26 වෙනි රාශිය 🦁🐰

780 94 58
                                    



උදේ මං ඇහැරෙද්දි මං ලඟ හිටපු ලමයායි ඌගේ අප්පායි දෙන්නාම නෑ .. මාව ඇඳේ තනිකරලා මුන් අවලමේ ගිහින් ද දන් නෑ .. කෝකටත් පෝන් එක අරන් වේලාව බැලුවා .. හත්තික්කේ උදේ දහයත් වෙලා . මට ගොඩක් වෙලා නින්ද ගිහින්නේ . රක්ෂතුයි පොඩි එකායි ඇහැරිලා ගොඩක් වෙලා වෙන්න ඇති ..

" ආ මස්සිනේ ගුඩ්මෝනිම් වේවා !

වොෂ් එකක් එහෙම දාන් රූම් එකෙන් එලියට යද්දි ම මූනට හම්බුනේ අල්ලපු රූම් එකෙන් එලියට එන ඉෂාන් මල්ලි ව.. මූත් දැන් ද කොහෙද ඇහැරිලා තියෙන්නේ . තාම මූනවත් හෝදලා නැද්ද මන්දා.. කොන්ඩේවත් පීරලා නෑ මූ ඌරෙක් වගේ..

" ගුඩ්මෝනිම් ඉෂාන් මල්ලි ..

" ඉෂාන් නෙමෙයි හලොව් ඊෂාන් .. ඊෂාන් කියන්න බැරි නම් දිව්‍යාන්ෂ් කියනවකෝ "

" අනේ මේ මට පුලුවන් එකනේ මං කියන්නේ මල්ලි .. දිව උලුක් වෙන නම් දාගත්ත එකට මං ද පලි.. දිව්‍යනාෂ් කියන්න මට බෑ මං කියන්නේ මට පුලුවන් නම "

" අප්පෝ එක්කෝ ඉෂාන් හොදයි .. දිව්‍යාන්ෂ් ඕනි නෑ .. අනේ මන්දා මස්සිනේ තමුසේගේ දිවේ ප්‍රශ්නයක් ද කොහෙද නමක් හරියට කියාගන්නම බෑනේ .. දිව්‍යනාෂ් කවුද කියපන්කෝ.. මං දිව්‍යාන්ෂ් ඊෂාන් ‍යුවරාජ් සිං ...

ඌගේ නම හරියට කියන් නෑ කියලා මු මේ උදේ පාන්දර අඬන්න තියාගත්තා.. දවසම මූසලයි මේ වගේ උන් උදේම මූනට හම්බුනාම .. රක්ෂත් වගේම මේ පොඩි මුසලයාත් මාවම කන්න බලන් ඉන්නේ .. අයියායි මල්ලියි දෙන්නාම මට පේන්න බෑ රෙද්ද . මුන් දෙන්නාම ආය ඉන්දියාවට යවන්න ඕනි කරුම මෙව්වා කරුම..

" අනේ ඉෂාන් මල්ලි මගේ දිවේ ඇති ප්‍රශ්නයක් නෑ .. ප්‍රශ්නේ තියෙන්නේ උබේයි උබලාගේ අයියලාගෙයි නම්වල.. ඒවා නම්ද කියපන්කෝ.. ට්‍රැක පැනපු හු*තෙක්ද කොහෙද නම් දාලා තියෙන්නේ .. දිව්‍යනාෂ් ඉෂාන් යුවරාජ් සිං නෙමෙයි උබේ නම මොක උනත් මං කියන්නේ මට කියවන්න පුලුවන් විදිහට එච්චරයි ..

ඌට හොදවයින් ටිකක් කියලා මං ඌව එතන දාලා එන්න ආවා. ඔලුබක්කා වගේ ඒකා හිටපු තැනම ඉදන් මං දිහා බලන් ඉන්නවා .. ඇත්තටම ජායිපුර්වල කුමාරයෝ ඔක්කොගෙම මොලේ ප්‍රශ්නයක් තියෙනවා ද කොහෙද .. කුමාරයෝ උනත් වැඩක්ද මොලේ කචල් නම්..

රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story Where stories live. Discover now