45 වෙනි රාශිය 🦁🐰

568 74 206
                                    

"VIP රූම් දේවාන්ෂ් රක්ෂත් යුවරාජ් සිං ..

මූ රිසෙප්ෂන් කෙල්ලෙක්ට කතා කරෙත් තරහින්.. ඒකි බය වෙලා රක්ෂත් ට කී කාඩ් එකක් දුන්නා .. ඒ කියන්නේ රක්ෂත් මේකේ රූම් එකක් බුක් කරලා ද.. ඒත් කොයි වෙලේද....

" ර..ක්..ෂත් .

" කට වහාගනින් ධූර් .. මං උබව මරයි.. මගෙන් ඈත් වෙලා හිටපන් ..

ලිෆ්ට් එක ඇතුලේ දි මං හැදුවේ රක්ෂත් ට කතා කරන්න උනත් රක්ෂත් කෑ ගහපු විදිහට මාව ගැස්සිලා ගියා .. එයා ඉන්නේ ඇත්තටම මාත් එක්ක තරහින් .. ඒත් ඇයි .. මෙච්චර තරහා ගන්නේ ඇයි මං එක්ක.. මෙටා අයියා එක්ක හිටපු විදිහට මරන්න තරම් තරහාක්. රක්ෂත් දැන් හැසිරෙන විදිහට මගේ හිත රිදෙනවා .. එයා ඇයි මට එයාගේ අතකින්වත් අල්ලන්න දෙන් නැත්තේ.. ඊටත් එයගේ අත් පවා මිට මෙලවිලා.. දත් මිටි කාගෙන වගේ ඉන්න විදිහට බෙල්ලේ නහර වැල් පවා පෑදිලා.. ඇස් ලාවට රතු වෙලා ...

" රක්ෂත් මෙත..න...

අපි ආව රූම් එක දැකලා මට හුස්මත් හිරවුනා.. ඒක හනිමුන් රූම් එකක් යකෝ සංසාරී .. බිම පුරාම පාට පාට බැලුම් පිරිලා.. මුලු රූම් එකම එලිය වෙලා තියෙන්නේ පත්තු කරපු ඉටිපන්දම්වලින්.. ඊටත් මේ දැනෙන ලැවෙන්ඩර් සුවඳ .. ඒක රක්ෂත්ගේ ලඟින් එන මං ආසම සුවඳ.. දැන් රූම් එකෙන් එන්නෙත් ඒ සුවඳ... රූම් එකේ බෙඩ් එක තනිකරම රෝස පෙතිවලින් පිරිලා .. ඊටත් රූම් එක මැද ටේබල් එක උඩ සුපිරි ගානක් වටින පෞරාණික වයින් බෝතලයක් එක්ක ග්ලාස් දෙකක්.. ඒ පැත්තකින් ම රැපින් කරපු තඩි පෙට්ටියක් .. ඒක අනිවා තෑග්ගක් ... ඔක්කොම හරි ඒ ටේබල් එක මැදට වෙන්න " Happy Birthday my little tulip " කියලා ගහපු හාට් සේප් කේක් එකක් .. දෙවියනේ හෙට මගේ උපන් දිනේ .. අද රෑ දොලහාට ලබන්නේ මගේ විසි තුන්වෙනි උපන් දිනේ ... මට කොහොමද අමතක උනේ.. රක්ෂත් ට ඒක මතකයි ... රූම් එකට ආව වෙලාවේ ඉදන් කටත් ඇරගෙන රූම් එක පුරා ඇවිද්ද මං තාමත් දොර වහලා දොරටම හේත්තු වෙලා ඇස් පියන් ඉන්න රක්ෂත් දිහා බැලුවා ..

" ර..ක්ෂත්.. මේ..

" නාපන් ගිගින් ..

"ඇහ්.. ?

නාන්න කියන්නේ මොකද මූ මට .. ඊටත් කටහඩ තාමත් තරහෙන්..

" කිව්වාම නාගනින් ගිහින්.. ඒකාගේ ගඳ උබ ගාවින් ආවොත් මං උබව මරනවා..

රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story Where stories live. Discover now