04 වෙනි රාශිය 🦁🐰

965 120 18
                                    

" ඒයී වින්ධුර් තමුන් නැගිටින් නැද්ද ?

" ම්හ්හ්..

" කිව්වාම නැගිටිනවා මට පරක්කු වෙනවා ... ඒයි... මිනිහෝ...

මූගේ ආච්චිට *&%# උදේම මූගේ නැට්ට ගිනි ඇරන් ද  .. නිදහස් නිදාගන්න දෙන්නේම නෑනේ අවලමා ... මුගේ කෙස් ගස් එකින් එක ගලවලා තට්ටේ උඩින් නඟුලක් බස්සන්න හිතෙන්නේ මේ වේලාවට තමයි ..

"  නිදාගන්න දීලා පලයන් රෙද්ද ...

"වින්ධුර් තමුන් නැගිටිනවාද නැද්ද ..

" මට බෑ ඕයි .. තමුසේ මට නිදාගන්න දෙන්නේම නෑනේ අයිසේ...

" මටත් කොහෙවත් කහන් නෑ තමුන්ව උස්සන් යන්න .. ඒත් දාදා නීතියක් දාලා තියෙනවා කියලා තමුන් දන්නවානේ තමුන් ව යුනිවසිටියෙන් දාන්න හැමදාම "

" ම්..මොකක්.. යුනිවසිටි.. ??

" ඔව් ඇයි තමුසේට ඒකත් අමතක ද ?

කෙලියා තාප්පේට අයියා ඉන්ජිනියර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා නේද .. මං ආර්ට් කරපු අහිංසක කොල්ලෙක් සංසාරී .. මං දන්න ඉංජිනේරුවක් නෑ .. ඊටත් සොෆ්ට්වෙයා ද මොකද්ද ගැන මං දන් නෑ නෑ නෑමයි ...

" ම්හ්ක්.. මට බඩ පුරවලා දාලා වගේ.. ඔවෑක්ක්ක් වමනේ යන්න එනවා .. එහෙන්  උන වගේ.. මං හිතන් නෑ මට කැම්පස් යන්න පුලුවන් කියලා .. මට තාම සනීප නෑ .. ඩොකා කිව්වේ බෙඩ් රෙස්‍ට් කරන්න කියලා හත්මාසයක්..

" තමුසේගේ ඔය හොර ලෙඩ කියනවා කොන්ඩේ බැදපූ චීනෙක් ට.. දැන් ඉක්මනින් ලෑස්ති වෙනවා විනාඩි පහලවක් දෙන්නම්.. යුනිවසිටි අද තමුන්ව අරන් ම යන්න කියලා දාදා මට කිව්වේ ..

" මට බෑ ඕයි බෑ ..

" වින්ධුර් උබ මගෙන් මැරුන් නොකා ලෑස්ති වියන් .. මං ආය දෙපාරක් කියන් නෑ .. උබ යන් නැත්තන් මං ඔක්කොටම කියනවා උබ එදා උබේ යාලුවා එක්ක මහා රෑ ක්ලාබ් ගානේ නටපු නාඩගම් .. උබට මතකනේ අපේ ඩීල් එක ...

මොන ඩීල් එකක්ද මූ මේ කියන්නේ  .. ඒක අහන්න අයියා හොයාගෙන යන්න වෙනවා .. ඊටත් අයියා ක්ලාබ් යනවා ද.. මොනවා ද ඌ නැටුව නාඩගම් .. ඌගේ යාලුවා කවුද... දැන් කැම්පස් ගිහින් ඔක්කොම හින්දියෙන් ටෝක් කරොත් මං එම් කේ... ඊටත් ඉන්ජිනේරු තාක්ෂණය ගැන මෙලෝ හසරක් නොදැන ලෙක් අහන් ඉන්න වෙයි .. ලෙකා එසයිමන්ට් දුන්නොත් ඒවා කරන්න මට චැට්ජිටිබි අක්කාවත් උදව් වෙයිද ...

රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story Where stories live. Discover now