18 වෙනි රාශිය 🦁🐰

853 92 65
                                    

මුන්ව දැකලා මං සෑහෙන්න සප්‍රායිස් උනා හැබැයි .. තව පොඩ්ඩෙන් මං වින්ධුර් විදිහට ඉන්නේ කියලා අමතක වෙනවා මට ..කොහොමෙන් හරි හොද සිහියට ඇවිත් මං තුන් තුන්දෙනා ව රක්ෂත් ට වගේම ඉෂාන් මල්ලි ට අඳුන්වලා දුන්නා.රක්ෂත් ට උන් තුන්දෙනා ව මල්ලිගේ ඒ කියන්නේ මැරුන මගේ යාලුවෝ කියලා අඳුන්වලා දුන්නා.. මැරුන මං කිව්වාට මං මැරුන් නෑනේ .. මැරුනේ ජන්ගානේ.. ඒත් ජන්ගා දැන් මමනේ.. වැඩිය හිතන්න යන්න ඕනී නෑ ඔලුව බ්‍රමණය වෙනවා ...

" මල්ලිගේ යාලුවෝන්ව ඔයා දන්නවා ද ?

ඔන්න ඕක තමයි රක්ෂත් පගයා එක පාර මගේ මූන දිහා බලන් ඇහුවේ.. කොහොම හරි පටලලා පටලලා දේවේෂ් විනුෂ් ආවාම කියන්න ලෑස්ති කරන් හිටපු බොරුවම මං කියලා ඇරියා .. ඒ තමයි ඇක්සිඩන්ට් එක වෙන්න කලින් ලංකාවට ආව වේලාවේ මුන්ව අඳුනගත්තා කියලා ..

" එතකොට මෙයාලා කොහොමද ඔයා දැන් මෙහෙ ඉන්නවා කියලා දන්නේ ?

ඌට තවත් ප්‍රශ්නයක් ..

" ආ මේ චන්.. සින්... වින්ධූර් facebook ඉන්නවානේ .. අපි එවාගෙන් චැට් කරනවා.. ඒ නිසා මේ අපි ඔක්කොම දන්නවා නේහ් වින්ධුර් ?

" ම්ම්ම්

පටල පටල දේවේෂ් අමුලික බොරුවක් අත ඇරියා .. අනේ උනුයි මායි කරන චැට් .. facebook එකෙන් තාම හායි කියලාවත් දැම්මේ නෑ මං කාටවත් ... කමක් නැ ඒ බොරුවට රක්ෂත් අහු උනානේ ඒ ඇති ..

" අනාහ් වින්ධුර්ගේ නෑයෙක් ද මේ.. හරි හැන්ඩිනේහ්..

සිරිමලා ඒ අස්සේ රක්ෂත්ගේ වටේ කැරකෙනවා .. මට මූට කැරපොත්තෙක්ට වගේ සෙරෙප්පුවෙන් දමලා අරින්න හිතෙනවා චොප්ප වෙලා මැරෙන්න .. මගේ දේවල්වල ලස්සන ඌ බලන්න ඕනි නෑනේ .. බැලුවාත් සීමාවක් ඇතුව බලහන්කෝ.. එහෙම නෑ ඇලිලා ගැලිලා බලන්න යනවා ..

" යාලුවෝ ටික දවසක් ඉන්න වෙන්න ඇතිනේ එන්න ඇත්තේ.. මෙච්චර බැගෙජ් එහෙම අරගෙන ?

ඒ අස්සේ ඉෂාන් මල්ලි ඇවිත් අරුන් තුන්දෙනා අරන් ආව තඩි මලු පෙන්නලා අහනවා..මුන් මෙව්වා අස්සේ මට කන්න දෙයක් හරි ඔබන් ඇවිත් තිබ්බේ නැත්තන්නේ මං බලාගන්නේ..

රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story Where stories live. Discover now