30 වෙනි රාශිය 🦁🐰

740 81 54
                                    

" මට ඔහොම කරන්න එපා අශු .. අඳුරන් නැති ගානට ඔහොම ඉන්නේ මාත් එක්ක මොන තරහාක් හිතේ තියන් ද.. අඩුම ඒක කියලා මඟ ඇරපන් ..

ඈ කවුද යකොව් ඒ නහයෙන් අඬන්නේ. සංධීර් කොල්ලාගේ වගේ වොයිස් එක . ඒ  දුක්බර කටහඩ ඇහිලා මට තිබ්බ කක්කි බරත් නැති වෙලා ගියා .. කම්මැලි නිසා වලව්වේ වත්ත පූරා රවුම් ගහලා පේර ගස් බඩ ගාලා කඩාගත්ත පේර ගෙඩි ටිකත් දෝත දරාගෙන එද්දි ඉන්න බැරි කක්කි බරක් ලෝඩ් උනු නිසා ලඟම තියෙන වලව්වේ පිටිපස්සේ ටොයිලට් එකට රිංගන්න එද්දි සංධීර් දුක්බරව නහයෙන් අඬනවා මට ඇහුනේ ටොයිලට් එකේ ඉස්සරහා පෙදෙසින්.. ටොයිලට් එකේ පිටිපස්සට කවර් වෙලා මං හොරෙන් අහන් හිටියේ ඕපදූප හොයන්න නෙමෙයි වලව්වේ ඉන්න මිනිස්සු ගැන දැනුවත් වෙන එක වැදගත් දෙයක් නිසා .  නැත්තන් මට ඔය හොරෙන් අහන පුරුදු නෑ .. සංධිර් කාත් එක්ක හරි කෝල් එකකද නැත්තන් තවත් කවුරු හරි මෙතන ඌ ගාව ඉන්නවා ද .. ඒත් අශූ කියලා කවුරුත් වලව්වේ නෑනේ . රක්ෂත්ගේ ගාඩ් කෙනෙක් හරි ඉන්නවා ද දන් නෑ .. කෝකටත් මට එබිලා ම බලන්න වෙනවා සංධිර් මොකද මෙතන කරන්නේ කියලා ..

" ධීර් අපි ඔය කතාව දැන් නවත්තමු .. මේ හිටියා වගේම මාව අඳුරන් නැති ගානට දිගටම ඉන්න ..

හෑ සංසාරිගේ අප්පාට හික්කඩු යන්න කිව්වාලූ. ඒ ඇහුන වොයිස් එකෙන් මගේ අතේ තිබ්බ පේරගෙඩි ටිකත් බිමට අත ඇරුනා බොග් ගාලා ..හොදවේලාවට බිම තණකොල තියෙන්නේ ඒ නිසා සද්දයක් ආවේ නෑ .. නැත්තන් බඩු බනිස් වෙනවා මුන් හැංඟිලා ඉන්න මාව දැකලා ..

" වට් ද ෆක් මචං සංසාරී .. වේෂ මමීයා කවද්ද අශූ උනේ..ආශු කෑල්ලක් කොහෙද මේකාගේ නමේ.. දේවේෂ් අස්මික .. අශූ පකක් උගේ නෑනේ ??

මං මට ම කියාගන්න ගමන් ටොයිලට් එකේ බිත්තියේ එල්ලිලා ම එහා පැත්තට ඔලුව දාලා බැලුවේ සංධිර් එක්ක ඉන්නේ දේවේෂ්ම ද කියලා තහවුරු කරගන්න ..මොකද මට විශ්වාස නෑ සංසාරී ඒ ඌද කියලා .. ඇස්දෙක ට හෙන ගහන්න වගේ ටොයිලට් එක ඉස්සරහා සංධිර් එක්ක කුටු කුටූ ගාන්නේ අපේ එකා තමයි .. ඉස්සරහා තියෙන ගහකට අපේ එකා හේත්තු කරගෙන අපේ එකාට උඩින්  ඒ ගහට අතකුත් තියන්  මූනට එබිලා කියවන්නේ සංධිර් තමයි .. සංධිර් උසයි අපේ එකා කොටයිනේ.. සංධිර් අපේ එකාව දන්නේ කොහොමද .. අපේ එකා සංධීර් ට කතා කරෙත් ධීර් කියලා .. යකොව් සංසාරී මූ මගේ වයසේ නිසා මූ යන හැමතැනම මාත් එක්ක හිටියේ . මට හොදටම සුවර් මූට සංධීර් කියලා යාලුවෙක් හිටියේ නෑ .  මුන් දෙන්නා ෆේස්බුකිය ඔස්සේ සෙට් වෙලා ද..දැන් ඇයි එතකොට අඳුරන් නෑ වගේ හැසිරෙන්නේ . ප්‍රශ්න කෝටියක් හිතට එද්දි මං තවත් ටිකක් උන්ගේ කතාවට ඇහුම්කන් දුන්නා ..

රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story Where stories live. Discover now