28 වෙනි රාශිය 🦁🐰

752 85 36
                                    

" ධූර් මේක ගලවන්න හිතන්නවත් එපා .. මේක කරේ තියෙනකන් ඔයාට ඕනි තැනක යන්න පුලුවන් "

" අනේ ඇත්තම ද රක්ෂත් .. මට දැන් මේ වලව්වෙන් පිට ඕනි තැනක යන්න පුලුවන් ද.. අර වලත්ත යකා එන් නැද්ද ආ..

" නෑ ..

මං වඳුරෙක් ට කෙසෙල් ගෙඩියක් හම්බුනා වගේ සතුටින් උඩ පැන්නා. රක්ෂත් මගේ බෙල්ලට දාපු මාලේ පෙන්ඩන් එක මං හරව හරව බැලුවේ පොඩි එකෙක් වගේ සතුටින් .. මට ආය පුරුදු විදිහට ඉන්න පුලුවන් .. වලව්වෙන් එලියට යන්න බය වෙන්න ඕනි නෑ .. මේ මාලේ මතුරපු එකක්ලු.. දවස් හතක් බලගතු මන්ත්‍ර කියලා හදපු අරාක්ෂා මාලයක්ලූ..

 දවස් හතක් බලගතු මන්ත්‍ර කියලා හදපු අරාක්ෂා මාලයක්ලූ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒක සුදු යකඩ මාලයක්..

" රක්ෂත් මේ මොකද්ද .. මේ පෙන්ඩන් එකේ තියෙන්නේ දෙවි කෙනෙක්ගේ මොකක් හරි නේද ?

" ඔව් ඔය ශිව දෙවියන්ගේ ත්‍රිශුලය.. එතකොට මේ ඉරි තුන ශිව දෙවියන්ගේ නලලේ තියෙන ලකුණ..

" ඒක ලස්සනයි රක්ෂත් ..

ඒ මාලේ ඇත්තටම ලස්සනයි . ත්‍රිශුලයක් ශිව දෙවියන්ගේ ලකුනක් ... ඒ මැද කලු පාට චූටි මැණිකක්.. මං ඇත්තටම දෙවිවරු ගැන දන් නෑ . ඒත් මට ආස හිතුනා පලවෙනි වතාවට ශිව දෙවියෝ ගැන හොයලා බලන්න .. මොකද දැන් මගේ ගොඩක් දේවල් ඒ දෙවියොන්ට සම්බන්ධයි.. රක්ෂත් කියන විදිහට ඒ දෙවියෝ මාව අරක්ෂා කරනවාලූ.. බිලියන ගානක් ඉන්න මේ ලොකේ ඒ දෙවියො ඇයි මාව අරාක්ෂා කරන්නේ කියලා මට සෑහෙන්න ලොකූ ප්‍රශ්නයක් ආවාත් මං තීරනේ කරා ඒක අහලා රක්ෂත් ව අව්ස්සන්න හොද නෑ කියලා .. මොනවා උනත් මං වගේ නොසන්ඩාලයෙක් දිහා දෙවියෝ බලනවා කියන්නේ ලොකු දෙයක්නේ. හැබැයි මං දිහා නෙමෙයි රක්ෂත් කියන විදිහට වින්ධුර් දිහා තමයි දෙවියෝ බලනවා ඇත්තේ.. මං මිනිහෙකුත් මරපු මිනීමරුවෙක්නේ මං දිහා කොහේ දෙවියෝ බලන්න ද ..

රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story Where stories live. Discover now