පනස්හත්වැනි කොටහා

216 33 10
                                    

" මේ දරුවා අර වලව්වේ තේ වත්තෙ වැඩට ආපු කොල්ලා කිව්වා නේද "


















මන් පහු වෙනිදා හවස ගියේ අපෙ ගමේ ඉන්න වෙද රාළ මහත්තයව හම්බෙන්න. දවස් දෙකකුත් ගිහිල්ලා ඉවර වුණාට මයෙ කොල්ලට වරින් වර එනවා ඒ හිසේ කැක්කුම.




" මේ එහෙමයි වෙද රාළ. දැන් නම් මෙයා තේ වත්තෙ වැඩ කරන්නෑ. පොලීසියට බැදුනා . ඉන්නෙත් දැන් අපි තුන් දෙනාම ක්වාටස් එකක "

" ම් ඒක හොදයි. පොඩි එකාට දැන් කතා කරන්න පුළුවන් ද හොදටම "

වෙද රාළ මයෙ ඔක්කේ වාඩි වෙලා හිටපු නුරාද දිහාටත් බැල්මක් දාලා එහෙම කියද්දී මන් ඔලුව වැනුවා





" චූටි හාමුගේ නම මොකක්ද ම්.... "

" නුලාද අහස් මනමේදන් "

කොල්ලා එහෙම කියලා ආයේ වටපිට බල බල හිටියේ මයෙ පපුවට හේතතියකුත් දාන්.


" මන් ඔය තුන් දෙනාටම මාල තුනක් දෙන්නම්. හැබැයි මාලය විතරක්ම මදි. ඔයාලා තුන් දෙනාම උදේ හවස අනිවාරෙන් බුදුන් වැදලා මේ පිරිත් ටික තේරුම් අරන් කියන්නත් ඕනී. අපි බලමුකෝ ටික දවසක්. හාමු මහත්තයට පැය දෙකක් මෙහෙ ඉන්න පුළුවන්ද "

" පුළුවන් වෙද රාළ "

" තුන් දෙනාම එහෙනම් ඇතුළට යන්කො. මන් මේ මාල තුන පිරිත් කරන්නම් "

වෙද රාළ මහත්තයා ඇතුළට යද්දි මායි නුරාදයි නිලූෂයි ඇතුළේ හාන්සි පුටුවලින් ඉද ගත්තා.




" මොනාද වෙද රාළ ඔය කොළේ ලියලා තියෙන්නේ හාමු "

" අහ් බලන්න අමතක වුණා නේ "

උදේට බුදුන් වැදලා රතන සූත්‍රයයි කරණීයමෙත්ත සූත්‍රයයි මෝර පිරිතයි හවසට මෝර පිරිතයි ආටානාටි සූත්‍රයයි. ඊට පස්සේ පිරිත් පැන් ඉන්න තැනට ඉහින්න කියලා තිබ්බේ. මන් ඒ කොළේ කියවද්දී නිලූෂත් ඒ කොළේ කියවලා මයෙ දිහා බැලුවා.













" ආ ගන්න.....  මේ දරුවගේ ඔලුවට මේ බෙහෙත් තෙල් එක ගාන්න. මතක ඇතුව මන් ඉස්සෙල්ලා කිව්ව‍ ටික ඒ විදිහටම කරන්න. ඒවා තමයි ලෝකේ තියෙන බල ගතුම ආරක්ෂක යන්ත්‍ර මහත්තයා. විශ්වයේ තියෙන බලගතුම ශක්තිය තමයි හාමු බුද්ධ ශක්තිය. වෙන වෙන අදුරු ශක්තින් වලට ඒවා අභිබවා යන්න තියා හිතන්නවත් බෑ හාමු "

අත් වැරැද්ද ( Ongoing )Where stories live. Discover now