පුරුදු විදියටම කැෆේ එකට ගිහින් කම්පැනි එකට ගියේ අද ආශ්නුත් මගේ කා එකේ ඉන්නකොට. උට මගෙත් එක්ක එන්න ඕනෙ කිව්ව නිසා මං ඒකවත් දාගෙනම ආවා. උදේ හරි ශෝක් දෙයක් උනා. ඊයේ කොහොමහරි රෑට ආශ් ඉව්වේ පොල්සම්බලුයි, මාලු බැදලයි, පපඩමුයි. ඌ ඔක්කොම කරලා කන්න පටන් ගත්තම මං ඒක ඇත්තටම හිතල කිව්ව නෙවේ ඉබේම මට කියවුනා "මාලු වලට ලුණු වැඩියි" කියලා. කියපු දෙයක් ආයෙ ගන්න බැනේ. බත් කටක් කටට දාගන්න ගමන් හිටිය කෙයානුත් ෆ්රීස් උනා. ඌ මගෙ දිහාට හරි අනුකම්පාසහගත බැල්මක් දැම්මා 'අගා උබ වරද්දගත්තා' වගේ. ඔව් මං සෑහෙන්න වරද්ද ගත්තා. ඒකේ තරහට අද උදේ මේ යස්සයා උයලා තිබ්බෙ බණ්ඩක්කයි බතුයි. මේ ලෝකෙ මොන කෑමක් කෑවත් බණ්ඩක්කා කියන්නේ මං කන්නෙම නැති කෑමක්. මට ඒ සෙවල ගතිය දැක්කම අප්පිරියාවක් දැනෙනවා. නොකා එන්නත් බෑ. කන්නත් බෑ. මොනා කරන්නද කියලා මං බත් බෙදාගෙන ඒකට ලුණු ටිකක් ඉහාගෙන පොල් එක්ක කෑවා. ඕකට ආශ්ට අවුල් ගිය නිසා තමා ඔය අද මගෙත් එක්ක ආවේ.
කම්පැනි එකට එනකොටම වැඩ කරන කෙනෙක් ඇවිත් ආශ්ට ටැබ් එකක් දෙනකොට ඌ යනවා කියාගෙන උගෙ කැබින් එකට ගියාම මාත් මගෙ කැබින් එකට ආවා. මං යනකොට මිස් සනුකි ලැප් එකට එබීගෙන ලොකු වැඩක. මාව දැක්කෙ නෑ. කැබින් එකේ දොර අරිනකොට ඒ සද්දෙට තමා එයා මාව දැක්කේ. එකපාරටම නැගිට්ටුනා එයාට.
"G good morning sir."
"ම්ම්"
එහෙම කියාගෙන මං ඇතුළට ආවා. ඒ එක්කම මිස් සනුකිත් මගෙ පස්සෙන්ම දුවන් ආවා. එයා හීල්ස් දාන නිසා වේගෙන් ඇවිදන් යනකොට හරි සද්දෙයි. අපේ සපත්තුවල වගෙ නෙවෙයි. කොහොම දාන් ඉන්නවද මංදා ඕවා. හැබැයි හීල්ස් නිසා මිස් සනුකි මගෙ උරහිස ගාවට වගෙ උසයි. ඔය හීල්ස් නැත්තම් මට එයාට කතා කරන්න දෙකට නැවෙන්න වෙනවා එහෙම නැත්තම් එයාට පුටුවක නගින්න වෙනවා. මොනා උනත් මිස් සනුකිට තිබ්බෙ අහිංසක හුරතල් පෙනුමක්.
"ස් සර්"
මං එයා දිහා බලාගෙන ඉන්නකොට මිස් සනුකි බය වෙලා වගේ කතා කලා. මට මොන මගුලක් වෙලාද යකො මෙච්චර අවුරුදු හතරක් වැඩ කල කෙනාගෙ අද ලස්සනක් පෙනුමක් ගැන හිතන්නේ. එයා දිහා බලන් හිටියෙ මං නෙවෙයි වගේ ආයෙ අර මගෙ හැඟීම් නැති සීතල මූණ එක්කම ඇවිත් සීට් එකේ වාඩි උනා.
![](https://img.wattpad.com/cover/349748685-288-k847747.jpg)
YOU ARE READING
Us, Again || 🥀✨️
Hayran Kurgu𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍 ✔ ස්තූතියි ! මට ඔයාගේ ජීවිතයට එන්න දුන්නට. පොරොන්දු තියෙන්නේ රකින්න උනත්, කඩවුණු පොරොන්දුවක් එක්ක මගෙ අත අල්ලන් ඉස්සරහට ඇවිදන් ගියාට. __ ලෙයාන් අගන එදිරිසිංහ 🌼 "ඇයි මගෙ හිස් ජීවිතේ පාට කරන්නේ?" මං එයාගේ...