වාහ් සනීපයි මිතුර සනීපයි .. සැප මෙට්ටයක් කියන්නේ සුව නින්දක් තමයි .. මෙට්ටේ නෙමෙයි මොන මඟුල තිබ්බාත් දැන් මගේ ඇඟම රිදෙනවා .. එහෙන් හොටු නිසා හුස්ම ගන්න බෑ සංසාරී ... එහෙන් මං හිතන්නේ මාව අඬුවකට හිරවෙලා .. ඇස් අරින් නැතුව එහෙට මෙහෙට පෙරලෙන්න ගියාත් වැඩේ හරි ගියේ නෑ මට හෙලවෙන්න බෑ .. කොහෙද සංසාරී මං ඉන්නේ හිමාලේ කන්ද උඩද.. කෝකටත් කියලා ඇස් විවර කරලා බැලුවා ..
" මොන හු..
අඩොව් අඩොව් මං මේ හොදට මගේ දෙපලක් වගේ බදන් උඩ නැග ගෙන නිදන් ඉන්නේ ජායිපුර් ප්‍රින්ස් රක්ෂත්ගේ ඇඟ උඩ නේද .. ඒ මදිවට මූත් මොකාද වගේ මාව හොරු ගෙනියයි කියලා වගේ බදාගෙන ඉන්නේ .. මූ ඇහැරියොත් විලිලැජ්ජායි .. ඇයි දෙවියනේ මං ඊයේ රෑ නිදාගන්න කලින් මූට කීයක් නීති දැම්මාද මං ලඟට එන්න එපා කියලා .. දැන් බලද්දි මං නේ රෝල් වෙලාමද කොහෙද මූගේ ඇඟ උඩටම ඇවිත් තියෙන්නේ .. හුස්ම ගන්න අමාරු නිසා කටෙන් හුස්ම අරන් කුනුකෙලත් මූගේ රාජකීය දේහයේ පෙරලා මං .. හොටුත් ගෑවාද දන් නෑ ..මං ටිකක් එහෙමෙහෙ වෙලා නැඟිටින්න ට්‍රයි එකක් දුන්නා.. කරන මඟුලක් මූ නැගිටින්න කලින් කරන්න එපැයි .. නැත්තන් නවනිංගිරාවක් වෙන්නේ ..මොනවා උනත් හිතෙන්නේම තව ටිකක් නිදාගන්න .. මෙහෙම සනීපයි අප්පා .. ඒත් ඔක්කොටම වඩා නම්බුව වටිනවානේ සංසාරී ... ඒ නිසා මූ නැගිටින්න කලින් මෙතනින් අයින් වෙන්න ඕනි ..
" දඟලන් නැතුව තව ටිකක් නිදාගන්නවා ධුර්..
" අහ්..
හත්තික්කේ මූ ඇහැරිලා නේද .. ඒකා තව ටිකක් මාව ඇඟට තද කරලා බදාගත්තා .. මූ හිතන්නේ මං කොට්ටයක් කියලා ද.. ඊටත් මූ වලත්තයෙක් ඒ නිසා වල් කමට මාව බදාගත්තා ද දන් නෑ ..
" අයින් වෙනවා මිනිහෝ.. තෝට අසහානේද ?
" මොකද ධූර් උදේ පාන්දර නිදාගන් නැතුව බෙරිහන් දෙන්නේ ?
මං දඟලලා අරුව තල්ලු කරන්ම නැගිටලා ඇඳ උඩ වාඩි උනා..රක්ෂත් මට රවනවා බනින ගමන් ..ඒකා නිදාගෙන ම ඇස් පොඩි කර කර මං දිහා බලන් ඉන්නේ ..
" ත..තමුසේ මොකද ඕයි මාව බදාගත්තේ.. අසහානේ වැඩි වෙලා ද...
" අසහානේ වැඩි උනා නම් උබව බදාගෙන විතරක් නිකන් ඉන් නෑනේ ධූර් .. උදේ ම මූසල කමට බෙරිහන් නොදී නිදාගන්නවාකෝ තාම හයයිනේ.. මාර කරදරයක් මේක ..
YOU ARE READING
රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story
Non-Fictionදෛවයේ ලියවිලා තියෙන්නේ මගේ නම ඉස්සරහින් උබේ නම බන් .. -🦁💚- අනේ උබ හු#හන් මහත්තයෝ .. මගේ ජිවිතේ සිකුරු පච වෙලා සෙනසුරු උච්ච වෙලා මං කිච වෙලා තියෙන්නේ .. දෛවය රෝල් කරලා ගහනින් උබේ #කේ @#&*// - 🐰❤️-