"ඕම් නමෝ හිරන්‍යබාහවේ හිරන්‍යබරනාය හිරන්‍යරූපාය හිරන්‍යපතයේ අම්බිකාපතය උමාපතයේ පශුපතයේ නමෝ නමහා///"
අර ආව පූසාරි මොනවාද මන්දා මතුරන්න ගත්තා අර ශිව ලිංගේ ඉස්සරහා ඉඳගෙන .. මායි රක්ෂතුයි හිටියේ ඒ මනුස්සයාගේ පිටිපස්සේ ඉඳගෙන .. රක්ෂත් නම් වැදගෙන අර මනුස්සයා කියන එවාම කියවනවා .. කියන්න සන්තෝසයි මං ඒවා මොනවාද කියන්නවත් දන් නෑ .. උඩ බිම් බල බල පිස්සෙක් වගේ බලන් ඉන්නවා ඇරෙන්න මට කරන්න වෙන දෙයක් නෑ ..
"ඊශානසර්ව විධ්‍යානාම් ඊෂ්වරසර්ව භූතානාම් බ්‍රහ්මාධිපති බ්‍රහ්මනෝධිපති බ්‍රහ්මා ශිවෝමෙ අස්තුසදා ශිවෝම්///
නමස්තේ අස්තුබගවන් විශ්වේෂ්වරාය මහාදේවාය ත්‍ර්‍යම්බකාය ත්‍රිපුරාන්දකාය ත්‍රිකාග්නි කාලාය කාලාග්නි රුද්‍රාය නීලකන්ටාය මෘත්‍යුන්ජයාය සර්වේෂ්වරාය සදාශිවාය ශ්‍රීමන් මහාදේවාය නමහා//
ශ්‍රීමන් මහාදේවාය නමහා//ශාන්ති ශාන්ති ශාන්ති හි"
දෙවියනේ කියලා අන්තිමේ මතුරන එක නවත්තලා ඒ මනුස්සයා පිටිපස්ස හැරිලා අපි දිහා බැලුවා .. ඊලගට අර ශිව ලිංගේ ගාව වැටිලා තියෙන රතු පාට කුඩක් ඇඟිල්ලේ අතුල්ලන් ඒක අපේ නලලේ ගෑවා..
" ab pooja shuroo karen "
( දැන් පූජාව පටන් ගන්න )එහෙම කියලා පූසාරී නැගිටලා යන්න ගියා..
" වින්ධුර් අපි මේක රෑ එලි වෙනකම් කරන්න ඕනි ..
" මොකක් රෑ එලි වෙනකන් ? එතකොට කන්නේ බොන්නේ නැද්ද ? අර පූසාරිට ඕක කරන්න කියලා අපි ට අයින් වෙලා ඉන්න බෑද ?
" වින්ධුර් පිස්සු කියවන්න එපා .. බඩගිනි නම් අර අතන තියෙන එවා කනවා.. කාලා එනවා ..
" කෝ අර තියෙන කෙසෙල් ඇවරිය ද ඕයි කන්න කියන්නේ ? උබ හිතන්නේ කෙසෙල් විතරක් කන්න මං සිම්පන්සියෙක් කියලා ද ?
" සිම්පන්සියා නෙමෙයි චිම්පන්සියා .. කන්න බැරි නම් බඩගින්නේ ඉන්නවා ..
කෙසෙල් ඇවරියාත් නැති වෙන පාටක් ආව නිසා මං දුවලා ගිහින් ඒක ගත්තා .. කෝලිකුට්ටු ද මන්දා...
YOU ARE READING
රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story
Non-Fictionදෛවයේ ලියවිලා තියෙන්නේ මගේ නම ඉස්සරහින් උබේ නම බන් .. -🦁💚- අනේ උබ හු#හන් මහත්තයෝ .. මගේ ජිවිතේ සිකුරු පච වෙලා සෙනසුරු උච්ච වෙලා මං කිච වෙලා තියෙන්නේ .. දෛවය රෝල් කරලා ගහනින් උබේ #කේ @#&*// - 🐰❤️-