07 වෙනි රාශිය 🦁🐰

918 116 49
                                    

" අද්වික් අයියේ අපි කොහෙද මේ යන්නේ ??

" මං දන් නෑ ..

" එහෙනම් කවුද දන්නේ ?

" ඔයාගේ හස්බන්ඩ් තමයි ..

" හස්බන්ඩ් ? ආ අර පොමනේරියන් ඔටුවා.. පොඩ්ඩක් අහලා බලන්නකෝ කොහෙද යන්නේ කියලා ?

" ඇයි ධූර් සර්ට බෑද අහන්න ?

" මං ඌ එක්ක මේ කොල බොක්කෙන්ම තරහා වෙලා ඉන්නේ ...

එදා රෑ සිද්ධියෙන් පස්සේ මං රක්ෂත් එක්ක වචනයක් කතා කරේ නෑ වගේම ඌ මාත් එක්ක වචනයක් කතා කරන්න ට්‍රයි කරෙත් නෑ .. කොටින්ම කිව්වොත් දෙන්නාට දෙන්නා මූන බැලුවෙත් නැති තරම් .. අනිත් දවසේ උදේම අපි නිවැසියෝ සෙට් එකෙන් සමු අරන් ලංකාවට ආවා.. එද්දි දාදාජි කරයා අපි දෙන්නාගේම අතේ මොකද්ද ඇට අමුනපු බ්ලේස්ලෙඩ් එකක් දැම්මා.. ඒක රුද්‍රාක්ෂ අත් පලඳනාවක්ලූ. නිල් වෙරළු ඇටවලින් කියන්නේ හදලා තියෙන්නේ .. මං නම් ඔය නිල් වෙරළු දැකලා නෑ .  ඒත් ඒවාගේ ඇට තමයි දැන් මගේ අතේ බැඳලා තියෙන්නේ ..නිකම් ම නිල් වෙරළු ඇට නෙමෙයි හෙන වාරයක් මතුරලා ජප කරපු නිල් වෙරළු ඇට තමයි මේ.. මෙව්වා බංගලාදේශේන් ද කොහෙදලූ ගෙන්නලා තියෙන්නේ .. ඊලගට අර මහා ලොකු සාමීයා තමයි මතුරලා තියෙන්නේ .. නිල් වෙරළු ශිව දෙවියෝ එක්ක සෑහෙන්න සම්බන්ධයිලූ.. ඒ ඇටවල ගැටති දාර වැඩි වෙන තරමට බලේ වැඩිලූ... අනේ මන්දා ඕවා .. මටත් ඔය ඔක්කොම කිව්වේ අද්වික් අයියා මං ඇහුවාට පස්සේ .. මොනවා උනත් රුද්‍රාක්ෂ කියලා බ්ලේස්ලෙඩ් එකක් හරි අතේ තිබ්බාට කමක් නැ .. මොකද ඒ මගේ නමනේ රුද්‍රාක්ෂ .. ආ නිල් වෙරළු ගැන ඇති ඔය කියෙව්වා ආය යන් මගේ ස්ටෝරිය ට.. අර රක්ෂත් කියන කැනහිලායි මායි අද්වික් අයියායි තමයි ලංකාවට ආවේ.. රක්ෂත්ගේ   ගාඩ්ලා අරුන් මෙවුන් ලංකාවේ  එයාර්පෝර්ට් එකේ හිටියා අපි එනකම් .. උන් ඊයේ රෑම ලංකාවට ඇවිත් ද කොහෙද .. දැන් අපි මේ රථ පෙරහැරකින් කොහෙද මන්දා යනවා යනවා ඉවරයක් නෑ .. මං දන්නේ අපි දැන් ඉන්නේ මහා නුවර කියලා විතරයි .. රක්ෂත් අපි යන වාහනේ ඩ්‍රයිවර් සිට් එකට එහා පැත්තේ සිට් එකේ ඉඳගෙන යද්දී පිටිපස්සේ මාත් එක්ක හිටියේ අද්වික් අයියා .. මෙච්චර වාහන තියෙද්දි මේ මුඩුම රක්ෂත් මේ වාහනේටම නැග්ගේ මොන මඟුලකට ද මන්දා .. මූ නිසා නිදහසේ කතා කරන්නත් නෑ අද්වික් අයියා එක්ක.. දොන්ත බබක්කා වගේ අප්පා මේ රක්ෂත් කරයා.. හිනාවක් ඇත්තේම නෑ ඒ මූනේ.. ඊටත් වචනයක් කතා කරන්නෙත් නෑ මං එක්ක .. මොකට ආවාද මන්දා මේකටම මූසල ගෙවලයා... ඌ ඉන්න නිසා මං අද්වික් අයියා එක්ක රහසින් වගේ කතා කරේ..

රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story Where stories live. Discover now