21 වෙනි රාශිය 🦁🐰

800 95 34
                                    

" අයියා තමුසේට අමාරුයි ඕයි..

" නෑ අව්ලක් නෑ .. මට ඉන්න පුලුවන් .. දිව්‍යාන්ෂ් හරියටම මැරුන ගාන බලලා වරෙන් .. උන්ගේ පවුල්වල විස්තර ඔක්කොම මට ඕනි .. දාදාට මෙහෙ උනු කිසිම දෙයක් ආරංචි වෙන්න බෑ ..

" එතකොට .. මූට මොකද්ද කරන්නේ .. සිහිය නෑනේ තාම .. ඔක්කොම හරි අයියා යක්ෂයෙක් අතින් රෙප් ..

" දිව්‍යාන්ෂ් .. ගිහින් කිව්ව වැඩේ කරපන් ..

මං ගාවින් ඇහුනේ රක්ෂත්ගෙයි ඉෂාන් මල්ලිගෙයි කටහඩවල්.. මං ඉන්නේ කොහෙද මොනවාද වෙන්නේ මට මොකුත්ම හිතාගන්න බෑ .. මගේ ඇස් ඇරගන්න බැරි තරම් ඇස් පිහාටු එකට ඇලිලා.. එහෙන් දරාගන්න බැරි තරම් වේදානාවක් ඇඟෙන් දැනෙන්නේ.. ඇඟම ගිනිගන්නවා හා සමාන වේදනාවක් ඒක .. ඇස් නොඇරම මං උනු දේ කල්පනා කරා.. මං නරක හීනයක් දැක්කාද.. නැත්තන් ඇත්තටම ...

" අ..හ්..

" අයියා තමුසේගේ හිතුවක්කාර හාවාට ඔන්න සිහිය එනවා.. තවත් පුලුවන් නම් හුරතල් කරපන්..

" දිව්‍යාන්ෂ් කිව්වාහම කටවහන් මෙතනින් පලයන් .. ඊලග පාර මං උබට කටින් කියන් නෑ .. දත් ඇන්ද බඩට යන්න ගහනවා...

මට හෙල්ලෙන්නවත් බෑ ඒ තරම් වේදනායි.. අත් කකුල් හොලවන්න බෑ ලොකු බරක් දැනෙනවා ඇඟට.. හතරට පහට කැඩිලා වගේ රිදෙනවා ඇඟේ අස්ථි ඔක්කොම  .. ඔක්කොම හරි මගේ යටිබඩින් මැරෙන්න තරන් වේදනාවක් දැනෙනවා .. තාමත් ඇරගන්න බැරුව ඇලිලා තියෙන ඇස් මට අතින් පිහදාලා හරි ඇරගන්න ඕනි උනත් අත උස්සගන්න තියා ඇඟිල්ලක් හොලවන්න බැරි තරම් මට අමාරුයි..

" අහ්.. අම්මේ.. හ්..ම..ටහ්..

" දඟලන් නැතුව ඔහොම ඉන්නවා අයිසේ .. තමුසේට ඇස් අරින්න පුලුවන් ද..  ඉන්නවා මං මූන පිහදාන්නම්..

රක්ෂත් තරහින් කෑගහන ගමන් තෙත රෙදි කෑල්ලකින්ද කොහෙද මගේ ඇස් උඩ වගේම මූනත් පිහදාලා දැම්මා.. ඊට පස්සේ මට යන්තම් ඇස් දෙක ඇරගන්න පුලුවන් උනා..

" ර..ක්..ෂත්..

" මොකද අයිසේ..

මට දැනෙන ඇඟේ අමාරුව වගේම අර උනු දේවල් මට රක්ෂත් ට කියන්න ඕනි උනත් රක්ෂත් හිටියේ පුදුම කේන්තියකින් කියලා මට එයා කතා කරන විදිහට තේරෙනවා ...

රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story Where stories live. Discover now