ඕතර් pov (ලමායි අපි යන් සිරිමලා අයියා මැරුනු දවසට එහෙනම් 🤝)
රක්ෂත් හිටියේ වැව් බැම්මේ ඔහේ ඇවිදින ගමන් .. ධූර්ගේ සමහර හිතුවක්කාරකම් ගැන රක්ෂත් ට රිද්දුවේ නෑ කිව්වොත් බොරු.. අදත් උනු සිද්දිය රක්ෂත් ට පොඩි තරහාක් ගෙනත් තිබුනා.. ධුර්ට මොනවා උනත් වටින් නෑ සිරිමලා ට එහෙම කතා කරන්න .. සිරිමලා ධූර්ට සෑහෙන්න ආදරෙයි කියලා රක්ෂත් හොදටම දන්නවා .. ධූර්ට ඇයි තේරෙන් නැත්තේ එයාට ආදරේ කරන අයට රිද්දන් නැතුව ඉන්න .. සින්ධුර් හැදෙන විදිහ රක්ෂත් මුල ඉදන් දැක්කා.. දවසින් දවස ලොකු වෙන කොල්ලාගේ දඟකාර කම් මුරන්ඩු කම් ඔක්කොටම වඩා හොදට දැක්කේ රක්ෂත් .. සමහර වේලාවට සින්ධුර්ගේ හැසීරිම් රක්ෂත් ව පුලුවන් තරම් යකා අව්ස්සන ගානට වැඩි උනාත් රක්ෂත් ට කරන්න දෙයක් තිබ්බේ නෑ බලන් ඉන්නවා ඇරෙන්න .. මොකද ලංකාවට ආවත් හරි සින්ධුර් ලඟට යන එක රක්ෂත් ට තහනම් දෙයක් උනා.. සින්ධූර්ගේ මුරන්ඩු ගති මතු වුනේ වගේම හොඳටම වැඩි වුනේත් ලංකාවේදී .. හැමදේම ඈතට වෙලා බලන් ඉන්න විතරක් රක්ෂත් ට උනා.. තමාන්ගේ චූටි ටියුලිප් මල සෑහෙන්න අහිංසකයි ඒත් ලොකු වෙන්න ලොකු වෙන්න ඒ අහිංසක කම වාෂ්ප වෙලා ගියා.. සින්ධුර් තව දුරටත් රාශීගේ අහිංසක පොඩි එකා නම් උන් නෑ ..රක්ෂත් බිම තිබ්බ ගල් කැටයකට පයින් පාරක් ගැහුවා විසි වෙලා වැවට වැටෙන්න .. ගල් කැටේ වැටිලා වැවේ වතුර රුලි ගහන දිහා රක්ෂත් බලන් හිටියා. රක්ෂත් ගෙදරින් ආවේ ධූර් එක්ක හිත හොදින් නෙමෙයි .. සිරිමලා ට තමාන්ව පාවා දීලා බනිද්දිම රක්ෂත් ට ඕනි වුනේ ධූර්ගේ කන කීං ගාන්න දීලා අදින්න .. ඒත් කොහොමද .. රක්ෂත් ට බෑ එයාගේ ධූර්ට අත උස්සන්න .. කොල්ලා කරේ ඒ නිසා තරහා කාගෙනම වලව්වෙන් එලියට බැහැලා එන්න ආපු එක .. ඇවිල්ලා නැවතුනේ වැව් බැම්ම උඩ.. ඒත් හිතම හැමදාම වගේ ධූර්ගෙන් පිරිලා .. රක්ෂත් ලොකු හුස්මක් අරන් පහලට දාලා වැව් බැම්මේ තියෙන බංකුවකින් වාඩි උනා.. ඒ අස්සේ කොල්ලාට ඇහුනේ පෝන් එක ට මැසෙජ් එකක් එන සද්දේ ..
💬 raksh call ekak ganin . Ikmanin.!
ඒ මැසේජ් එක සංධීර්ගෙන්.. සංධිර් එහෙමයි කවදාවත් මැසෙජ් එකක් නොදා කෝල් ගන් නෑ .. ඒක සංධීර්ගේ පුරුද්දක් .. රක්ෂත් සංධිර් ට කෝල් එකක් අරන් පෝන් එක කනේ තියාගත්තා..
YOU ARE READING
රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story
Non-Fictionදෛවයේ ලියවිලා තියෙන්නේ මගේ නම ඉස්සරහින් උබේ නම බන් .. -🦁💚- අනේ උබ හු#හන් මහත්තයෝ .. මගේ ජිවිතේ සිකුරු පච වෙලා සෙනසුරු උච්ච වෙලා මං කිච වෙලා තියෙන්නේ .. දෛවය රෝල් කරලා ගහනින් උබේ #කේ @#&*// - 🐰❤️-