සින්ධුර් pov :
" රශූ
"ම්ම්න්
" මං උබට පෙනඩෝල් දෙකක් දෙන්න ද පැංචෝ ?
" අනේ සුදු මේ මට කියලා හු*ගන් නැතුව පලයන් ..
" අම්මෝ හා හා හා.. ආතල් යකෝ හා හා හා..
ඇස් අරිද්දිම ඇහුනේ සංධීර් අයියායි රක්ෂතුයි මරාගන්න සද්දේ .. රක්ෂත් හිටියේ මට පස්ස හරවන් ඇදේ ඉඳගෙන සංධිර් අයියා දිහා බලාගෙන වෙද්දී සංධීර් අයියා හිටියේ බල්ලෙක් වගේ බිමට නැමීගෙන හිනා වෙන ගමන්. ඒ නිසා උන් දෙන්නා ම දැක්කේ නෑ මං ඇහැරියා කියලා .. මගේ ඇඟ නම් ගල් රෝලකින් තැලුවා වගේ රිදෙනවා .. පූජාවක නේද සංසාරී මං හිටියේ .. ඒක ඉවරත් වෙලා ද.. මං කීයටද කාම්මරේ ඇඳ උඩට ආවේ .. මතක නෑනේ මෙලෝ සංසාරයක් .. අර මන්තර සීයා මතුරලා මතුරලා ගෙදර ගිහින්ද..
" ඔය ජරා හිනාව නවත්තගනින් සංධීර් මගේ කොල්ලා නිදි..
රක්ෂත් කියද්දි මං ඉක්මනින් ආය ඇස් පියාගත්තේ ඇයි කියලා මං දන්නෙත් නෑ .. හොර හිත නෙමෙයි අනේ මොකද්ද මන්දා එකපාර ආව මෙව්වා එකකට මං ඇස් පියාගත්තා.
" කන ලඟ හෙනයක් ගැහුවාත් ඔය ඇටකිච්චා ඇහැරෙන් නෑ බන්.. පැය දොලහා ඉවර වෙලා පැයකුත් ගිහින් කෝ නැගිට්ටාද අපි මෙච්චර බෙරිහන් දීලාත්..
ඇටකිච්චා .. ඇටකිච්චා කවුද මං කියන් නෑ තොට සංධීර් අයියේ.. නිදි වගේ ඉන්න ඕනි නිසා උබ බේරුනා කියලා හිතගනින් ගල් මූසලයා .. නැත්තන් දනියි මං උබට කරන දේ.. ඔලුවට පැනලා කෙස් ගහෙන් ගහා ගලවනවා..
" නිදිකුම්බා පැලයක් බන් මගේ ඇටකිචි පැටියා.. බලපන් ස්ලිපින් බියුටි වගේ නිදන් ඉන්න හැටි.. මෙහෙම දකිද්දි ලෝබ හිතෙනවා බන් මට ම.. මගේ පන ම දීලා හරි මං මූව රකිනවා රක්ෂත් ... මගේ පනනේ මේ.. බලපන් ඉස්සර වගේම මගේ පැටියා නිදන් ඉද්දි අහිංසකයි .. මට ඒ පොඩි එකා ව මිස් වෙනවා බන් සිරාවට ම..ආහ්හ්හ් මං මුව ඉඹින්න ද රශූ..
මොන මඟුලක් ද සංසාරී මෙතන වෙන්නේ .. මට කෙල ගිලෙන්නෙත් නෑ වගේ සංධිර් අයියා කිව්ව මඟුල ඇහිලා .. ඌ මේ මාව ද වර්ණනා කරන්නේ මෙච්චර ආදරෙන් ..මේකා මට ලව්ද යකෝ.. ඊටත් ඉඹින්න අහන්නේ ..රක්ෂත් ගහපන් මූට දත් දෙකක් බඩට යන්න .. එව්ව් ලං වෙන්න එපා කනවා තෝව අසහානකාර සංධීර් පගයා...
YOU ARE READING
රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story
Non-Fictionදෛවයේ ලියවිලා තියෙන්නේ මගේ නම ඉස්සරහින් උබේ නම බන් .. -🦁💚- අනේ උබ හු#හන් මහත්තයෝ .. මගේ ජිවිතේ සිකුරු පච වෙලා සෙනසුරු උච්ච වෙලා මං කිච වෙලා තියෙන්නේ .. දෛවය රෝල් කරලා ගහනින් උබේ #කේ @#&*// - 🐰❤️-