13 වෙනි රාශිය 🦁🐰

838 106 63
                                    

" තමුසේ රතු වෙනවා ධූර් ..

" මට ඉන්න දීලා පලයන් රක්ෂත් .. කිව්වාම පලයන් ...

" බෑ

මේකා මොකාද වගේ ගත් කටටම බෑ කිව්වා. අනේ මාව පිපිරෙන්න එනවා දැන් .. මං මූව අද මරනවා ..

" රක්ෂත් තමුසේ දන්නවා ද.. තමුසේ මට හෙන ඇනයක් ඕයි තනිකරම බෝල්ට් ඇනයක්.. මං දවසක මැරෙන්නේ උබ එක්ක මල පැනලා .. උබව දකිද්දි මට මරන්න තරම් තරහායි ඕයි.. ඇයි කියපන්කෝ උබ මාව බැඳලා ඉද්දිත් වටේ ගියේ.. උබට මොනවාද මගේ අඩු උනේ.. උබ කොල්ලොන්ට කැමති නැද්ද .. උබ කැමති ගැනුම්ම්ම්හ්..

මං කියලා ඉවර වෙන්නත් කලින් රක්ෂත් එක පාර මගේ තොල් උඩින් ඌගේ තොල් තිබ්බා.. වචන ටික එතනම ලොප් උනා.. මගේ තොල් සීල් උනා ඒකාගේ තොල්වලින් .. ඌ දැන් මාව මේ ඉබිනවාද..

" මං කැමති උබට .. උබට විතරයි .. වෙන ගෑනියෙක් තියා මිනිහෙක්වත් මට එපා ධූර් ..

එහෙම කියලා රක්ෂත් යන්න ගියේ මං තාමත් ගල් වෙලා ඌ මාව ඉම්බාද නැත්තන් ඌ එක පාර ලිස්සලා මගේ මූනට වැටිලා අපේ තොල් එකට ගෑවුනාද කියලා හිත හිත ඉද්දි .. එහෙම වැටෙනවා ද එක පාර.. ඌ මාව ඇදලා අරන් තොල් උඩින් තොල් තිබ්බේ .. සංසාරී මට හුස්ම ගන්න අමාරුයි .. මට දාඩිය දානවා .. හුස්මත් වේගවත් .. මේ විදිහට වේගෙන් පපුව ගැහුනොත් මං වලකජ්ජ ගහයි.. මේ ඔක්කොම ඔය රක්ෂත් ප*යාගේ ප්ලෑන් ඌ හදන්නේ මාව ඉක්මනින් මරන්න .. ඊටත් යන්න කලින් ඌ කිව්වේ ඌ කැමති මට කියලා .. මොකද්ද රෙද්ද මේ වෙන්නේ ..රක්ෂත් අයියා ට ආදරේද . හොදයිනේ .. ඒක හොඳයිනේ එයා අයියාට ආදරේ නම් ගොඩක් හොදයිනේ .. ඒත් ඇයි මට රිදෙන්නේ එයා අයියා ට ආදරෙයි .. ඔව් අයියාට ආදරෙයි වින්ධුර් ට ආදරෙයි .. ඒ ඇස්වල ආදරේ තියෙනවා .. ඒත්..

" හහ්.. එයා හිතුවේ මං අයියා කියලා .. ඒකයි එහෙම ඉම්බේ.. මේවා සාමාන්‍ය දේවල් හුහ්.. ඒ දෙන්නා අතර ඊට වඩා දේවලුත් වෙන්න ඇති .. මැරි කරලනේ හිටියේ .. අහ්.. සින්ධුර් මෙව්වා වැඩිය හිතන්න එපා .. රක්ෂත් ඉම්බේ එයාගේ හස්බන්ඩ් ව මිසක් හස්බන්ඩ්ගේ මල්ලිව නෙමෙයි ...

මං මටම කියාගත්තා ඒ පොඩි කිස් එක මාව නොසන්සුන් කරලා තිබ්බා .. නොසෑහෙන්න කලබලයි මාව.. මගේ ඇඟිල්ලක් එයා ඉබපු මගේ තොල් උඩ යනවා ඉබේම වගේ .. ඒ තොල් එයාගේ තොල් එක්ක වැදුනා.. ඒක අමුතුයී .. මට හරි නම් අප්පිරියාවට වමනේ යන්න ඕනී .. කොල්ලෙක් මගේ තොල් ඉම්බා.. ඒ මොන ඒසකමක් ද..ඇයි මට අප්පිරියා හිතෙන් නැත්තේ.. කොල්ලෙක් කොල්ලෙක් ට ලව් කරනවා කියලා කිව්වාමත් මට මොකද්ද වගේ.. අයියා බැන්දේ කොල්ලෙක් කියලා දැනගත්තාමත් මට ආවේ මහා අමුතු අකැමැත්තක්.. ඒත් දැන් මට ඇයි ඒ අමුතු අකැමැත්ත ආවේ නැත්තේ අර රක්ෂත් ප*යා අයියා කියලා හිතලා මාව ඉබිද්දි.. මං අසනීපෙන් ද.. නැත්තන් මං අයියාගේ චරිතේට ආරුඪ වෙලා වැඩිද.. බොක්කෙන්ම මං අයියා වෙලා ද.. මගේ රඟපෑම අති විශිෂ්ඨයි ..

රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story Where stories live. Discover now