36 වෙනි රාශිය 🦁🐰

639 78 87
                                    

" ර..අ ..රක්..ෂ..ත්..

මං හිටියේ ඇස් අදහාගන්න බැරුව . මං හීනයක් දකිනවාද .. රක්ෂත් මං ඉස්සරහා ඉන්නවා .. නෑ මේක ඇත්තක් වෙන්න බෑ .. මං හිතන්නේ මට නින්ද ගිහින් .. මේ හීනයක් .. උදේ සංධිර් බැන්නාට පස්සේ මං තීරණයක් ගත්තා මගේ දරුවා වෙනුවෙන් හරි ඔක්කොම දරාගන්න .. සංධිර් කියන දෙයක් කරලා මට ඕනි උනා බනීව මං එක්ක තියාගන්න .. අනික සංධිර් කිව්වා රක්ෂත් ආය එනවා කියලා .. ඉතින් මාසෙකට විතර පස්සේ මං මත් නොවී සිහියෙන් ඉන්නේ අද රෑ .. මං හිටියේ සාලේ සොපා එකේ පොඩි ඇලට් එකක් දාන් පෝන් එක ඔබන ගමන්.... දැන් රෑ එකොලාහට විතර ඇති .. අනිත් උන් ඔක්කොම නිදි.. නැත්තන් උන්ගේ රූම්වල ඇති .. මට මගේ රූම් එකේ ඉන්න බෑ වගේ.. බනිත් රිතූ ගාව මට පාලූයි ඒ නිසා මගේ රූම් එක. ඒක අස්සේ ඉද්දි මට රක්ෂත් ව මතක් වෙනවා ..ඒ අස්සේ පියවි සිහියෙන් ඉද්දි මට නිදාගන්න ඇස් පියාගන්න බෑ සිරිමලා හිටපු විදිහ මතක් වෙනවා .. ඒ නිසාමයි මං මෙතන ට වෙලා පෝන් එක ඔබන්න හිතුවේ .. ඒත් දැන් ටික ටික ඇස් පියවෙනවා..ඇස් පියවිගෙන එද්දි ම කාගේ හරි අඩි සද්දයක් ආව නිසා මං බැලුවේ ඇස් ඇරලා . ඒත් මං හිතන්නේ මට සෝපාවේ නින්ද ගිහින් දැන් මං හීනයක් දකින්නේ . රක්ෂත් ඉන්නවා මං ඉස්සරහා මං දිහා බලන් එයාගේ පිටිපස්සේ බැගේජ් එකක් තියෙනවා .. එයා වෙනස් වෙලා . ඒ මූන පුරා රැවුල වැවිලා.. පිරිලා තිබ්බ ඇඟ ඇදිලා ගිහින්.. ඇස් පවා හරි මහන්සි පාටයි.. ඊටත් තැන් තැන්වල ප්ලාස්ටර් ගහලා .. අතක් බැන්ඩේජ් කරලා.. ඇඟේ පාට පවා වෙනස් වෙලා .. ඉතින් මෙච්චර වෙනස් විදිහට රක්ෂත් පේන එකේ තේරුමත් මේක හීනයක් කියන එක .. ඒත් මෙහෙම හරි එයාව පේන එක කොච්චර දෙයක් ද.. ලා රතු උනු එයාගේ ඇස් මගේ ඇස් එක්ක යා වුනා .. මේක හීනයක් උනාත් මගේ ඇස්වලින් කඳුලු වැක්කෙරන එක මට නවත්තන්න බෑ .. මට දැන් ඕනි එයාගේ පුරුදු ලැවෙන්ඩර් සුවදෙන් මගේ හුස්ම පුරවගන්න.. මට ඒ සුවඳ පවා දැනෙනවා වගේ.. තාමත් මං සොපාවේ ඉදගෙන ඉස්සරහා ඉන්න එයා දිහා බලන් ඉන්නවා ..

" උබ ආවාද යකෝ.. කෝල් එකක් දෙන්න එපැයි මං එනවානේ එහෙනම් එයාර්පෝර්ට් එකට උබව ගන්න..

" මට නාන්න ඕනි ..

මෙච්චර වෙලා මං දිහා බලන් හිටිය රක්ෂත් සාලේට කෑගහන් ආව සංධිර් දිහාට හැරුනේ ඒ ඇස්වලින් මාව පිච්චිලා යන විදිහට රවාගෙන ..මේක හීනයක් කියලා තවත් තහවුරු උනා .. නැත්තන් රක්ෂත් එකපාර මේ වගේ වේලාවක නාන කතාවක් කියයිද .. එතකොට මං මේ දකින්න හීනේ සංධීරුත් ඉන්නවා ..

රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story Where stories live. Discover now