දෙවෙනි කොටස 🥀

2K 227 18
                                    

" Good morning sir "

" මගෙ time table එක ලන්ච් එක වෙනකල් free කරන්න කියලා මිස්ටර් ආශාද් ට කියන්න."

" හරි සර් "

මගෙ කැබින් එකට යන ගමන් එළියෙ හිටිය assistantට කිව්වා. අද උදෙන්ම කැෆේ එකට නොයා කෙලින්ම කම්පැනි එකට ආවේ වැඩ ගොඩක් තියෙන නිසා. අලුතෙන් music producer ල බඳවගන්න audition එක තව දවස් දෙකකින් පටන් ගන්නවා උනත් වැඩ ගොඩක් ඉතුරු වෙලා තිබ්බා. දැන් ලන්ච් එක වෙනකල් හුස්මක් ගන්නවත් ඉඩක් ලැබෙන්නේ නැහැ කියලා හොඳටම විශ්වාසයි. ඒත් මොනව කරන්නද. හැමදෙයක්ම කරන්න වෙනවනේ.

" කොෆි එකක් ? මගේ ටේබල් එක උඩ ? "

කැබින් එකට ගිය ගමන්ම මං දැක්කේ මගෙ ටේබල් එක උඩ තිබ්බ කොෆි එකක්. ආශ් තිබ්බා වෙන්න බැ. ඌ තිබ්බා නම් අනිවාර්යයෙන්ම මේකෙන් බාගයයි තියෙන්නේ. කෙයාන් වෙන්නත් බැ. මොකද එයා තාම ආවෙ නැ. එතකොට කවුද තියන්න ඇත්තේ.?

" මිස් සනුකි. මගෙ කැබින් එකට එන්න "

ලෑන්ඩ් ලයින් එකෙන් assistant ට කෝල් කරලා කැබින් එකට එන්න කිව්වේ එයාගෙන් දැනගන්න පුලුවන් වෙයි කියලා හිතලා. පුලුවන් වෙයි නෙවෙයි අනිවාර්යයෙන්ම එයා දැනගන්න ඕනේ.

Knock knock

" එන්න "

" සර්.?? "

" කවුද මගෙ කැබින් එකට ආවේ? "

" සර්.? "

" මං එකම දේ දෙපාරක් අහන්නෙ නැ කියල දන්නවනෙ. "

" සොරි සර්. මම ආවට පස්සෙ නම් කවුරුවත් සර්ගෙ කැබින් එකට ආවෙ නෑ. ඒත්.."

" ඒත් ?? "

" මම එනකොටම වගේ නම් කෙනෙක් සර්ගෙ කැබින් එක පැත්තෙ ඉදලා ආවා. ඒත් මං හිතුවෙ නැ එයා සර්ගෙ කැබින් එකට ගිහින් කියලා "

" කවුද.? "

" මම නේම් ටැග් එක දැක්කෙ නැ සර්. මං හිතන්නෙ ඊයෙ අලුතෙන් ගත්ත කෙනෙක්."

" අලුත් කෙනෙක්? "

" ඔව් සර්. අලුත් කෙනෙක් කිව්වෙ සර් එයා අපේ කම්පැනි id එක දාන් හිටියේ. අනික අලුත් නිසා දන්නෙ නැතුව ඇති සර් සර්ගෙ කැබින් එකට මිස්ටර් ආශාද්,මිස්ටර් කෙයාන් ඇරුනම සර් කතා කරන කෙනෙක්ට විතරයි එන්න පුලුවන් කියලා. "

Us, Again || 🥀✨️Where stories live. Discover now