22 වෙනි රාශිය 🦁🐰

366 67 38
                                    

රක්ෂත් pov :

මං හිටියේ තරහෙන් .. මට පාලනය කරන්න අමාරුම දේ ඒක .. ධූර් කියන්නේ මේ ලෝකේ මට වටිනම දේ වෙද්දී එයා එක්කම මං දැන් ඉන්නේ කියාගන්න බැරි තරහකින්.. ධූර් ඉන්නේ අසනීපෙන් අමාරුවෙන් ඒත් මට කේන්තිය පාලනය කරන්න අමාරුයි .. ඒකාව දකිද්දිත් මට තරහා යනවා .. මං සිහිය ආව වේලාවේ ඉඳන් ඌව ignore කරා.. හිත කොච්චර පාලනය කරන් ඌට තවත් රිද්දන් නෑ කියලා හිතුවාත් මට ඒක කරන්න බැරි උනා .. ඒකා ඉන්නේ වේදනාවෙන්.. ඌ මැරෙන්න තරම් බය වෙන්න ඇති ඒ වේලාවේ ..දැනටත් ඌ ඉන්නේ බයෙන් .. ඒත් මට තරහා යන්නේම ඒකයි.. ඌ ඇයි එලියට ගියේ.. ඇයි විහින් මැරෙන්න ගියේ.. ඌ තව පොඩ්ඩෙන් මට ඌව නැති කරනවා.. දෙයක් උනා නම් මං කොහොමද මට සමාව දෙන්නේ.. අන්තිමේ මං ඌ ඉස්සරහට යන එක නවත්තලා දැම්මා.. රෑ වෙනකම්ම වෙන වැඩ එක්ක බිසී වෙලා රෑට රෑ වෙලා රූම් එකට ගිහිනුත් මං ඌ දිහා නොබලා ලැප් එක අස්සේ ඔලුව ඔබන් බිස්නස් වැඩ කරා.. ඒත් මං දැක්කා කොල්ලා මං දිහා බලන් ඉන්නවා .. මට දැනුනා ඌට මං එක්ක කතා කරන්න ඕනි කියලා .. ඒත් මට ඒකට අවශ්ථාව දෙන්න හිතුන් නෑ .. අන්තිමේ ඌ වචන ගලපන් මාත් එක්ක කතා කරාමත් මං යකෙක් වගේ කඩන් පැන්නා.. මගේ තරහා දරාගෙන ම ඌ හාවෙක් වගේ පටල පටල බනීගේ අම්මා ගැන ඇහුවා .. බනීගේ අම්මා කියන්නේ ම මගේ ජිවිතේ ආදරණියම මතකයක් වෙද්දී මටත් නොදැනීම මං ධූර් එක්ක දොඩමලු උනා.. මට විනාඩි ගානකට තරහා අමතක උනා ..ඒත් ධූර් රිතූ ගැන අහද්දි මට ආය යකා නැග්ගා වගේම මං ඌට කෑගහන්ම රූම් එකෙන් එලියට ආවා..

" අයියා කොහෙද ඕයි දුවන්නේ උඩ බලන් ?

ගිය වේගෙට මං දිව්‍යාන්ෂ්ගේ ඇඟේ හැප්පෙන්න යද්දී ඌ බය වෙලා වගේ මගෙන් කොහෙද උඩ බලන් යන්නේ ඇහුවා .. ඇත්තටම මට තේරෙන් නෑ මට වෙලා තියෙන මඟුලක් ..

" කොහෙවත් නෑ .. අර අරූට ප්‍රියානිට කියලා පිටි එකක් හදලා ගිහින් දීපන් දිව්‍යාන්ෂ් .. රෑට හරියට කෑවේ නෑ බඩගිනි ඇති ..

" හා. ඒත්...

දිව්‍යාන්ෂ් තවත් මොනවාද කියවන්න හදද්දි මං ඌවත් මඟ ඇරලා මිදුලට ආවා.. මිදුලේ කොනක තිබ්බ බංකුවේ ඉඳගෙන මං ඈත අහස දිහා බැලුවා .. පෝය ලඟ නිසා හඳ ලස්සන ට පායලා.. හරියටම මීට අවුරුදු ගානකට කලින් ඊයේ වගේ දවසක උනු දේවල් එකින් එක මතක් වෙද්දී මගේ ඔලුව තවත් ටිකක් අව්ල් උනා.. එදා පෝය දවසක්.. ඒ වගේම මගේ ජිවිතේ තිබ්බ ජරාම දවස.. මගේ ධූර් ව මගෙන් වෙන් කරන්න වැඩ සිද්ද උනු දවස.. මං වැඩියෙන්ම බය උනු දවස.. පලවෙනි වතාවට මං කෑගහහා අඬපු දවස..  මං වෙනුවෙන් නැතුව මගේ ධූර් වෙනුවෙන් එයාව ආරාක්ෂා කරන්න ජිවිතේ යැද්ද දවස.. ජායිපුර්වල මාලිගාව කනපිට ගැහුන දවස.. ඉතින් ඊයේ ගෙවුනේ අවුරුදු ගානකට පස්සේ  හරියටම ඒ වගේ මතක පිරුන දවසක්.. එතකොට අද දවස ගත්තොත් ධූර් මගෙන් වෙන් උනු දවස.. අදට හරියටම අවුරුදු දහයක් ..

රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story Where stories live. Discover now