05 වෙනි රාශිය 🦁🐰

929 116 28
                                    

" ඌහ්.. රි..දෙනවා ඕයි...

" කටවහාගෙන හිටපන් ඒයි..

" ඇත්තටම රිදෙනවා ඕයි.. ඌහ් ආයි..ආයි..

" වින්ධුර් නටන් නැතුව ඉන්නවා .. දැන් හරි ...

බෙහෙත් දාලා ඔන්න හස්බන්ඩ් නැගිට්ටා.. මොනවා උනත් පොර හැන්ඩ්සම් කොල්ලෙක් .. ඔක්කොම ගානට තියෙනවා .. පොඩි නපුරු ලුක් එකක් මූනේ තිබ්බාට ඒ ලුක් එකට පවා වශි වෙන තරම් මේකා ලස්සනයි .. අයීයාගේ මනුස්සයා බලන් යද්දී නලුවෝ පරාදයි .. දැන්නේ මං මූව හරියටම බැලුවේ .. රාජකීය ලුක් එකකුත් හෑව් මොනවා උනත් කුමාරයෙක්නේ.. මං වගේම රෙද්දක් ඇඳගෙන ඉන්න ඌත් උඩට ඇඳුම් නැතුව ඉන්නේ .. ආ මං වගේම කරට රෙද්දක් දාගෙන ඉන්නේ .. ඌගේ පැක් ටිකත් එලියේ .. පැක් අටක් හෑව් වගේ .. මට තියෙන්නේ පැක් හයයි.. ජිම් ගිහින් තව දෙකක් හදාගන්න ඕනි ..

" වින්ධුර් මොකද තමුසේ මං දිහා ඔහොම බලන් ඉන්නේ ?

" අ..හ් මං කොහෙද බලන් හිටියේ ?

" බලන් හිටියේ දැන් ..

" හරි ඉතින් බැලුවා තමයි තමුසේගේ වඳුරු මූන දිහා .. ඒක නෙමෙයි ඕයි මෙච්චර වෙලා මගේ ඔලුව කන්නමනේ තමුසේ කතා කරේ.. දැන් ඇයි මට බෙහෙත් දැම්මේ ? ඊටත් තමුසේ මාව පරිස්සන් කරන්න හදන්නේ ඇයි මරන්න ඕනි මරන්න ඕනි ගගා..

" මං තමුසේ ව බලාගන්න වගේම ඉවසන්න හේතුවත් මොකද්ද කියන්න තමුන් දන්නවා වින්ධුර් .. හැබැයි ඒ හේතුවෙන් තමුන් අයුතු ප්‍රයෝජන ගන්න එන්න එපා .. එහෙම උනොත් මගේ ඉවසීම නැති වෙන්න පුලුවන් .. දැන් එනවා යන්න ...

එහෙම කියලා ආය ඒකා කන්ද නෙමෙයි ගල නගින්න පටන් ගත්තා .. මාත් කකුලත් නොන්ඩි ගගහා ඌ පස්සෙන් දුවන්න ගත්තා .. හොදවේලාවට ගල උඩට යන්න පඩි පේලියක් තියෙනවා .. නැත්තන් ලිස්සලා මැරෙන්නේ මේක නගින්න ගිහින්..මූ ඇවිදිනවාද දුවනවාද ගස් නරියා..

" මේ ඕයි ටිකක් හෙමින් යනවාකෝ...

" ඉක්මන් කරනවා ඔහොම හෙමින් යන්න ගියොත් කරුවල වැටෙයි.. දැනටමත් හතරයි..

" මට බෑ ඕයි තවත් යන්න .. තමුසේ ඕනි නම් තනියෙන් යනවා "

එහෙම කියලා මං ඉඳගත්තා එතන තිබ්බ දිරිච්චි කොටයක් උඩින්.. මට මහන්සියි සංසාරී .. තව කොච්චර මෙහෙම යන්න ද.. එහෙන් මාව ගහන් යන්න තරම් හුලගකුත් එනවා.. හවස හතර උනාට හයත් පහුවෙලා වගේ කරුවලයි.. ඔක්කොම හරි මේ රෙද්ද ඇඳගෙන ඇවිදින්න අමාරුයි .. මං නිකන් කෝවිලේ පූසාරී වගේ.. මට දෙවෙනි නෑ අරුත් එහෙම තමයි .. හැන්ඩ්සම් පූසාරියෙක්..

රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story Where stories live. Discover now