විසි හත්වන කොටස 🥀

986 171 29
                                    

"කෙයාන්"

....

"ඕයි"

....

"යකො කෙයාන්"

"මොකද බල්ලො කෑගහන්නේ. මට මේක බලන්න දියන්කො ලබ්බ"

"ඕක පස්සෙ බලහම්. ආශ් අවුල් යයිද දැන් කිව්වම"

"දන්නෑ. ඒවා උබල බලාගනින්. මට අදාල නැ. කරගත්ත නම් ඒවා කියන්නත් පුලුවන් වෙන්න ඕනේ"

"අනෙ බං"

"අනෙ හුනේ නෙවෙ. ආ මෙ මට උබෙන් දෙයක් අහන්න ඕනේ"

මං ඊයේ මහ රෑ ගිය එකට උදේ මට බැනලා මලපැනලා තමයි කෙයාන් ටීවී එක දාගත්තෙ. ටීවී එක ඕෆ් කරලා දාලා ඌ සම්පූර්නෙන්ම මගෙ පැත්තට හැරුනෙ කුස්සිය පැත්තත් බලලා. ආශ් කුස්සියේ. විහස්යත් එනව කිව්වා නිසා මොනවද හදනවා.

"උබ විහස්ය ගැන මොකද හිතන්නේ?"

"ඒ කිව්වේ?"

මට කෙයාන් ඇහුව දේ තේරුනා. ඒත් මට දෙන්න උත්තරයක් හිතාගන්න බැරි උන නිසා මං උගෙන් ඇහුවේ.

"උබ උට ආදරේද?"

"තාම නෑ"

මං කෙලින්ම උත්තරයක් දුන්නා. මට ඇත්තටම එයා ගැන ෆීලින්ග්ස් තියනවා. ඒත් ඒක තාම ආදරයක් නෙවෙයි කියලා මට ශුවර්. ඒක කැමැත්තක්. හැබැයි කැමැත්තකට එහා ගිය ආදරයකට මෙහා නැවතුන අමුතුම දෙයක්. මට දැන්ම ආදරෙ කරන්න බයයි.

"ඒ උනාට ඌ උබට පණ ඇරලා"

මං උගෙ දිහා ඇස් ලොකු කරලා බැලුවා. කෙයාන් කොහොමද එහෙම කියන්නේ?

"මට ඒක දැනුනෙ අද ඊයෙක නෙවෙයි බං. උබට ඒක නොදැනෙනවද නැත්තම් දැනෙන්නෑ වගෙ ඉන්නවද කියන්න මං දන්නෑ. හැබැයි මට ඒක හොඳට තේරුනා. විහස්යව මං අඳුනගෙන තියන විදිය එක්ක ඌ උබ ළඟ විතරයි ඔහොම හැසිරෙන්නේ. අනික ඌ එදා උබට එක අතක් මට උස්සන්න දුන්නෑ. ඌම කාගෙන හිටියා. ඒ උට මාව නවත්තන්න බැරුව නෙවෙයි උබට මාව වටින නිසා කියලා මං දන්නවා. උබ හරි තීරණයක් ගනින්. හැබැයි හදවතට එකඟව"

කෙයාන් එහෙම කියලා ඉවර වෙලා මගෙ ඔලුව අතගෑවා. මට දැනුත් දැනුනේ මගෙ අයියා වගේ ඌව. කෙයාන් කිව්වේ ඇත්ත. මට විහස්යගෙ ආදරේ දැනෙනවා. ඒත් මං ඒක නොදැනෙනවා වගෙ ඉන්නවා. ඊයෙත් මං ගෙදර එනකොට පාන්දර එකහමාරයි. ඒ ආවෙත් මං ඉස්සරහින් එනකොට එයා මගෙ පස්සෙන් ආවා වාහනෙන්. මං ගේ ඇතුළටම ගිහින් දොර වහනකල් එයා හිටියා. එයා මාව පරිස්සමෙන් කරන්නෙ මාව කෙල්ලෙක් ගානට දාලා නෙවෙයි. ඒක මට තේරෙනවා.

Us, Again || 🥀✨️Where stories live. Discover now