තිස් නවවන කොටස 🥀

1.1K 186 41
                                    

ලෙයාන් ටික ටික සනීප වෙනවා. ඒත් එයාව දැන්ම discharge කරන එකක් නැහැ. එයාගෙ තව test වගයක් තියනවා කරන්න ඔලුවෙ ඔපරේශන් එක කළ නිසා. එයාගෙ අතේ බැන්ඩේජ් එක ඊයේ ගැලෙව්වා. ඊළඟට තියෙන්නේ exercise කරන්න. එයාගේ ශුශුම්නාවට ඩැමේජ් වෙලා නිසා තව මාසයක් විතර යනකල් එයාට ඇවිදින්න බැරි වෙයි කියලා තමයි ඩොක්ටර්ස්ලා කිව්වේ. ඒකට එයා අවුල් ගියා. ඒත් ආශාද් නම් කිව්වේ කිව්වේ "ඒ උන දේ එක්ක මෙහෙම හරි ඉන්න එකම ඇති" කියලා. තවම කවුරුවත් දන්නේ නෑ ඇක්සිඩන්ට් එක ගැන. මටත් තවම හරියටම මුකුත් හොයාගන්න බැරි උන නිසා ඒක නෝමල් ඇක්සිඩන්ට් එකක් විදියටම තියෙන්න මාත් ඉඩ දුන්නා.

එයා දැන් හොස්පිටල් ඉන්න එකොළොස්වෙනි දවස. එයාගෙ ගොඩක් වැඩ සිද්ද උනේ මගෙ අතින්. ඇක්සිඩන්ට් එක ගැන එයාගෙ මාමට මුකුත් කිව්වෙ නැහැ. එයාට සිහිය එනකල් නොකියා ඉන්නවා කියලා කෙයාන් තීරණය කලත් කොහෙත්ම ඒ ගැන මාම දැනගන්න ඕනේ නෑ කියලා ලෙයාන් තදින්ම අපිට කිව්වා.

"මං දැන් ගිහින් රෑ වෙන්න එන්නද?"

"ම්ම්"

මං පුලුවන් හැම වෙලාවකම එයා එක්ක හිටියා. එයා තාම ඉස්සර වගේම නපුරු සීතල කෙනාම තමයි. ඒත් දැන් මාත් එක්ක ටිකක් කතා කරනවා. එදා ඇඬුවට පස්සේ අපි දෙන්නම ඒ ගැන කතා කලෙ නෑ. එදයින් පස්සේ එයාගෙ හැම වැඩක්ම කරනකොට එයාව ඇල්ලුවත් ඊට අමතරව මං එයාගෙ අතකින්වත් ඇල්ලුවෙ නෑ. මට හිතුනේ එයා අකමැති ඇති කියලා. ඒත් එයාගෙ ඇස් දැන් ඉස්සර වගේ නෙවෙයි. ටිකක් අමුතුයි. හැබැයි මට තාම ඒ වෙනස තේරුම් ගන්න බැරි උනා.

අද අලුත් agreement එකක් sign කරන්න ඕනෙ නිසා මං engene එකට ආවේ මේ සතියකින් විතර. වැඩ නම් ගොඩ ගැහිලා නැතත් clear වෙන්න ඕනෙ දේවල් ටිකක් තිබුණ නිසා මට හතර විතර වෙනකල් ඉන්න උනා. ඉස්සර නම් මට මේ වැඩ කරගන්න දවසෙ වෙලාව වැඩිත් වගෙ. ඒත් දැන් හිතෙනවා අපරාදේ මෙච්චර මං දේවල් කරන්න පටන් ගත්තේ කියලා. දැන් මගෙ වැඩ නිසා වෙලාවකට හිතෙනවා එයාව මට මගෑරෙනවද කියල. මුලින් එයාව දවසට සැරයක් විතරක් දැක්ක නිසා එයාගෙ වටපිටාව දැනගෙන හිටියත් එයාගේ ගැන මං ලොකුවට දැනගෙන හිටියෙ නෑ. ඒත් දැන් මං එයා ගැන පොඩ්ඩ පොඩ්ඩ දන්නවා.

Us, Again || 🥀✨️Where stories live. Discover now