හවස නිදාගත්ත නිසාද මංදා ඊයෙ පාන්දර දෙක වගේ වෙනකල් නින්ද ගියේ නෑ. මට විහස්ය කිව්ව වචනයක් වචනයක් ගානේ මතක් වෙන්න ගත්තා. එයාගේ ඇස්, එයාගේ රූපේ මං ඇස්වහන හැම වෙලාවකම වගේ මට මැවුනා. අවුරුදු දෙකක් කිට්ටු වෙන්න ආදරයක්ද කියන්න නොදන්න සම්බන්දෙක පැටලිලා හිටිය මගෙ නළලට තුමුලගෙන් ලැබුන හාදු ගාන මට මතක නෑ. ඒ තරම් දෙන්න ඇති. ඒත් ඊයෙ රෑ විහස්යගෙන් ලැබුන ඒ උණුසුම මගෙ ජීවිතේට දැනුනෙ පළවෙනි වතාවට. මට දැනුන එකම දේ ලොකු ආරක්ශාවක් පිරුන හැගීම් ගොඩක් ඒ උණුසුමේ රැඳිලා තිබුනා කියලා විතරයි. ඒ උණුසුම ඒ තරම් බරයි. මගේ ඇස් පියවිලා ගියේ ඒ නිසා වෙන්නැති.
"සුද්දා නැගිටින්නෙ නැද්ද කොල්ලෝ අද උබ?"
ඇඳට වෙලා ඊයෙ උන දේවල් කල්පනා කර කර ඉන්නකොට මාමා ඇවිල්ල දොරට තට්ටු කලා. ඒක තට්ටු කිරිල්ලක්ම කියන්නත් බැ. මං නැගිටලා දොර ඇරියා.
"කිරි හැදුවා. නිවෙන්න කලින් යමං බොන්න"
"අනික් අය?"
"ඔක්කොම පහළ. උබ තමා කුමාරයා වගේ කාමරේට වෙලා ඉන්නෙ. ඇයි ළඟට කිරි එක වඩම්මනකල්ද ඉන්නේ ඈ"
"යං"
මාමා එක්ක කතා කරලා බේරෙන්න බෑ. ඒ නිසා මං පහළට ආවා. ඒ එනකොට අනික් තුන්දෙනා මොනාද කකා කිරි බොනවා. මං ගිහින් කට හෝදලා කිරි එක අතට ගත්තා. එළකිරි. මං ආසම දෙයක්. මාමට මතක් වෙලා ගේන්න ඇති. කොළඹ ඉදන් නම් එළකිරි බොනවා කියන එක ලේසියෙන් කරන්න බැරි දෙයක්.
"මාමේ කොහෙන්ද මේ කිරි"
"එළදෙනුන්ගෙන් බං"
"නැතුව ඉතිම් ආයෙ කුකුළොන්ගෙන් කියලයැ. මං ඇහුවෙ කොහෙන්ද කියලා අනේ. ඒ කිව්වෙ කඩෙන්ද කියලා"
"ආ නැ නෑ. ගෙවල් තුන හතරක් එහාට වෙන්න ඉන්නව බං ගව පට්ටියක් කරන සීයා කෙනෙක්. මං මෙහෙට ආවත් හරි හැමදාම උදේට මට කිරි බෝතලයක් ගෙනත් දෙනව ඒ සීයා."
"අනෙ ශෝක්. මං මෙ කාලෙකින් බොන්නේ. නවතින්න හිතයි අනෙ"
"ඒ උනාට කමක් නැ ආශාද් ඉරිදා යන්න. මට මෙහේ තනියෙන් වැඩ බලාගන්න පුලුවන්"
YOU ARE READING
Us, Again || 🥀✨️
Fiksi Penggemar𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍 ✔ ස්තූතියි ! මට ඔයාගේ ජීවිතයට එන්න දුන්නට. පොරොන්දු තියෙන්නේ රකින්න උනත්, කඩවුණු පොරොන්දුවක් එක්ක මගෙ අත අල්ලන් ඉස්සරහට ඇවිදන් ගියාට. __ ලෙයාන් අගන එදිරිසිංහ 🌼 "ඇයි මගෙ හිස් ජීවිතේ පාට කරන්නේ?" මං එයාගේ...