33 වෙනි රාශිය 🦁🐰

684 75 75
                                    

" අනේ හු*තක් කියන්න එපා බේසිකයා . පරිස්සන් වියන් .. උබට මොනවා හරි උනොත් මාත් මොනවා හරි කරගන්නවා සත්තයි ප*යෝ අර අල්ලපු ගෙදර ඇන්ටිපා ..

විනූෂ් පිස්සෙක් වගේ කියවද්දි මං හිනා වෙවී ඌ දිහා බලන් හිටියා.. ඇත්තටම මොනවා හරි වෙයිද .. මගේ අත නොදැනිම කරේ තිබ්බ රක්ෂත් දැම්ම මාලේ පෙන්ඩන්ට් එක උඩින් නතර උනා.. නෑ මොකුත් ම වෙන් නෑ කියලා හිත ඇතුලේ ඉදන් රක්ෂත් කෑ ගැහුවා . රාශිගේ ධූර්ට මොකුත්ම වෙන් නෑ ...

"ධූර් බනීව දෙන්න .. මං එයාව කවලා නිදිකරවන්නම්...

රිතූ ඇවිත් බනීව එක්ක ගියා... කොල්ලා යන්න අදිමදි කරත් මං එයාව රිතූ එක්ක යැව්වා.. මොකද මට ටිකක් විනූෂ් එක්ක තනි වෙන්න ඕනි ...

" චන්ගා..

" ම්ම්ම්

" උබ මොනවාද හිතන්නේ ?

මං සද්ද නැති තැන ආය විනූෂ් කතා කරා... මං ඇත්තටම මොනවාද හිතන්නේ .. මගේ හිතට ලොකු බරක් දැනෙනවා .. බරක් කිව්වේ මේ ලැට් බරක් නෙමෙයි වරදවා වටහාගන්න එපා මේක වෙන බරක්...

" විනූෂ් ... මට එයාව නැති වෙයිද ...

" චන්ගා.. උබ අහන්නේ මේ...

" රක්ෂත් ගැන .. එයා නැති කරගන්න මං හරි බයයි ඕයි... හිතද්දිත් මෙතන සෑහෙන්න රිදෙනවා .. හා හා හා මට පිස්සු වගේ..

මං පපුවට අත තියන්ම පිස්සෙක් වගේ හිනා උනා.. හිනා උනාට මගේ ඇස් බොද වෙලා .. මං කැමති නෑ මේ පපුව අස්සෙන් මිරිකනවා වගේ දැනෙන වේදනාවට.. කවදාවත් නැති විදිහට මේ දවස්වල මට ඒ වේදනාව දැනෙනවා .. මෙහෙම රිදෙන එකට ද ආදරේ කියන්නේ .. රක්ෂත් ට මගේ හිත ලන් උනු දවසේ ඉදන් මට මේ වේදනාව ගොඩක් දැනෙනවා .. ඊට කලින් කිසිම දවසක මට මේ වේදනාව දැනිලා නෑ .. ඒත් දැන් එක දිගටම මට ඒ වේදනාව දැනෙනවා  . ඇස්වලට කදුලූ උනන එක නවත්තන්න බැරි තරම් මට රිදෙනවා .. මූනට හිනාවක් එන දෙයක් අස්සේ උනත් හිත අස්සෙන් මට මේ වේදනාව දැනෙනවා .. ඇත්ත මේක හිතාගන්න බැරි වේදනාවක් .. මට මේ හැමදේම නැති වෙයි කියන බය.. ඇත්තටම රක්ෂත් මට අයිති නෑ කියන දුක.. අයියාට මං ද්‍රෝහි උනා වගේ දැනෙන වරදකාරි හැඟීම ... මං වින්ධුර් නෙමෙයි සින්ධුර් කියලා එලි උන දවසට මේ ඔක්කොම නැති වෙයිද කියන බය.. චූටි බනීගේ තාත්තා ඇත්තටම මං නෙමෙයි කියන ඊර්ෂ්‍යාව .. මේ හැමදේම එකතු වෙලා හිතට සෑහෙන්න බරක් වෙලා.. හිත කොයිම වේලාවකවත් නිදහස් නෑ .. මෙහෙම ගියොත් පපුව පැලිලා මං මැරිලා යයි හිතෙනවා .. මං වටේ කැරකෙනවා කියන අර යක්ෂ ආත්මේට වඩා මං බයයි මේ දැනෙන හිතේ වේදනාව ට.. මිනිස්සු මැරෙන්න බයයි ඒත් මං ඊට වඩා බයයි මෙහෙම ජිවත් වෙන්න .. එකපාර මැරෙනවා නම් හොද නැද්ද මෙහෙම මැරි මැරි ජිවත් වෙනවාට වඩා..එදා අයියා වෙනුවට මං මැරිලා ගියා නම් කොච්චර දෙයක් ද... මේ මට මෙහෙම හිතුන කී වෙනි පාරද .. ඇත්තටම මැරෙන්න තිබ්බේ මං නෙමෙයි ද..

රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story Where stories live. Discover now