ගෙදර ඉන්න එක එක අය ඇවිල්ලා මගේ දරුවෝ දෙන්නා බලලා ගියා .. රෝස මල නැගිට්ට නිසා රක්ෂත් එයාව එක්කන් එලියට ගියා.. මං මගේ හැලයායි සීදේවියි එක්ක තනි උනා...
" ධුර් අයියේ ඇත්තටම ඔයා මුන්ව හදනවාද..
" ඔව් ඉතින්..
" ඊයා ජරා සත්තු...
වින් කියන පොඩි පගයා කටත් ඇද කරන් මගේ දරුවෝ දිහා බලන් කිව්වේ මට අසුහාරදහාට තද වෙද්දී .. මූ ජරා සත්තු කියලා අපහාස කරන්නේ කොහොමද අලුත උපන් මගේ දරුවෝ දෙන්නාට
" ජරා සත්තු ? අනේ මේ වින් මල්ලි පලයන් යන්න මෙතනින් මගෙන් ගුටි නොකා.. ජරා සත්තු පෙන්නනවා නැත්තන් මං උබට පකයා "
හොදවයින් කියලා මං ඌව රූම් එකෙන් එලියට පැන්නුවා .. මුඩුම පොඩි එකා ඕකා තමයි ජරා සතා..
"කිඹුලෙකු සදාගන්නා ආකාරය "
මං යූටියුබ් ගිහින් සර්ච් කරා.. කිඹුල් පැටව් කන දෙයක්වත් මං දන්නවා කියලා ද.. දන් නෑ කියලා බෑනේ දැන් ඉගෙන ගන්න එපැයි .. රක්ෂත් එක්ක ඔට්ටු වෙලා මුන්ව තියාගත්තා වගේ නෙමෙයි දැන් මුන් මගේ ලමයි නිසා වගකීම ගන්නත් එපැයි .. තාත්තෙක් වෙන එකත් ලේසි නෑ ..
"මස් සදහා කිඹුලන් වගා කරන කිඹුල් ෆාම් "
" කිඹුල් මස්වල ඇති ප්‍රෝටීන "
" කිඹුලෙක් ගිලපු පිඹුරා "
" දිස්නාව ඩැහැගත් කිඹුලා කැලණිගඟට දැමු හැටි "
" කවදාවත් දැකලා නැති කිඹුලෙක් මාතරදී හමුවෙයි "
මොන මඟුල් ද මේ.. යූටියුබ් එකේ එක දිගට ආව විඩියෝ දිහා මං බැලුවේ ජුගුප්සාජනක විදිහට .. නෙදමකින් මෙව්වාගේ තියෙන්නේ කිඹුල්මස් කන්න කියලා .. පිස්සු නැත්තන් සෝක් .. කිඹුල් මස් රසද දන් නෑ හැබැයි .. මොනවාද සින්ධුර් උබ ඔය හිතන්නේ .. දරුවෝ දෙන්නා දැනගත්තොත් උන්ගේ තාත්තා මොහොතකට හරි උන්ගේ මස් රසද හිතුවා කියලා මොනවා නොහිතෙයිද උන්ට.. මේ යූටියුබ් හරි යන් නෑ .. ඕනි පොඩි එකෙක් චූටි කාලේ බොන්නේ මව් කිරි. කුරුල්ලෝ ඇර එහෙමනේ.. කිඹුලා ක්ෂිරපායි වෙන්න ඇති නේද . මූන දැක්කාම පේනවා කිරි තමයි මුන් බොන්නේ...
YOU ARE READING
රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story
Non-Fictionදෛවයේ ලියවිලා තියෙන්නේ මගේ නම ඉස්සරහින් උබේ නම බන් .. -🦁💚- අනේ උබ හු#හන් මහත්තයෝ .. මගේ ජිවිතේ සිකුරු පච වෙලා සෙනසුරු උච්ච වෙලා මං කිච වෙලා තියෙන්නේ .. දෛවය රෝල් කරලා ගහනින් උබේ #කේ @#&*// - 🐰❤️-