14 වෙනි රාශිය 🦁🐰

806 101 48
                                    

" උබලා ඔය කියන්නේ අර වාඩියාවත්තේ සිසිර ගැනනේ..

" ඔව් ඌ තමයි චන්ගා..

" ෂිට් අපි මහා මොක්කුද බන්.. ඇයි අපි ඌව එදාම මැරුවේ නැත්තේ...

වාඩියාවත්තේ සිසිර කියන්නේ අවුරුදු හැටක විතර නාකියෙක්.. ඌගේ පුතා ලංකාවේ නම ගිය දේශපාලකයෙක්.. ඌ රඟන්නේම පුතාගේ ගැම්මෙන් .. ඌට තියෙන්නේ පුදුම ඇම්මක්.. කෙල්ලෙක් පේන්න බෑ පොල්ල කෙලින් වෙනවා .. මීට අවුරුදු දෙකකට කලින් ඕකා උසස්පෙල ලියන්න ඉන්න  කෙල්ලෙක් ව දූෂණය කරලා පොලිසියෙන් කට්ටි පැන පැන ඉද්දි මං අල්ල ගත්තා.. ඇත්තටම අර කෙල්ල අපේ සෙට් එකේ කොල්ලෙක්ගේ නංගි කෙනෙක් .. ඌ නංගිට පන ඇරලා හිටියේ .. අම්මා තාත්තා නැතුව ඒ කෙල්ලව බලාගත්තේ.. ඒත් මේ මුඩූම නාකියා ඒ කෙල්ලව රෙප් කරලා .. ඒකිට සිහියක් පතක් නෑ .. ඒකි මාසයක්ම විතර හිටියේ සිහිය නැතුව හොස්පිටල් එකේ .. නංගිට උනූ දේ දැනගත්තා ම අර කොල්ලා කෝච්චියට පැනලා මැරුනා දුකට.. ඒක ඒ දවස්වල අපිට දරාගන්න බැරි තරම් දුකක් දුන්නූ සීන් එකක් .. අපි පොලිසියට කලින් ඒ නාකියා ව හොයාගෙන ඌට මැරෙන්න තරම් ගැහුවා .. ඒත් මැරුවෙ නෑ ඒකාව භාගෙට මරලා පොලිසියට භාර දුන්නා.. ඌගේ අහවල් තැනට මං ගැහුව පාරට මං හිතුවේම ආය මූගේ පුරුෂ ශක්තිය එන් නැති වෙයි කියලා ඒත්..

" අවුරුදු හතරක පොඩි එකියක් බන්.. තලලා මූ ඒ නොදරුවාව.. ගන්න දෙයක් නෑ .. මිනිය අඳුරගන්න ගන්න බෑ චන්ගා තැලිලා නිල් වෙලා .. මට ඇඬුනා යකෝ දැකලා .. රෝස මලක් බන් එකී පිපෙන්න හිතලවත් නැති රෝස මලක්.. මූ ..මූ.. මට ..කතා කරන්න බෑ .. බන් .. මට තරහායි චන්ගා .. අපි ඇයි මූව එදාම මැරුවේ නැත්තේ..

කොහොම ඉවසන්න ඇති ද.. ඒ චූටි අතපය අර නාකියාගේ ඇඟ එක්ක කොහොම ඔට්ටු වෙන්න ඇද්ද.. ඒ අම්මා තාත්තා කොහොම ඉවසනවා ඇද්ද.. දෙවියනේ මගේ දරුවෙක්ට එහෙම උනොත් ...මගේ ඇස් ගියේ මං ඉස්සරහා සෙල්ලම් කර කර ඉන්න මට තාත්ති කියන මගේ රෝස මල ලඟට .. එයා එහෙ මෙහෙ දුව දුව සෙල්ලම් කරනවා..  ඒ මූනේ ලස්සන හුරතල් හිනාවක් තියෙනවා .. ඒ ඇස් නිතරම මං දිහාට වැටෙනවා .. මං බලනවා දකිද්දි ලස්සන හිනාවක් ඒ මූනට එනවා.. මං දිහා බලන් " තාත්තී " ගානවා.. පොඩි දරුවෙක් උඩින් තමාන්ගේ අසහානේ පිට කරන්න .. දෙවියනේ මගේ ඇඟම හිරි වැටිලා ගියා.. ඒ දරුවාත් මේ වගේ අහිංසක රෝස මලක් වෙන්න ඇතිනේ.... මට හුස්ම ගන්න පවා අමාරු හැඟිමක් ආවා..

රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story Where stories live. Discover now