54 වෙනි රාශිය 🦁🐰

604 58 256
                                    

"ඕන් ශ්‍රී රාම බ්‍රහ්ම විෂ්ණු සුරේන්ද්‍ර ශක්‍ර දිෂ්ටි වා වා ඕන්  හී්‍රං ඔඩ්ඩි පිල්ලු දේවතාවා දහසක් යගල් දොර අරවා භුවනේ යකුන් වට සිටුවා

පුජාව පටන් ගත්තේ සින්ධුර් ව ආරක්ෂක කවයක් අස්සේ ඉන්ඳලා.. අලුලුනු බිම අතුරලා තමයි ඒ ආරක්ෂක කවය හදලා තිබ්බේ .. ඒක මැද ඉඳගෙන සින්ධුර් නම් හිටියේ ඔලුවත් කස කසා උඩ බිම් බලන ගමන් .. ගුරුන්නාන්සේ කියන මන්තර ඌට ඇහෙන්නේ සජියා ජපන් කියන ගානට.. පුජාව කෙරුනේ වලව්වේ එදා සින්ධුර් ට සෙවල කකුල අහු උන කාම්මරේ .. ගොක්කොල වලින් ප්‍රේත තට්ටු හදලා රතු මල් තියලා පහන් කාම්මරේ පුරාම පත්තු කරලා අමුතු ම විදිහට කාම්මරේ තිබුනේ.. ගුරුන්නාන්සේ එහා පැත්තෙන් සතෙක්ගෙන් ගත්ත ලේ පිරිසියකුත් තියෙනවා .. සාම්බ්‍රාණි ද කොහෙද දුම් කාම්මරේ පිරිලා .. සින්ධුර් නම් හිටියේ දුම නිසා හුස්ම ගන්නත් අමාරුවෙන් .. කාම්මරේ හිටියේ ගුරුන්නාන්සේ සංධිර් රක්ෂත් සින්ධුර් විතරයි .. අනිත් කාටවත් ඇතුලට එන්න දුන් නෑ කාම්මරේ දොර වහලා දාලා තමයි පූජාව පටන් ගත්තේ ...සංධිර් හිටියේ ගුරුන්නාන්සේ ලඟ ගුරුන්නාන්සේ ට උදව් වෙන ගමන් ..රක්ෂත් කාම්මරේ පැත්තක හිටගෙන වෙන දේවල් බලන් හිටියා

"දිෂ්ටි බන්ධන කල ආත්‍ර භාවයෙන් ඔඩ්ඩි කුරුම්බර යාළුවා මාගේ මස්සිනා දිෂ්ටිලා වා වා  ඕන් හී්‍රං සව–ප්‍රදිෂ්ටි වින කපාල නේත්‍ර පෝගුවා ඉගිල පොගුවා වා ඔඩ්ඩි මස්සිනේ එක් පෑ මුක්කාලෙන් ඉරිත්තුවෙන්ඩු වෙන්නාල් ඉරිත්තු වෙන්ඩුවේන් ඔඩ්ඩියා මස්සිනේ වරෙං ඔඩ්ඩි මස්සිනා නේත්‍ර උරුන්දු ඕඩිවා ඕඩිවා...

ඒ අස්සේ ගුරුන්නාන්සේ එකම මන්තරේ දැන් කී සැරයක් ද මන්දා ජප කරා... හරියටම එකසිය අට වාරයක් ඒක මතුරන්න ඕනිලු .. දැන් දැන් සින්ධුර් ට ඇඟට අමාරු ගතියක් දැනෙනවා .. හුස්ම හිරවෙන ගතියක් එක්ක කොල්ලා ව දාඩියෙන් නෑවිලා.. ඇඳන් ඉන්න ෂර්ට් එකේ බොත්තම් දෙක තුනකුත් ධූර් කඩලා දැම්මේ හුස්ම හිරවෙන ගතිය නිසා ...කොල්ලාට දැන් දැන් දැනෙන්නේ ඇඟම ගිනි ගන්නවා වගේ.. ඌට වේදනාව ට කෙදිරි ගෑවෙන්න එනවා  .. අමාරුවෙන් ඌ වේදනාව කාගෙන හිටියේ .. මොකද ඌ බයයි ඌ වේදනාව පෙන්නුවොත් රක්ෂත් ට රිදෙයි කියලා ... උහුලන්න අමාරුම තැන උනත් ඌ දත්මිටි කාගෙන ඉවසුවා..

රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story Where stories live. Discover now