" ධූර් උඹ මොකක් හරි ප්‍රශ්නෙකින්ද ?
" නැ..
" එහෙනම් මොකද්ද උඹට වෙලා තියෙන්නේ ?
" මොකුත් නෑ...
දේවේෂ් අහන අහන හැම මඟුලටම මගේ උත්තරේ උනේ " නෑ " කියන එක.. ඇත්තටම මට මේ වේලාවේ කාත් එක්කවත් කතා කරන්න ඕනි උන් නෑ.. මට ඕනි උනේ ම පොඩ්ඩක් තනි වෙන්න.. ඒත් ඒක කරන්න උන් නැත්තේ උදේම වැටිච්ච ලෙක් එකක් නිසා.. උදේ අට වෙද්දි ගෙදරින් ඇවිල්ලා එකොලහා වෙනකන්ම තිබ්බ ලෙක් එක ඉවර උනු හැටියේ අපි සෙට් එකම ඇවිත් වෙනදා කයිය ගහන තැන පඩිපෙලේම ඉදගත්තා.. සෙට් එක කිව්වේ මායි දේවේෂුයි විනුෂුයි රතුචූටියි සරදියලුයි තමයි.. ඊලගට ඔක්කොම එක එක විකාර කියවන්න එසයිමන්ට් ගැන කියවන්න ගත්තා වෙද්දි එක රෙද්දකටවත් හිත හදාගන්න බැරි උනු මං ඔහේ පඩියක් උඩ ඉදගෙන අතේ තිබ්බ ෆයිල් එක කරක කරක හිටියා. ඔය අස්සේ තමයි මගේ වෙනස තේරුන දේවේෂ් මගෙන් ප්‍රශ්න කරන්න ගත්තේ..
" දැන් උබ කියන්නේ කිසිම අව්ලක් නෑම කියලාද ?
" ම්ම්න්..
" ඒ රතුචූටී මේ අහපන්කෝ...
මං මොකුත්ම කිව්වේ නැති තැන දේවේෂ් සරදියල්ගේ ඔලුවේ උකුනොද කොහෙද හොයන්න කූරූ ගගා හිටිය රතුචූටිට කතා කරා..
" ඕ කියපන් කිටී..
" මේ කැන්ටිමට ගිහින් මොනවා හරි අරන් වරෙන්කෝ කන්න.. මං සල්ලි දෙන්නන්.. මේ ධූර්ගේ ඔලුව රිදෙනවාලූ දැන් ඕක අස්සේ රිංගන් කන්න බෑනේ..මෙතෙන්ට අරන් වරෙන්කෝ.. සරදියල් එක්ක පලයන් ඕනිනම් විනුෂ්වත් එක්ක පලයන්..
" ඒහ් වීනස් උබට ගොඩාක් අමාරුයිද බන්.. සුදු අපි කැන්ටිමට ගිහින් පෙනඩොල් දෙකකුත් ඉල්ලන් ම එමු.. රොයිටර් උබත් එනවාද යන්න..
දේවේෂ් මට ඔලුව රිදෙනවා කියලා අල්ලේ පැලවෙන බොරුවක් කිව්වා වෙද්දි ඔක්කොටම කලින් නැගිට්ට සරදියල් මගේ ඔලුවත් අතගාලා රතු චූටිවත් නැගිට්ටගෙන විනුෂ් දිහාට හැරිලා ඌත් උන් එක්ක යන්න එනවාද ඇහුවා..
" ආ යන්.. මට ටොයිලට් එක පැත්තට විසිට් එකක් දාන්නත් ඕනි.. අයියා එහෙනම් තමුසෙ ධූර් එක්ක ඉන්නවා ඈ.. අපි යන්..
YOU ARE READING
රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story
Non-Fictionදෛවයේ ලියවිලා තියෙන්නේ මගේ නම ඉස්සරහින් උබේ නම බන් .. -🦁💚- අනේ උබ හු#හන් මහත්තයෝ .. මගේ ජිවිතේ සිකුරු පච වෙලා සෙනසුරු උච්ච වෙලා මං කිච වෙලා තියෙන්නේ .. දෛවය රෝල් කරලා ගහනින් උබේ #කේ @#&*// - 🐰❤️-