පහළොස්වෙනි කොටස🥀

1K 182 27
                                    

තද නින්දක හිටි මං ලොකු ඔලුවෙ කැක්කුමක් එක්ක අවදි උනේ දැන් විනාඩි ගානක් තිස්සෙ එකදිගට රින්ග් වෙන ෆෝන් එක නිසා.

"ශිට් උදේ පාන්දර මොකාද මෙච්චර වද දෙන්නේ?"

ඔලුවත් එක අතකින් තද කරලා අල්ලගෙන එක ඇහැක් විතරක් ඇරලා මං සයිඩ් ටේබල් එක උඩ තිබ්බ ෆෝන් එක අතට ගන්නකොටම ආව කෝල් එක කට් උනා. අනික් ඇහැ අරින්නෙ නැතුවම මං බැලුවෙ මිස් කෝල්ස් ඇලට් එක තිබ්බෙ කාගෙන්ද කියලා. Unknown number එකක්. ඕනෙ නම් ආය ගනීනේ. අනික සේව් නොකල නම්බර් එකකින් කෝල් එකක් එනව නම් ඒ එන්නේ මොබිටෙල් එකෙන් තමා. ෆෝන් එක ආයෙ ඇඳ පැත්තකට විසි කරලා මං ඇරපු ඇහැත් ආය වැහුවා. ආයෙ හරිබරි ගැහිලා අනික් පැත්ත හැරිලා ගාන්ට සැප පෝස් එකක් හොයාගත්තා විතරයි ආයෙ කෝල් එකක් ආවා. කම්පැනි කෝල් එකක් නම් අම්මපා මං සිම් එක මාරු කරනවාමයි කියලා හතර අතේ දිවුරුවා. මේක මහ කරුමයක් උනානේ. කෝල් අයිඩී එකවත් නොබලා ඕනෞට්ටක් කියලා මං කෝල් එක ආන්ස්වර් කළා.

"පහලට වරෙන්."

කෙයාන් නිසා සිම් එක බේරුනා.

"උදේ පාන්දර ඇයි බං"

"පාන්දර? හරි පාන්දර. යකො එකොළහයි වෙලාව. වරෙන් පහළට. කෑම හැදුවා."

"විනාඩි පහළවෙන් එන්නම්"

කෙයාන් කන්න එන්න කිව්ව නිසා මං ඔලුවෙ කැක්කුම නිසා හොඳට නාගත්තා. ඊයෙ මං සෑහෙන්න බීලා වගේ. මගෙ ලිමිට් එක පැනලා බීලනෙ මං. මුකුත් මතක නෑ ඊයෙ උන. අනේ ඔලුව. ගිය ගමං දෙහි එකක් බොන්නෝනේ. නාගෙන කලු ශෝටකට කලු බැගි ටී එකක් දාගෙන ෆෝන් එකත් සාක්කුවට දාගෙන මං පහළට ගියා. එළියේ black volvo එකක් නවත්තලා තිබ්බා.

"කාගෙද දන්නෑ ඒක"

එළියෙ තිබ්බ වාහනේ දිහත් බලලා මං ආශ්ගෙ ගේ ඇතුළට ගිය. කන්න එන්න කීවා නම් අනිවා උගෙ ගෙදර තමා. මොකද අපි තුන්දෙනාම උයන්නෙ මේක අස්සෙ තමා.

"ආ බේබද්දා නැගිට්ටද? වරෙන් වරෙන්. එනකල් තමා ඉදියෙ මං මේ"

මං ඇතුළට යනකොටම කෙයාන් මහ බේසිකයා වගේ සෝෆාවෙ වාඩි වෙලා මට කතා කළා.

"අඩො දෙහි එකක්"

"දෙහි දෙන්නම වටින මිනිහා. ආන් කුස්සියෙ ඇති අරගෙන බීහං"

Us, Again || 🥀✨️Where stories live. Discover now