" අනේ මනුස්සයෝ ඒයි මෙහ්.. ඕයි රක්ෂත් .. උබට කන් ඇහෙන් නැද්ද පොඩ්ඩක් බලපන්කෝ...
නෑනේ මූ බලන්නේ .. රවගෙන ඉඳගෙන ඉන්නවා මූසලයෙක් වගේ.. අපි මේ රක්ෂත්ගේ යාලුවෙක්ගේ වෙඩිමකට යනවා .. පාර පුරා ගාඩ්ලායි වාහනයි ඕනි නෑ කියලා රක්ෂත් කලු වෑන් තඩියක ගෙදර ඔක්කොම පටවන් යන්නේ .. ඌ ඩ්රයිවර් එක්ක ඉස්සරහා සීට්වලින් ඉඳගත්තේ මගේ දරු පැටියාත් අරගෙන .. ඉෂාන් මල්ලි , සංධිර් , දේවේෂ් , විනූෂ් , රිතු ඔක්කොම පටවගෙන මූ යන්නේ වෙඩිමම කාලා එන්න වෙන්න ඕනි .. නැත්තන් අනේ වෙඩිම්වලට යනවා ද ගෙදර ඔක්කොම අරගෙන .. ඌට අපිව වෙඩිමට එන මොකෙක්ටද අඳුන්වලා දෙන්න ඕනි කියලා තමයි මාවයි දේවේෂුයි වීනුෂුයි ඔබන් යන්නේ .. අපිත් කෝට්බැට් ගහන් යනවා පුරුදුත් නෑ හු*ත..ඔන්න දැන් නම් මට තරහාත් යනවා .. මේ වගේ වැදගත් ගමනක් යද්දී තරහා ගන්නත් හොද නෑ අනේ.. ඒත් මූත් එක්ක බෑනේ .. කැම්පස් ඉඳලා ගෙදර ආවාත් හරි මූ පුප්පනවා ගස්සනවා.. නොදොමකින් සින්ධුර් ...
" රක්ෂත් උබ දැන් එහෙමයි නේද ආ.. උබට දැන් මාත් එක්ක කතා කරන්න බෑ ඇට පගයා..
මං ආය බෙරිහන් දුන්නේ රක්ෂත් ඔහේ පාඩුවේ ලමයා හුරතල් කරද්දී .. මං දැන් මූව මරනවා.. මෙතන ඉන්න අනිත් පගයෝ හිනා වෙනවා මට පේනවා
" අප්පත්තී ඇත පදයා කාලූද..
" උබේ තාත්තා ...
ඈ මෙන්න රක්ෂත් ට ඩෝන් ගිහින් .. වෙනදා ලමයා මොකුත් ඔහොම කිව්වාම මට බනින මිනිහා අද ලමයා ට කෑ ගැහුවා .. මෙව්වානේ යකෝ පුදුම දේවල් ..
" ඒයි රක්ෂත් අයියා ලමයා ට කෑගහන්න එපා අප්පා ...
ඒ අස්සේ රිතු නහයෙන් අඬන්න ගත්තා .. එව්ව් මේ කෙල්ලෝ කියන්නේ නම් නහයෙන් අඩන උන්මයි.. හැබැයි මාත් විරුද්ධයි පොඩි එකා ට කෑ ගැහුව එකට..
" හරි හරි මං ආය කෑ ගහන් නෑ .. ඔය පිටිපස්සේ ඉන්න එකාටත් බෙරිහන් නොදි ඉන්න කියනවාකෝ .. ඔලුවත් රිදෙනවා මඟුල ...
ඈ මෙන්න මං මෙච්චර බෙරිහන් දීලාත් ඇහුන් නැති එකා රිතූට උත්තර දුන්නා .. ආ දැන් උබට මාව හිසරදයක් කියලා ද ඔය කියන්නේ .. හිටපන්කෝ ආය තෝට මගේ බල්ලාවත් කතා කරන් නෑ .. ආ බල්ලෙක් නෑනේ .. මගේ කිඹුල් දරුවෝ දෙන්නාවත් මූට ආය කතා කරන් නෑ ..
YOU ARE READING
රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story
Non-Fictionදෛවයේ ලියවිලා තියෙන්නේ මගේ නම ඉස්සරහින් උබේ නම බන් .. -🦁💚- අනේ උබ හු#හන් මහත්තයෝ .. මගේ ජිවිතේ සිකුරු පච වෙලා සෙනසුරු උච්ච වෙලා මං කිච වෙලා තියෙන්නේ .. දෛවය රෝල් කරලා ගහනින් උබේ #කේ @#&*// - 🐰❤️-