Vihasya's Pov :
දවස් දෙකකට කැනඩා ගිය මට තව දවසක් නවතින්න උනේ මං බලාපොරොත්තු හිතුවටත් වඩා ගොඩක් දේවල් එක්ක බිසි උන නිසා. ඒත් මට තාම හිතාගන්න බැරි මටම ඇයි මේ ටුවර් එක සෙට් උනේ කියලා. මේකට යන්න හිටියේ මාම්. ඒත් දැන් ගියේ මං! තුන්වෙනි දවසේ රෑ ෆ්ලයිට් එකක එන්න හිටියත් වැඩ ටික කලින්ම ඉවර කර ගත්ත නිසා මං උදෙන්ම ආවේ හිතේ අමුතු සතුටකින්. මොකද මට මෙච්චර කල් හිනාව කියන දේ අමතක වෙලා තිබ්බත් දැන් ළඟදි ඉදන් හිනා වෙනවා. පපුව පිරෙන්න හුස්ම ගන්නවා. කොයි තරම් වැඩ තිබුණත් විනාඩියකට හරි බලන්න ඕනේ කියලා හිතෙන රූපයක් තියනවා. මට මේ හැඟීම් හරි ආගන්තුකයි. වෙලාවකට මටම පුදුමයි මං ආදරය කරන එක. ඊටත් වඩා මට පුදුම මගෙ හිතේ මෙච්චර ආදරයක් තියන එකට. කොයි වෙලෙත් බිස්නස් වලිනුයි ප්‍රශ්න වලිනුයි ඔලුව පුරවගෙන ඉන්න මට දැන් හිත නිවන තැනක් තියනවා. ඒ රූපේ දැක්කත් ඇති මං නිවෙනවා!
ෆ්ලයිට් එකේ එන පැය පහළොවහමාර මං හිටියේ පුදුම තරම් ඉවසිල්ලකින්. කොච්චර මහන්සි උනත් එපාර්ට්මෙන්ට් එකටවත් නොයා step up entertainment එකට යන්නයි ප්ලෑන් කරන් හිටියේ. එයාපෝට් එකෙන් එළියට ආව ගමං කලේ ඩෙවෝන්ට කෝල් එකක් ගත්ත එක. ඒත් ෆෝන් එක කනේ රඳවගන්නවත් එක්කම දැක්කේ වෙනදට මාව ගන්න එන ඩෙවෝන් වෙනුවට අද ඩෙවෝන්ගෙ යටතෙ ඉන්න විනෝල්. ඒක සාමාන්‍යයෙන් වෙන්න බැරිම දෙයක්. මොකද ඩෙවෝන්ට මොන වැඩේ තිබ්බත් ඩෙවෝන්ගෙ පළවෙනි රාජකාරිය හැම වෙලේම මං. නහය උඩ තිබ්බ ශේඩ්ස් දෙක මැද ඇගිල්ලෙන් තද කරගන්න ගමං මං කලේ ඇවිත් හිටිය කෙනාට බැගේජ් එක දුන්න එක.
"කී එක දෙන්න!"
"ඩෙවෝන් සර් බොස්ව එක්කගෙන එන්න කිව්වා"
"ඊට කලින් මට යන්න තැනක් තියනවා. කී එක දෙන්න!"
"ඒත් ඊට කලින් බොස් යන්නම ඕනෙ තැනක් තියනවා"
"I said give me the k-"
මට කියන්න ගිය දේ සම්පූර්ණ කරන්න උනේ නැත්තේ මගෙ අතේ තිබ්බ ෆෝන් එක රින්ග් උන නිසා. කෝල් එක ඩෙවෝන්ගෙන්.
"කොහෙද ඉන්නේ?"
"බොස් මං ඉන්නෙ පොඩි බොස් එක්ක. ඒ නිසා බොස් දැන්ම එන්න"
YOU ARE READING
Us, Again || 🥀✨️
Fanfic𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍 ✔ ස්තූතියි ! මට ඔයාගේ ජීවිතයට එන්න දුන්නට. පොරොන්දු තියෙන්නේ රකින්න උනත්, කඩවුණු පොරොන්දුවක් එක්ක මගෙ අත අල්ලන් ඉස්සරහට ඇවිදන් ගියාට. __ ලෙයාන් අගන එදිරිසිංහ 🌼 "ඇයි මගෙ හිස් ජීවිතේ පාට කරන්නේ?" මං එයාගේ...