" රක්ෂත් මාව මැරුවා චන්ගා "
"නෑ.. ඒක ඇත්ත නෙමෙයි .. ඒක වෙන්න බෑ "
" ඌ තමයි ඔක්කොම කරේ.. ඌ උබවත් මරයි..
" අහ්..
මං එකපාර බය වෙලා ඇහැරුනේ ජන්ගාව හීනෙන් දැකලා .. රක්ෂත් ජන්ගාව මැරුවේ කියලා මට විශ්වාස කරන්න බෑ .. ඒක විකාරයක් එහෙම වෙන්න බෑ .. ඊටත් මට ජන්ගා විදිහට මෙහෙම වද දෙන්නේ අර එදා ආව අසහානකාර අමනුස්සයා වෙන්න ඕනි .. නැත්තන් ජන්ගා මැරිලා හොල්මනක් උනත් මට මෙහෙම වද දෙන් නෑ .. එයා මාව බය කරන් නෑ මොකද ජන්ගා කියන්නේ මට වැඩියෙන්ම ආදරේ කරපු මගේ නිවුන් සහෝදරයා .. මගේ ඇඟම වේදනායි.. හීනෙන් බය උනු පාර මට දාඩිය දාලා .. දාඩිය නිසා මගේ ඇඟේ තියෙන තුවාල වැඩියෙන් රිදෙනවා .. මං ඇඳෙන් බැහැලා ටේබල් එක උඩ තිබ්බ වතුර බෝතලේ අරන් එක හුස්මට බීලා දැම්මා.. මං හිටියේ රක්ෂත් රූම් එකට එනකම් නිදාගන් නෑ කියලානේ .. රක්ෂත් අර උඩැක්කිය ඉන්න රූම් එකට යයි කියලා මට හිතුන නිසා එය එනකම්ම නිදාගන් නෑ කියලා හිටිය මට කොයිවෙලෙද නින්ද ගියේ.. ඊටත් මට ගොඩක් වෙලා නින්ද ගිහින් ද.. රක්ෂත් රූම් එකේ නෑ .. එයා නිදාගන්න තැන කොට්ට පවා කලින් තිබ්බ විදිහමයි .. ඒ කියන්නේ රක්ෂත් රූම් එකට මේ වෙනකම් ඇවිල්ලා නෑ .. දැන් රෑ දොලහාට විතර ඇද්ද ..මං පෝන් එක අරන් වේලාව බැලුවා ..
" මොකක් පහයි..
මගේ ඇස් ටික්බෝල උනේ වේලාව පාන්දර පහයි කියලා දැකලා .. පාන්දර පහා වෙනකම් රක්ෂත් ආවේ නෑ කියන්නේ ඌ අර උඩැක්කිය ලඟට ගිහින් ඇති .. මටත් නොදැනිම මගේ අත මිට මෙලවුනා.. රක්ෂත් ව මරන් කන්න තරම් තරහාක් මට දැන් තියෙන්නේ .. මගේ නම් මගේ විතරයි .ඌ මගේ කසාද මිනිහා. ඌ ඒක අමතක කරන්න හොද නෑ .. එහෙම අමතක කරොත් මට ගොඩක් තරහා යන්න පුලුවන් ... රක්ෂත් උබට මං කවුද කියලා මතක් කරලා දෙන්න වෙයි වගේ.. මේ සින්ධුර් කියන්නේ ඌගේ දේවල් බෙදාගන්න එකෙක් නෙමෙයි .. කොටින්ම වෙස්සන්තර කෙනෙක් වෙන්න මට ඕනි නෑ ..
" අර වේ*ගේ ඇඟ උඩ නඟින්න ආස ඇති වල් බ*ලා.. මං ඕකිවත් උබ එක්කම මරලා දානවා ..
මං ඇඳෙන් නැගිට්ටා.. ඇඟට සෑහෙන්න අමාරුවක් දැනුනාත් මං ඒක ගනන් ගත්තේ නෑ .. මොකද ඔක්කොටම වඩා මේ වේලාවේ මං ඉන්නේ තරහින්.. ටවල් එකත් අරන් බාතෘම් එකට ගිය මං ෂවර් එක ඇරලා ඒක යට හිටගත්තා මාව නෑවිලා යන්න ම.. ඇඳුම්වත් අයින් කරන්න මට ඕනි කමක් ආවේ නෑ .. මං ඔහේ වතුරෙන් මාව නෑවෙන්න දුන්නා .. වතුර වැටෙද්දි තුවාල දන්න ගත්තා.. ඒත් මට ඒක වැඩක් නෑ .. සංධිර් ඊයේ ඌ කියනකන් මට තුවාල තෙමන්න එපා කිව්වා.. මං ඌ එපා කිව්ව දේම දැන් කරනවා.. ටික වේලාවක් ඉදලා මං ඇඳන් හිටිය රෙදි ගලවලා පැත්තකට විසි කරලා දැම්මා.. බාතෘම් එකේ තියෙන කණ්නාඩියෙන් මට මගේම නිරුවත පේනවා .. මගේ ඇස් ගියේ පපුව පුරා තියෙන තුවාල දිහාට .. නියපොතු පාරවල් හම කපාගෙන ගිහින් තියෙන ඒ තුවාල පාරවල් දකිද්දි මට මං ගැන ම අප්පිරියා හිතුනා .. ඒ යක්ෂයා මාව ඇල්ලුව විදිහ ආය ආය මතක් වෙද්දී මට දැනෙන අප්පිරියා ව වැඩි උනා.. ඌ මාව ජරා විදිහට ඇල්ලුවා .. මේ තුවාල ඔක්කොම ඌගේ ජරා හුස්ම මට මතක් කරනවා.. මං ඒ තුවාල උඩින් ඇඟිලි ගෙනිච්චා .. වතුර ට එවා පෙඟිලා එහෙන් වේදනායි.. ඒත් ඒ වේදනාවට වඩා මට තරහායි .. යකෙක්ගේ හුස්ම මගේ ඇඟේ වැදුනා.. හැමදේම උනේ මගේ හිතුවක්කාර කම්වලට පින් සිද්ධ වෙන්න ..
YOU ARE READING
රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story
Non-Fictionදෛවයේ ලියවිලා තියෙන්නේ මගේ නම ඉස්සරහින් උබේ නම බන් .. -🦁💚- අනේ උබ හු#හන් මහත්තයෝ .. මගේ ජිවිතේ සිකුරු පච වෙලා සෙනසුරු උච්ච වෙලා මං කිච වෙලා තියෙන්නේ .. දෛවය රෝල් කරලා ගහනින් උබේ #කේ @#&*// - 🐰❤️-