තිස් හතරවන කොටස 🥀

927 165 15
                                    

මාමා අද නිවාඩු දැම්මේ අපි එක්ක ඇවිදින්න ඕනෙ කියලා උනත් උදේ වරුවෙම වැස්සක් තිබ්බා. ඉතිම් අපිට එළියට යන්න තියා හිතන්නවත් බැරි උනා. ඉන්න කම්මැලිම නිසා අපි එක එක දේවල් කලා. කාඩ් සෙල්ලම් කලා, කැරම් ගැහුවා, විකාර කියව කියව හිටියා, මාමගේ හොටෙල්වල accounts check කලා, ආයෙ දවල්ට ඉව්වා, කෑවා. කොහොමහරි තුන වගේ වෙනකොට වැස්ස නැවතිලා තිබ්බ නිසා අපි හවස් වෙන්න මාළිගාවෙ යන් කියලා කතා උනා.

"මං සරමක් අඳින්නද?"

"උබ හදන්නේ අපිට ලැජ්ජ කරන්නද කෙයාන්?"

"ඇයි මොකක්ද මං සරම අඳින එකෙන් උබලට වෙන ලැජ්ජාව?"

"ලැජ්ජාව අහන්නෙ උබ ඕක කඩාගත්තොත් එහෙම උබ එක්ක යන අපට නෙවෙද ලැජ්ජ?"

"ලැජ්ජ නෙවෙ බිජ්ජ. අනෙ මෙ යකෝ මං සරම කඩාගන්න උබ හිතුවද තාම එක වසරෙ පොඩි එකෙක් කියලා"

"කෙයාන් කොල්ලා කැමති නම් අඳින්න දෙන්න ආශාද්"

"ආ ඒකනෙ මාමේ. මං කැමති නම් උබට මොකද?"

"හතර වෙනකොට යනවා. එන එකෙක් වරෙව් හෙලුවෙන් හරි. ආ එපා හෙලුවෙන් යන්න බැනෙ. කොහොමහරි මං යනවා. උබලා ඕනෙ එකක් කරගනියව්"

කෙයාන්ගෙයි ආශ්ගෙයි රණ්ඩුවලට බැනලා අවසානෙ මාමා පහළට ගියේ ලේස්ති වෙන්න. මං පුරුදු විදියටම තනි සුදු අඳින්න හිතාගත්තා. විහස්ය මොකක් අඳීද දන්නෑ. ටිකකට කලින් කෝල් එකක් කියලා පහළට ගියා ගියාමයි තාම නෑ. මටත් මොකද ආය එයා මොක කලත්. මං ලේස්ති වෙන්න ආවා. අද මං මැග්නට් ඉයරින්ග් එක දැම්මෙ නෑ. එකක් මං මාළිගාවට යන්න ආසම හරිම සරල විදියට. අනික මං ඕක දැම්මොත් මාමා මගෙ කන ඉරනවා. මං ලේස්ති වෙලා ගාන්න ඕනෙ ඒවත් ඔක්කොම ගාගෙන පහළට එනකොට මාමා එයාගෙ කා එකේ යතුර දීලා ඇතුළෙ තියන වතුර බෝතලේ ගේන්න කීවා.

ලඟදිම මට හාට්ඇටෑක් එකක් එනවා ශුවර්. ඒ තරම් දැනුත් මගෙ පපුව ගැහෙනවා. මං යනකොට ෆෝන් එකත් කනේ රඳවගෙන කෙයාන්ගේ වාහනේට කකුලක් නවලා ගහගෙන හේත්තු වෙලා අහක බලාගෙන ඉන්නවා. එයාව මං කවදාවත්ම මෙහෙම දැකලා නෑ. තනි සුදෙන්ම ඇඳලා මං වගේම. සුදු අත්දිග ශර්ට් එකට සුදු ලිනන් කලිසමක් ඇඳලා ශර්ට් එකේ අත් වැලමිටමම නවලා කොන්ඩෙත් පහලට කඩා වැටෙන්න දාලා නෝමල් ස්ලිපර්ස් දෙකක් දාලා. ඒ විතරක් නෙවෙයි වෙනදා වගේම නහය කඩාගෙන යන්න තරම් එයාගෙන් එන සුවඳ. මාව තත්පරේකට ගැස්සුවා. ඒත් ඊළඟ තත්පරෙ මං කලේ එයාව ගනන් නොගෙන ඉක්මන්ටම ගිහින් මාමගෙ කා එකෙන් බෝතලේ අරගෙන ඇතුළට ගිය එක. එයා මාව දැක්කත් මුකුත් නොකියා ෆෝන් කෝල් එකේ අවදානෙන්ම හිටියා. මට එයාගෙ මූණ බලන්න හිතුන්නෑ. ඒ ආඩම්බරකමකට නෙවෙයි මට බය හිතුනා මට ඒ ඇස් ඉස්සරහ ආයෙත් යන එනමක් නැති වෙයි කියලා.

Us, Again || 🥀✨️Where stories live. Discover now