" රක්ෂත් ..
" ම්ම්ම්
" මට ප්‍රශ්නයක් තියෙනවා
විනූෂ් දේවේෂ් ගිහින් ටික වේලාවකින් රක්ෂත් රූම් එකට ආවේ නින්ද ගිහින් හිටපු බනීවත් අරගෙන .. එයා බනීව ඇඳෙන් තියලා වටේට කොට්ට තියන දිහා බලන් මං එයාට කතා කරා.. එයා මං දිහා නොබලාම ම්ම් ගාලා ප්‍රශ්නයක් තියෙනවා කිව්වාම මං දිහා බැලුවා ..
" මොකද්ද ධූර් ..
" ඉදගන්නකෝ මෙතනින් ..
මං මගෙන් එහා පැත්ත පෙන්නලා රක්ෂත් ට ඇඳෙන් ඉඳගන්න කිව්වා.. රක්ෂත් මොකුත්ම නොකියා එතනින් වාඩි උනා ..
" රක්ෂත් ..
" ම්ම්ම්
" මට ඇත්ත ම කියන්න මේ අහන දේට..
මං රක්ෂත් පැත්තට හැරිලා ඇඳ උඩට කකුල් අරන් දහරමන්ඩි ගොතන්ම වාඩි වෙලා එයාගේ අතක් මගේ අත් දෙකෙන්ම අල්ලගත්තා.. මට දැනුනා රක්ෂත් ගැස්සෙනවා .. ඒත් එයා මොකුත්ම නොකියා අපේ අත් දිහා ටික වේලාවක් බලන් හිටියා.. ලාවට හිනාවක් ඒ මූනේ ඇඳුනා.. ඊලගට ඒ ඇස් නතර උනේ මගේ ඇස් එක්ක පැටලිලා ..
" මගේ ධූර්ට මොනවාද දැනගන්න ඕනි ..?
මගේ ධුර් කියද්දි ම මං දිය වෙලා යන්න ආවාත් මං ඒක පෙන්නන් නැතුව රක්ෂත් දිහා බැලුවා ..
" රක්ෂත් බනීගේ අම්මා රිතූ ද ඔයා එයාට ද ආදරේ කරන්නේ ?
මං හිතට ධෛර්යය අරන් මට තිබ්බ ලොකුම ප්‍රශ්නේ රක්ෂත් ට යොමු කරා..ඒයා මොකුත්ම නොකියා මගේ ඇස් දිහාම බලන් කවදාවත් නොදුන්න අහිංසක ම හිනාවක් මූනට ගත්තේ ඒ හිනාව දැකලා මගේ හාට් එක පිස්සු නටද්දි .. ඒ ඇස් මගේ ඇස්වලින් අහකට ගියේම නැති තරම් .. ඒ ඇස් කියවන්න අමාරුයි .. ඒත් ඒ ඇස්වල තරහාක් නෑ තියෙන්නේ අහිංසක පාටක්.. රක්ෂත්ගේ ඇස්වල වෙනදා කවදාවත් මං මෙහෙම පාටක් දැකලා නෑ .. යකෙක් වගේ වෙනදා කඩන් පනින රක්ෂත් අද මෙතන නෑ .. ඉන්නේ සින්ධුර් ව දිය කරලා හරි සිහිය උගෙන් ඈතට යවලා ඌව වශි කරගන්න රක්ෂත් කෙනෙක් .. එකෙන්ම මේ වෙද්දී මගේ හදවත බල්ටි ගහනවා මේ බැල්ම දරාගන්න බැරුව ..
" රක්..ෂත් .. ඒක උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක් ද ?
රක්ෂත් මගේ ප්‍රශ්නේට උත්තර නොදි ඉද්දි මං ටිකක් කලබල උනා.. රිතූට ද ඇත්තටම රක්ෂත් ආදරේ කරන්නේ .. ඉස්සෙල්ලා පිස්සුවෙන් වගේ රක්ෂත් ට වශි වෙලා ගැහුන හදවත දැන් ගැහෙන්නේ ඊට හත්පසින්ම වෙනස් තාලේකට.. බයක් ඒක බයක් .. ආසම දෙයක් කවුරු හරි උදුරන් යයිද කියලා බයක්.. සින්ධුර් දෙයක් අල්ලගන්නේ කාටවත් දෙන්න බලන් නෙමෙයි ..ඒත්.. හදවත ආදරේ කියන්නේ බලෙන් ලබාගන්න පුලුවන් දෙයක් නෙමෙයි .. රක්ෂත් විතරක් නෙමෙයි බනී පවා මට නැති වෙලා යයිද කියන බයෙන් දැන් මගේ හදවත ගැහෙන්නේ.. මගේ තොල් පවා වෙව්ලනවා ඒ බයෙන්..
YOU ARE READING
රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story
Non-Fictionදෛවයේ ලියවිලා තියෙන්නේ මගේ නම ඉස්සරහින් උබේ නම බන් .. -🦁💚- අනේ උබ හු#හන් මහත්තයෝ .. මගේ ජිවිතේ සිකුරු පච වෙලා සෙනසුරු උච්ච වෙලා මං කිච වෙලා තියෙන්නේ .. දෛවය රෝල් කරලා ගහනින් උබේ #කේ @#&*// - 🐰❤️-