"තමුන් කොහෙද ඔය යන්නේ ?
" නිදාගන්න ඕයි..
" ඔය ඇඳ මගේ..
" එතකොට මං ඉන්නේ කොහෙද ?
" වෙනදා වගේම බිම..
" බිම..? වට් ද ෆක් ඕයි.. මං මොකටද බිම ඉන්නේ ... උබට ඕනි නම් බිම හිටපන් .. ත්‍රිබල් ඇඳක් තියාගෙන බිම ඉන්න මට සයිකෝද ?
මං ආය ඇඳට ගිහින් බිත්තියේ කොනට රෝල් වෙලා සීට් එකකුත් ඔලුවේ ඉදන් පොරව ගත්තා .. ඇත්තටම මට නිදිමතයි ..
" තමුන්.. බහිනවා බිමට ..
" සටාප් ඕයි කනක් ඇහිලා නිදාගන්න දීපන් නැත්තන් උබ පලයන් එලියට ..මඟුල..
මං අරූට කොට්ටෙකින්ම් දීලා ඇදලා ආය අනිත් පැත්තට හැරිලා නිදාගත්තා ..
" තමුන් දැන් ඒ මොකද්ද කරේ ? තමුසේ මට ගැහුවාද ඒ.. ? වින්ධුර් නැගිටිනවා ...
ශිට් මේ පිස්සා එක්ක නිදාගන්න පුලුවන් ද.. මට මුගේ ඔලුව හිල් වෙන්න අනින්න හිතෙනවා .. අයියා මූ එක්ක එච්චර හොදින් ඉදලා නෑ වගේ. ඊටත් මූ අයියාට සෑහෙන්න වද දීලා වගේ.. මෙච්චර ඇඳක් තියෙද්දි අයියා ට බිම නිදාගන්න දීලා තියෙන්නේ මූ. හොර ගෑනි එක්ක නිදාගන්න ද ඇඳ පරිස්සන් කරන්නේ බල්ලා.. හිටපන් මේ සින්ධුර්ගෙන් තමයි උබ පාඩමක් ඉගෙන ගන්නේ ගස් නරියා.. මූනේ තියෙන ලස්සන මූගෙ හිතේ නෑ අවලං නස් නරි නිට්ටෑවා..
" වින්ධුර් උබ මේ රූම් එකේ ඉන්නෙත් දාදා නිසා .. නැත්තන් මං උබව මෙතනින් එලියට ඇදලා දාලා ගොඩක් කල් .. උබ මනුස්සයෙක් නෙමෙයි අමු තිරිසනෙක් .. නැගිටලා අයින් වියන් ඔතනින් .. මගේ දේවල්වල උබේ හුස්මක්වත් වඳිනවාට මං කැමති නෑ "
අරූ පිස්සෙක් වගේ තරහෙන් උනත් වැඩිය සද්දේ ඇහෙන්න නැති වෙන්න බෙරිහන් දෙනවා .. ඒ වචන මගේ කේන්තිය උපරිම අව්ස්සනවා.. මූ මගේ අයියා ට නේද මෙහෙම බනින්නේ .. මං දත්මිටි කාගෙන ඉවසන් හිටියේ බොහොම ආමාරුවෙන් ...
" උබට ඇහෙන් නැද්ද .. සිංහල තේරෙන් නැද්ද .. ඔතනින් බැහැපන් බිමට ...කිව්..අහ්..
තවත් ඉවසන්න බැරි ම තැන මං අරුගේ හොම්බටම කකුලෙන් පාරක් ඇනගෙන ඇඳෙන් බැස්සා.. නහය කැඩෙන්න ඇති ඇන්න පාරට.. නහායත් අල්ලන් පොර අඩියක් පස්සට ගියා..
YOU ARE READING
රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story
Non-Fictionදෛවයේ ලියවිලා තියෙන්නේ මගේ නම ඉස්සරහින් උබේ නම බන් .. -🦁💚- අනේ උබ හු#හන් මහත්තයෝ .. මගේ ජිවිතේ සිකුරු පච වෙලා සෙනසුරු උච්ච වෙලා මං කිච වෙලා තියෙන්නේ .. දෛවය රෝල් කරලා ගහනින් උබේ #කේ @#&*// - 🐰❤️-