තිස්‌නමවැනි කොටහා

247 32 8
                                    







" මට ඕක ඉක්මනට දෙන්න පුළුවන්ද වෙලා යනවා... "



" පොඩ්ඩක් ඉන්නවා ඕයී. තමුසේ කොච්චි අල්ලන්නද.  මොනාද අනේ මේ ලියලා තියෙන්නේ. සීගිරි කුරුටු ගී වගේනෙ අකුරු "




" පොඩි අයට ඕවා තේරෙන්නේ නෑ "


" පිස්සු.. තමුසෙට වඩා මාසයයි බාල "



" හවස් වෙන්න කලින් පිටු තුන හතරක්‌ වත් ඉවර කර ගන්න ඕනී. බලලා ඉවර නම් දෙන්න. මට‍ ලියන්න ඕනී... "


පොඩි එකාගේ වැඩ වලට කේන්ති මට‍. මේකා මගෙ කාලේ කන්න ඇවිල්ලනේ. එහෙන් මට පාඩම් වැඩත් ගොඩ ගැහිලා.




" ආ ආ ගන්නවා ඉතින්. ඒ කිරි එකක් වත් හදලා දෙන්නකෝ. තිබහයි ඕයී මට‍ "


" කුස්සියේ කිරිපිටි සීනි තේ කොළ තියෙනවා. මටත් එක්ක හදා ගෙන එන්න. මටත් තිබහයි හරීයට ''


" ගෙදරට ආපු මනුස්සයෙක්ට සලකන විදිහ අන්තිම කැතයි තමුසේ.  අනිත් මනුස්සයා ගැන කිසිම තැකීමක් නෑ. ඇත්තටම ඕයී තමුසේගෙ පෙනුමට වෙන්නැති වලව්වේ පොඩි හාමු රැවටෙන්න ඇත්තේ. දැක්ක ගමන් මාත් හිතුවේ හරි අහිංසක කොල්ලෙක් කියලා. පව් තමුසෙගෙ මිනිහා. "




පුතා අප්පච්චි එක්ක පොලීසියට ඇවිල්ලා ගෙදර යන්නැතුව මෙහෙ ඇවිල්ලා වට්ටි අම්මෙක් වගේ කියවනවා උදේ ඉදලා ඉවරයක් නෑ .  අප්පච්චි උපපොලිස් පති වුනාට පුතා නම් ගන්න දෙයක් නෑ තනිකරම කට වක්කඩක් . වැදගත් විදිහට තැනකට ගිහිල්ලා හැසිරෙන්න වත් දන්නෑ. මන් අරහෙම කිව්වට පස්සේ ඒකා මටත් බැන බැන කුස්සියේ පැත්තට ගියා. මට‍ වෙලාවක් තියෙනවා නම් කිරි හදන එක මහලොකු දෙයක් නෙවෙයි.





" ම් රසද දන්නෑ "



" විස්කොතු ඇති උඩ රාක්කේ බෝතලේකට දාලා අරන් කන්න "



" අයියෝ කලින් කියන්න එපැයි. වාඩි වුණා විතරයි "


" ඔයයි අර ඇමති පුතයි එක්ක සම්බන්දයක් තියෙනවද "

මන් එහෙම කියද්දී ඒකට ඉස්පොල්ලෙත් ගිහිල්ලා කැස්සත් කැස්සා.






අත් වැරැද්ද ( Ongoing )Where stories live. Discover now