහපට ඇඟිල්ල මගේ කම්මුල උඩ එහා මෙහා කළා. ඒක හරි සනීපයි.

"අපි අද තීරණයක් ගන්න ඕනෙ"

ඔව්. අද අපි තීරණයක් ගන්න ඕනේ. අපි දෙන්නා දැන් සැහැල්ලුවෙන් මේ මොහොත ගත කළත් අපිට ඉස්සරහට මෙහෙම ඉන්න බෑ. ඉන්න දෙන්නෙත් නෑ.

Us, Again || 🥀✨️Where stories live. Discover now