39 වෙනි රාශිය 🦁🐰

668 75 92
                                    

රක්ෂත් ආය ආව එකට මේ ගෙදර මිනිස්සු රතිඤ්ඤා දැම්මේ නැති ටික විතරයි .. ඌව ආය දකින්න ලැබුනාට මුන්ට හරි හැපි.. ඔක්කොටම වඩා මගේ පොඩි එකා ට සතුටුයි අප්පච්චී දැකලා ..

" අප්පත්ති වතේ දියාත අප්පත්තී .. ??

කාලා වරෙන්කෝ මඩු මාලූ කිව්වාලු.. පොඩි පගයා හැදෙනවා අන්තිමයි .. අප්පච්චී වටේ ගියාද කියලා නේද මූ අහන්නේ .. ඌ අප්පච්චී කෝ අහද්දි මං නේ කිව්වේ ඌ වටේ ගියා කියලා .. පොඩි එකා අතට අරන් රක්ෂත් කෙලින්ම බැලුවේ මං දිහා.. ඒකත් කන්න වගේ රවලා .. පොඩි පගයා ගිනි අවුලලා උගේ අප්පච්චීගේ වැවිලා තියෙන රැවුල් ගස් ගනන් කරනවා.. හිච්චී රක්ෂත් තෝත් තොගේ අප්පා වගේමයි තාත්ති උනු මගෙ ඔලුවම කාපන්..

" ම්හ්ක් රක්ෂත් ඔයාට පුතා වඩාන් ඉන්න පුලුවන් ද අනේ ඔය අත රිදෙන්න් නැද්ද ?

" නෑ..

ඤැහ් තමයි උබට කොහෙද රිදෙන්නේ .. උබ අලි මස්ද කන්නේ කිසිම දෙයක් දැනෙන් නෑනේ .. මුගේ ඔලුවේ පදාසයක් ගැලවිලා ගියාත් මූ කියන්නේ රිදෙනවා ද ඇහුවාම නෑ කියලා තමයි ..රිදෙනවා කියන්න බෑ මුගේ කට ගෙවෙනවානේ.. මුන් මිනිස්සු ද සංසාරී ..

ම්ම්ම්ම්මාහ් අප්පත්තී ..

ඔව් ඔව් ඉබපන් ඉබපන් උබටත් පුතේ අප්පා දැක්කාම මාව අමතකයි .. හොදට ඉබපන් ඕකා ආය අතුරුදන් වෙයිද කවුද දන්නේ පිස්සු පරයා..මැරුවාත් මදි ඕකාව මට දෙන දුක් ගින්නට.. මං ඕකාව මරලා කනවා අමුවෙන්ම දවසක..

" මට පට්ට සතුටුයි අප්පා .. අයියලා තුනම සෑහෙන්න කාලෙකින් දැක්කේ එකට..

ඒ අස්සේ ඉෂාන් මල්ලි මේධ්‍ය අයියා අයියගේ කරේ එල්ලිලා බෙරිහන් දෙනවා .. ඇත්තටම ඌගේ මූන පුර හඳ වගේ බැබලෙනවා.. රෝයල් ෆැමිලි එකේ කුමාරවරු හතරම අද එකට.. හතරදෙනා ම සතුටින් ඉන්නේ .. ඉෂාන් මල්ලි අයියලා තුන්දෙනා බදාගන්න එකේ සීමාවක් නෑ .. මේධ්‍ය අයියා සෑහෙන්න සන්සුන් නිවුනු චරිතයක් වගේ. එයා හිනා වෙද්දී අහිංසක පාටයි..එතකොට රක්ෂත් එකෙන් ම නපුරු පාටයි.. ගෞරව්ට තියෙන්නේ සෙල්ලාක්කාර ලුක් එකක්..ඌ පැනියානේ.. එතකොට පොඩි එකා ඉෂාන් මල්ලි ඌ දඟකාර පොඩි පගයෙක් වගේ.. එකෙක් ට එකෙක් පැරදෙන් නැති හැන්ඩ්සම් ලුක් එකක් මුන් ඔක්කොටම තියෙන්නේ .. හතර දෙනා ම සූරයෝ වගේ.. මුන්ගේ සහෝදර ප්‍රේමය දැකලා මට ජන්ගාව මතක් උනා .. එයාත් මාත් එක්ක හිටියානම්... ඔන්න ඔන්න ඌ මතක් වෙද්දී මට දුක හිතෙනවා ..

රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story Where stories live. Discover now