25 වෙනි රාශිය 🦁🐰

415 64 39
                                    

"හේ මෙරිබත් බෙරිබත් සද බඩ බුරිබත්
කලිමෙක තොරා දෙක අලුබත් මුරිබත්
මෙරා බිජ සික මෙකෙ රිපිට්ටම අර නෙක
සාල මයිනේ ටෙරෙ මුහ් පේ  මාරේ මුක්කාආහ් පුහ් පුහ් පුහ්..."

වත්තෙන් කඩන් ආව දෙහි ගෙඩි තුන කහා වතුර එකේ ඔබලා ගිරේට තියලා අරන් මං තුන්වටයක් මගේ ලඟ බිම ඉදගෙන ඉන්න සිරිමලාගේ ඔලුව වටේ කැරකුවා..

" ආනේ ඒ මොකද්ද සින්ධුර්ගේ අයියේහ් මන්තරයක් ද ?

සිරිමලා මට වැදගෙන ම අහනවා මං කිව්වේ මන්තරයක් ද කියලා .. ඌ දන් නෑනේ මං කිව්වේ හින්දි සිංදුවක් නාන්ස්ටොප් කරලා කියලා ..

" ඔව් සිරිමලා අයියේ දැන් යකෙක් තියා මොන මල පෙරේතයෙක්වත් අයියා ලඟට එන් නෑ ඕන් ... මගේ මන්තරේ සත්තමයි . එස්වාහ් පුහ් ..

දෙහි ගෙඩි තුන ඌගේ ඔලුවට ම කරලා කපලා මං ඒකාගේ නලලෙන් රතු මොට්ටුවක් තිබ්බා .පියා නැන්දාට හොරෙන් කුස්සියෙන් උස්සපු මිරිස් කුඩුයි රූම් එකෙන් හම්බුන කොන්දේ අමාරුවටද මන්දා රක්ෂත් ගාන බාම් එකෙන් ටිකකුයි කලවන් කරලා තමයි මං මේ මොට්ටුව තියන්න ආලේපනය හැදුවේ . මං දැන් දේවාලයක් දාන්න ඕනි මනුස්සයෙක් .. එදා ගෙදර උනු සීන් එකෙන් පස්සේ සිරිමලා බය වෙලා රූම් එකෙන් එලියට බහින් නැතුව ඉන්නවා කියලා මට කිව්වේ දේවේෂ් ..ඌ කියනවාලූ  ඌ වටේ යක්කු කැරකෙනවා ඒ නිසා රූම් එකෙන් එලියට එන් නෑ  කියලා .. ඌට එදා යකා ගැහුව මාව දැකලා සිහියත් නැති උනාලූ.. සංධිර් ඌව චෙක් කරලා කියලා තියෙන්නේ හිත බය උනු නිසා මූට මෙහෙම වෙලා තියෙන්නේ කියලාලු... මට යකා ගැහුවේ සිරිමලා බය වෙලා තියෙන්නේ .. හරි මඟුලක් තමයි .. කොහොමෙන් හරි මූව බය නැති කරලා රූම් එකෙන් එලියට ගන්න එපැයි .. ඒ වෙනුවෙන් තමයි මං මේ ලෙඩාදුකා කියලාත් අමතක කරලා දේවාලේක කපුවෙක් වගේ මන්තර මතුරන්න ගත්තේ .. මට යකා ගහපු එකෙන් බේරුනෙ දේව වරමක් තියෙන නිසා කිව්ව මං ඒ බලෙන් සිරිමලා වටේ දැන් ඉන්න යක්කු ඔක්කොම එලවනවා කිව්වම සිරිමලා මට වැන්දේ බිම බඩගාගෙන.. මට වරමක් නෙමෙයි තියෙනවා පකක්..

" ආනේ මල්ලියා මට දැනෙනවා මේකේ බලේ.. මල්ලියා ඇඟිල්ල නලලෙන් තිබ්බා විතරයි මට දැනුනේ සීතල වෙලා යනවා දැන්  ගිනි ගන්නවා වගේ.. දනවා අයියෝ..

රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story Where stories live. Discover now