රක්ෂත් pov :
මං හිටියේ කොහෙත්ම හොදින් නෙමෙයි .. මට ධූර් දිහා බලන්න තියා ලන් වෙන්නවත් හිතෙන් නෑ .. මගේ කොල්ලාට මං අතින් ම මොනවා හරි වෙන්න පුලුවන් කියන හැඟීම මාව නොමරා මැරුවා.. මට මගේ ඇස්වලින් ඌ දිහා බලන්න පවා බයක් දැනුනා.. මෙච්චර කල් මං ම මලක් තරම් පරිස්සන් කරපු මගේ වස්තුවව මං ම මගේ අත්වලින් පොඩි කරලා කියලා හොදටම පේන්න තියෙද්දි මට කොහෙද සැනසීමක් .. ඌ දිහා බැලුවා ම පේන්නේ භයානක සතෙක් පහුරු ගෑවා වගේ.. හැමතැනම දත්පාරවල් නියපොතු පාරවල් .. හැමතැනම රතු උන පාරවල් .. ඇඟ ගින්දර වගේ රස්නෙයි .. වෙනදා දුඹුරු පාටට දිලිසෙන ඇස් මලානික වෙලා .. ඒත් ඌ හිනා වෙනවා පිස්සු කියවනවා මං දන්නවා ඌට ඕනි මට ඌ හොදින් කියලා පෙන්නන්න .. ඒත් ඒක එහෙම නෙමෙයි ඌ ඉන්නේ හොදටම වේදනාවෙන් .. කියන්න බැරි තරම් වේදනාවෙන් .. ඒකා මං ඉස්සරහා රිදෙනවා කියලා ඇඬුවා නම් ඌට රිදෙව්වාට මට බැන්නා නම් මං හිතනවා මීට වඩා මට හොදක් දැනෙයි.. ඒත් ඔක්කොම දරාගෙන ඌ හිනා වෙද්දී මට රිදෙන තරම් ඌ දන් නෑ .. කොල්ලා මාව බාතෘම් එකෙන් එලියට එව්වාට මොකද මට ඇහෙනවා ඌ අඬනවා.. භාගෙට ඇරුන බාතෘම් එකේ දොර ගාව බිත්තිය ට හේත්තු වෙලා මං ඌ අඬන හැටි අහන් හිටියා.. මගේ වස්තුව ඉකි ගහද්දි රිදෙන්නේ මගේ පපුව .. මං කොහොමද ඌට මෙච්චර රිද්දුවේ ... මං කොහොමද මෙච්චර තිරිසනෙක් උනේ.. මං දන්නවා මෙහෙම වෙන්නේ ඇයි කියලා .. මට දැන් කාලේ ඇවිල්ලා .. අවුරුදු හැටක් ජිවත් වෙන්න පුලුවන් මගේ ආයුෂ අඩු වෙලා .. මට තේරෙනවා දැන් මං ඒක පිලිගන්න ඕනි .. ධූර්ගේ පුජාව වෙනකම් මට ජිවත් වෙන්න පුලුවන් .. ඔව් මං ජිවත් වෙයි ඒත් මේ ඇඟේ සෑහෙන්න වෙනස්කම් වෙයි මට දරාගන්න බැරි තරම් .. මගේ තරහා මටම පාලනය කරන්න අමාරුයි .. ඊටත් මං හොදටම දැක්කා රූම් එකේ මිරර් එකෙන් මගේ ඇස් රතු උනා.. කියටවත් මට රතු ඇස් තියෙන්න විදිහක් නෑ .. ඒ ඇස් ඇයි මට ආවේ.. මං ..මං අමනුස්සයෙක් වෙන්න ද යන්නේ .. ඒක එහෙම නම් මං කොහොමද ධූර් ලඟින් ලබන අවුරුද්ද වෙනකම් ඉන්නේ ... තවත් හිතන්න ගියොත් මට පිස්සු හැදෙයි... ධූර් ඉකිගහන එක අඩු වෙලා .. කොල්ලා සන්සුන් වෙන්න හදනවා ඇති මං ඉස්සරහා හිනා වෙලා ඉන්න ඕනි නිසා .. මං රූම් එක අස් කරන්න ගත්තා .. ඊයේ පොලේ ගැහුව වයින් බෝතලේ කටු ඉස්සෙල්ලා අස් කරා... කොල්ලාට ගත්ත birthday කේක් එක බිම ඉහිරිලා වයින් එක්කම මුහු වෙලා ... මං ඔක්කොම සුද්ද කරලා ඩස්පින් දැම්මා .. රූම් එක පුරා තියෙන බැලුම් භාගේට භාගයක් පිපිරිලා ගිහින්.. ඇඳේ තනි සුදු රෙද්ද තවත් සුදු නොවුනාත් මං ඒක නමලා පරිස්සමෙන් පැත්තට තිබ්බා ... ඊලගට රූම් එක අස් කරන්න හොටෙල් එකේ උන්ට කෝල් කරා.. විනාඩි පහක් යන්න ඇති දෙන්නෙක් ඇවිත් ඔක්කොම ක්ලීන් කරා.. දැන් හරි ඔක්කොම පිලිවෙලයි... රූම් එකේ ඊයේ රෑ වයින් තිබ්බ ටේබල් එක උඩ අලුත් ම දම් පාට ටියුලිප් මල් පොකුරක් දාලා වීදුරු වාස් එකකට... ඒ ලඟම මං පොලේ නොගහා ඉතුරු කරපු කොල්ලාට ගත්ත තෑග්ග..
YOU ARE READING
රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story
Non-Fictionදෛවයේ ලියවිලා තියෙන්නේ මගේ නම ඉස්සරහින් උබේ නම බන් .. -🦁💚- අනේ උබ හු#හන් මහත්තයෝ .. මගේ ජිවිතේ සිකුරු පච වෙලා සෙනසුරු උච්ච වෙලා මං කිච වෙලා තියෙන්නේ .. දෛවය රෝල් කරලා ගහනින් උබේ #කේ @#&*// - 🐰❤️-