තිස් පස්වන කොටස 🥀

890 161 20
                                    

ඉරිදා හවස අපි ආයෙ කොළඹ එන්න ආවා. ඒ එනකොට ඩ්‍රයිව් කලේ මං. ආශ් එක්ක විහස්ය පිටිපස්සෙ ශීට් එකෙ හිටියා. මං කීප සැරයක්ම ෆ්‍රොන්ට් මිරර් එකෙන් විහස්ය දිහා බැලුවා. එයාගේ මූණෙ තිබ්බේ අමුතුම පෙනුමක්. නපුරුකම පිරිලා තියන මූණේ තිබ්බේ කලබලකාරී පෙනුමක්. නිතරම එයා ෆෝන් එක දිහා බලාගෙන කල්පනා කලා. සැරින් සැරේ එන කෝල්ස් කට් කලා. සමහරවිට එයාට මෙතන අපි තුන්දෙනාම ඉන්න නිසා කතා කරන්න බැරි නිසා වෙන්නැති. අපි ගෙදර එනකොට එළියේ ඩෙවෝන් හිටියා. විහස්ය ගේ ඇතුළටවත් එන්නෙ නැතුව එයාගෙ බෑග් එකත් අරගෙන ඉක්මන්ටම ගියා. හැබැයි එයාට අමතක උනේ නෑ මාව.

"පරිස්සමෙන් ඉන්න. මං හෙට කම්පැනි එකට එන්නම්."

පුරුදු වචන එක්ක පුරුදු විදියටම කොන්ඩෙ හදලා එයා ගියා. මගින් කාලා ආව නිසා මාත් වොශ් එකක් දාලා ඇඳට ආවා. විහස්ය මගෙ ජිවිතේ ටික ටික වෙනස් කරනවා වගෙ මට දැනෙනවා. ආශ්,කෙයාන් එක්ක උනත් වැඩිය කතා නොකරන මං විහස්ය එක්කත් කතා නොකලට එයා කතා කරන දේවල් අහන් ඉන්න හිතෙනවා මට. එයාගෙ බර ගැඹුරු වචන වලට මගේ පපුව ගැහෙන වේගේ වැඩි කරගන්න හිතෙනවා. ඒත් එයා මං නොපෙන්නන හැඟීම් ගැන කියනකොට මට තරහයි. මාව කවුරුවත් කියවන්න ඕනේ නෑ.

කල්පනා කර කරම නින්ද ගිය මට උදේ අවදි උනේ එලාර්ම් එකට.

"සර් මිස්ටර් පතිරණ සර්ව මීට් වෙන්න ඇවිත්"

"මං බිසි"

"Important දෙයක් කියන්න ඕනෙ කියනව"

"හරි එවන්න"

කැෆේ එකටවත් නොයා අද උදෙන්ම කම්පැනි එකට ආවේ ගිය සතියම මං ආවෙ නැති නිසා මගෙ ටේබල් එකේ මට approval දෙන්න ඕනෙ ෆයිල් කන්දක් තිබ්බ නිසා. ඒ අතරේ මිස් සනුකි කෝල් කරලා කිව්වෙ තුමුල ඇවිත් කියලා. අදත් උදේ පාන්දර ඔලුව විකාර කරන්න ඇවිත්ද මංදා. මට සැනසීමක් කියලා දෙයක් ඇත්තෙම නෑ.

Knock knock

"Yes come in"

"Good morning Agana"

"Mind your language mr. Pathirana Take a seat"

"Sorry sir."

"Come to the point. I have no time to waste"

"සර් මට ඔයා එක්ක කතා කරන්න දෙයක් තියනවා. මං දන්නවා මං මෙතන ඒක කතා කරන්න සුදුසු නැ කියලා. ඒත් මට ඔයා වෙන තැනක කතා කරන්න චාන්ස් එකක් දෙන්නෙ නැනේ"

Us, Again || 🥀✨️Where stories live. Discover now