විසිපස්වැනි කොටහා

355 31 12
                                    








" මන් මෙයාට බෙහෙත් දාන්නම් දරුවෝ. ඔයා පොඩ්ඩක් වත් බය වෙන්න කරදර වෙන්න ඕන්නෑ නිර්මාල්. මේ වලව්වේ මෙයා කොයිම වෙලාවේවත් තනිවෙලා නෑ. මන් බලා ගන්නම් මෙයාව. නිලූෂ ඔයාගේ අතට දාන්න ඕනී බෙහෙත් මයෙ කාමරේ තියෙන්ටේ. නිදා ගන්න කලින් එන්න "

එහෙම කියෙලා පොඩි බේබී හාමු ආයේ හැරිලා යද්දි නිර්මාල් බලන් හිටියේ මයෙ දිහා.


කොල්ලට මොනා හිතුනද දන්නෑ මයෙ හාමු මහත්තයා අරෙහෙම කියද්දී. ඒත් වැඩි වෙලා යන්ට කලින් ඒත් එක්කම මයෙ ළගට ඇවිල්ලා මයෙ කකුලක් බදා ගත්තේ නුරාද වෙද්දී නිර්මාල් අපි දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බැලුවේ වෙන්නේ මොකක්ද කියලා හිතිලා වෙන්නැති.


" ආ මේ නිර්මාල් මට‍ යන්න ඕනී වතුර ටිකක් බොන්න ආවේ. "

මන් වතුර ටිකකුත් බීලා පැටියා එක්කලා මයෙ කාමරේට ආවේ නිර්මාල් අපෙ දිහාම බලන් ඉද්දි.


" පැටියෝ අප්පච්චි නේද ආ අයියා ළගට මයෙ චන්ඩි කොල්ලව එව්වේ ආ "

මන් ඒ කම්මුලට හාද්දක් දීලා එහෙම කියද්දී කොල්ලා හිනා වෙලා මයෙ ඇදෙ පෙරලුනේ එයාගේ චූටි වලස් පැටියවත් බදා ගෙන.



" අහ්හ් බේබී හාමු හෙ මින් "

" ඉන්ට පොඩි එකෙක් වගෙ බෙරිහන් දෙන්නැතුව. ඕන් දැන් ඉවරයි "

අතේ තිබ්බ තුවාලේට දමාගෙන හාමු මහත්තයා බෙහෙත් දාද්දි මට හික් ගෑවුනේ බෙහෙත් වලට දැවිල්ල අල්ලන්න පටන් ගත්ත නිසා.



" නුරා.... ද පැටියෝ මේක කබඩ් එක ඇතුළට දාන්න "

පුංචි මේසෙට වෙලා කතන්දර පොතක්‌ බලාගෙන රූප වගයක් ඇද ඇද හිටපු චූටියාට කතා කරත් හරි ඒකා දුවගෙන දුවගෙන ඇවිල්ලා හාමු අතේ තිබ්බ බෙහෙත් පෙට්ටිය අරගෙන කබඩ් එක ඇතුළට දැම්මා.



" මොකෝ පැටියා දිහා බලන් කරන්නේ ආ... "

නුරාද දිහා බලන් හිටපු මට හාමු එහෙම කියද්දී මන් බැලුවේ හාමු දිහා .

" මේ අවුරුද්දත් ඉවර වීගෙනනෙ එන්නෙ. ජනවාරි පෙර පාසලට පැටියව භාර දෙන්න වෙයි නේද හාමු "

අත් වැරැද්ද ( Ongoing )Where stories live. Discover now