"අගා උබ කොහෙ යන්නද ඔය?"
"එළියට"
"ඔව් ඒක පේනවා. මොකද නැත්තම් උබ ගෙදරට ඔහොම අඳින්නැනෙ."
"ආශ් කෑම බෙදහම්කො"
"මට කියන්නේ ඇයි තොට අත් නැද්ද? යකො මං ගෑනි වගේනේ මුන්ගෙ"
"අගා නම් දන්නෑ. ඒත් මගෙ නම් අකමැත්තක් නැ හැබැයි."
"මොකටද?"
"ගෑනි කරගන්න."
"මෙ කෙයාන් උදේ පාන්දර මගෙ ලේ කෝප නොකර ඉන්නවද? පින් සිද්ද වෙයි"
"ඉතිම් උබ ඇහුව එකටනෙ කිව්වෙ"
"බල්ලෝ!!!"
ආශ්ගෙ අතේ තිබ්බ තෙල් හැන්ද ගුවන් ගත වෙලා කෙලින්ම ලෑන්ඩ් කලේ කෙයාන්ගෙ ඔලුවෙ ගෑවි නොගෑවි. වැඩ දන්න නිසා කෙයාන් බේරුනා. නැත්තම් ඒ පාර වැදුන නම් ශුවර් ඕකගෙ ඔලු කට්ට පැලෙනවා. අද සෙනසුරාදා. ඒකයි මේ වලි. නැත්තම් වලි දාගන්න තරම් වෙලාවක් උදේට අපිට සෙට් වෙනව අඩුයි. අපිට කියන්නෙ වැඩියෙන්ම මුන් දෙන්නට තමා. මං ඉතිම් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන පාඩුවෙ පැත්තකට වෙලා ඉන්න කෙනෙක්නෙ. ආශ් පුලුවන් හැම ඉරියව්වකින්ම අපිට රව රව කෑම මේසෙට තිබ්බා. කිරි බතුයි, කට්ට සම්බලුයි, උම්බලකඩ තෙල් දාපු සම්බලකුයි.
"අගා ඔය එළියට කිව්වේ කැෆෙ එකට නෙවෙයිනෙ?"
මගෙ දිහාම බලාගෙන් ආශ් ඇහුවා. ඔව් ඉතිම්.කැෆේ එකට නෙවෙයි යන්නෙ කියලා බැලු බැල්මට පෙනවා. මං කැෆේ එකට වීකෙන්ඩ් යනකොට කැශුවල් ගියත් ශර්ට් එකක් අඳිනවා. ඒත් දැන් ඇඳන් ඉන්නේ අලු පාට ටී එකකට කලු ඩෙනිමක් ඇඳලා ඩෙක් දාලා මගෙ ෆේවරිට් බ්ලැක් කලර් මැග්නට් ඉයරින්ග් එක දාලා.
"ම්"
"කොහෙද එහෙනම්?"
"විහස්ය බලන්න"
"විහස්ය කිව්වෙ මෙ අපි දන්න විහස්ය මල්ලිද?"
"ම්"
"ඇයි උගෙ මොනා බලන්නද?"
"ඌ ඇක්සිඩන්ට් වෙලා"
මට කලින් කෙයාන් කිව්වා. සමහරවිට මං ඕක කිව්වා නම් මෙතන ප්රශ්නෙ වෙන්නෙ ඇක්සිඩන්ට් වෙච්ච එක ගැන නෙවෙයි කියලා ශුවර්. ඒත් ඇත්තටම ඇක්සිඩන්ට් එක නෙවෙයි තමා මෙතන මාතෘකාව වෙන්නේ දැන්. මට ඒක 100%කටත් වඩා ශුවර්. බොරු නම් බලන්න තව ටිකකින්.
![](https://img.wattpad.com/cover/349748685-288-k847747.jpg)
YOU ARE READING
Us, Again || 🥀✨️
Fanfiction𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍 ✔ ස්තූතියි ! මට ඔයාගේ ජීවිතයට එන්න දුන්නට. පොරොන්දු තියෙන්නේ රකින්න උනත්, කඩවුණු පොරොන්දුවක් එක්ක මගෙ අත අල්ලන් ඉස්සරහට ඇවිදන් ගියාට. __ ලෙයාන් අගන එදිරිසිංහ 🌼 "ඇයි මගෙ හිස් ජීවිතේ පාට කරන්නේ?" මං එයාගේ...