දහසයවන කොටස 🥀

1K 174 15
                                    

සෙනසුරාදා, ඉරිදා කැෆේ එකට නොගිය නිසා මං ඔෆිස් යන්න කලින් ආවෙ කැෆේ එකට. කිචන් එක එකම යුද්දයක් වගේ. මං කිචන් එකේ ඇවිදන් යන ගමන් පැන්ට්‍රි එකේ ඇඟිල්ලෙන් ඉරක් ඇඳල බැලුවා. දූවිලි පොඩ්ඩක්වත්ම නෑ. බිමත් ඒ වගේම පිරිසිදුයි. පාන්පිටි චුට්ටක්වත් වැටිලා නෑ. අනුශ්කගෙ වැඩ හොඳයි. හැමෝම මට වැඩ අතරේ ග්‍රීට් කළා. මං ඒ හැමෝටම ඔලුව වනාගෙන ගියා.

"Good morning sir. මං අලුත් recipe එකක් try කළා."

මං ඔෆිස් එකේ ඉන්නකොට අනුශ්ක ඇවිත් මට කතා කළා. මං එයාගෙ කැමතිම පැත්තක් මේ. එයත් මං වගේ කැෆේ එක එයා හම්බකරන් කන තැන විතරක් නෙවෙ එයාගෙ සතුට තියන තැන කියලා හිතලයි වැඩ කරන්නේ.
අනුශ්ක ගෙනත් දුන්න කෑම එක මං බැලුවා.

"Can you explain?"

අනුශ්ක ගෙනත් තිබ්බ ප්ලේට් එක දිහා බලලා මං කිව්වා. එයා පහසුවෙන් හිටගෙන කෑම එක ගැන විස්තර කරන්න පටන් ගත්තා.

"සර් මේ තියෙන්නේ Chaux Pastry. නම පේස්ට්‍රි එකක් උනත් මේක බන් පේස්ට්‍රි එකක්. Water, milk, salt, sugar, eggs, flour and butter වලින් තමා මේ බන් පේස්ට්‍රි එක හදලා තියෙන්නේ. This is a light, airy, crispy pastry and also a France food."

"Good. ඇත්ත කිව්ව වගේම crispy."

"Chaux pastry එකත් menu එකට add කරන්නද සර්?"

"Sure."

"Thank you sir"

අනුශ්ක ප්ලේට් එකත් අරගෙන එළියට යන්න හදනකොට මං ආය එයාට කතා කළා.

"අනුශ්ක"

"සර්?"

"ඕකෙන් තව හැදුවද?"

"ඔව් සර්"

"මට පාර්සල් දෙකක් ඇරේන්ජ් කරල දෙන්න. එකකට විතරක් චුට්ටක් වැඩියෙන් දාලා"

"Okay sir. දැන් ගෙනත් දෙන්නද?"

"ඔව් මං දැන් යනවා. මං පහළට ආවම ගන්නම්. Within 10 minutes වගේ"

"Okay sir"

අනුශ්කගෙන් පාර්සල් දෙකත් ඉල්ලන් කා එකට ඇවිත් ඒ ටික පැසේන්ජර් ශීට් එකෙන් තියලා ශේඩ්ස් දෙක දාගන්න ගමං මං කල්පනා කලෙ ඇයි පාර්සල් දෙකක් ඉල්ලගත්තෙ කියලා. මගෙ වැඩ වෙලාවකට මටම ප්‍රශ්නාර්ථයක්. ඔෆිස් එකට ඇවිත් කෙලින්ම කෙයාන්ගෙ කැබින් එකට ගිහින් ලොකු පාර්සල් එක කෙයාන්ට දුන්නේ ආශ් එක්කම කන්න කියලා. අනික මගෙ කැබින් එකේ රෙස්ට් රූම් එකේ තියලා වැඩ වලට අවදානෙ දුන්නා. පුරුදු විදියටම ලන්ච් එකට අපි කැෆටේරියා එකට ගියා.

Us, Again || 🥀✨️Where stories live. Discover now