දහනමවෙනි කොටහා

404 38 14
                                    




" කොල්ලෝ මේ කොස් මදුලු ටික විජහට විජහට ගලෝලා කොරහට දාහන්කෝ "

සෙනසුරාදා නිසා තේ වත්තේ වැඩට මන් උදේන්ම නැගිටලා යන්න හිටියත් අද ලොකු හාමු කිව්වා තේ වත්තේ වැඩ අද නැහැයි කියලා. 

ඉතින් කුස්සියේ පැත්තට ගියාපු මන් කහට කෝප්පයක් වක් කරන් තොල ගගා මනෝ පාරක කිමිදිලා ඉද්දී කමනි නැන්දා මට‍ කොස් මදුලු ගලවන්න කියලා කිව්වේ දඩාර කොස් ගෙඩියකුත් පෙන්නලා.

" මේ ටික දවල්ට නෙවෙයි ද නැන්දේ උයලා ගන්නේ "

මයෙ සරම් කොටෙත් ගැට ගහන් එහෙම ඇහැව්වේ කොහොමත් උදේ කෑම වෙලාවට කොස් ටික උයලා ගන්න වෙලා මදි නිසා.

"  දවල්ට තමා දරුවෝ උයන්නේ. පොඩි බේබිගේ කොළඹ මහත්තයෙකුත් අද එනවැයි කිව්වේ. ඒ මහත්තයත් ආසා වෙයි මෙව්වගෙ ගමේ කෑම කන්න "

වලන් මැද මැද හිටපු කමනි නැන්දා එහෙම කිව්වයින් පස්සේ තමයි මටත් මතක් වුනේ බේබී හාමුගේ යාලුවා එනවා කියලා.



උදේ කෑමත් කාලා මන් බේබීව බලන්න
කාමරේට යන්න ගියත් ඊයේ රෑ එයා කියාපුවා මතක් වෙලා එළියට ටිකක් ගියේ පැටියවත් එළියේ ඉන්නවද කියලා බලන්න.

මන් යද්දී පැටියා අඹ ගහ යටට වෙලා කෝම්පිට්ටු බත් උයනවා. හිච්චි සුදු පාට ජංගි කොටයක් ඇදන් හිටියට මොකද  කොල්ලා නැමී ගෙන ඉන්න නිසා පස්සෙන් භාගයක්ම එළියේ.  කොල්ලගේ කොන්ඩේ කපලා නැති නිසා බොකුටු ගතිය තවත් වැඩි. ඇත්තටම දැන් නම් චූටි කෙලි පැටික්කියක් වගේම තමයි බලාපු අතත් නෑ .

"  අද වත්තේ වැඩ නෑද කොලුවෝ "

පැටියා දිහා බලන් හිටිය මට ඇහුනේ ලොකු බේබීගෙ කටහඩ.

" නෑ බේබී අද නැහැයි කීවානේ ලොකු හාමු "

මන් බේබී එක්කලා කතා කර කර ඉද්දී මයෙ කටහඩ ඇහිලාද කොහෙදෝ පොඩ්ඩා එක අතකිනුත් කලිසම උස්ස උස්ස දුවන් දුවන් ඇවිල්ලා ඒ වැලි අත් වලින්ම මාව බදා ගනිද්දී මන් කරේ පහළට නැවිලා කොල්ලා ඇදන් හිටපු කලිසම් කොටේ ඉලස්සටික් එක තද කරපු එක .

අත් වැරැද්ද ( Ongoing )Where stories live. Discover now