38 වෙනි රාශිය 🦁🐰

679 79 89
                                    

" රාශී අයියේ ඔහොම හිටපන් ..

" මට යන්න දීපන් ධූර් .. මට යන්න දීපන්..

" රක්ෂත් උබ ඇයි දැන් මගෙන් ඈතට යන්නේ .. ඇයි කියපන් ....

ඈතට දුවන රක්ෂත් පගයා එක්ක මං හිටියේ නොසෑහෙන්න තරහින්.. ඌට මාව ඇලජික් ද අපේ හාමුදුරුවනේ..

" ධූර් මට කවදාවත් උබ එක්ක එකට ඉන්න බෑ .. මට ඒක කරන්න බෑ ..

" අහ්.. එකට ඉන්න බෑ කිව්වේ ?? උබට නඟින් නැති ප්‍රශ්නයක් තියෙනවා ද.. ඒවාට බය වෙන්න දෙයක් නෑ සංධීර් අයියාට කියලා සිංහල බෙහෙත් කරලා හරි ඕක ගොඩ දාගන්න පුලුවන් රක්ෂත් .. නඟින් නෑ කියලා මං උබව අතාරින් නෑ සත්තමයි මහත්තයෝ.. බැරිම උනොත් මට හරි නඟිනවානේ මං බැට් කරන්නම් ඒ ඇතිනේ "

" අනේ හු*තෝ එහෙම එකක් නෙමෙයි මට නඟිනවා ..

මූට සෞඛ්‍ය ප්‍රශ්නයක් නෑ ඒ කියන්නේ .. තව පොඩ්ඩෙන් මං හිතුවේ මට අනින වැඩේ කරන්න වෙයි කියලා .. මං ඔය අනින වැඩේට ආස නෑ සංසාරී මං ආස ඇනගන්න විතරයි .. ඒත් අනින්න උනොත් අනින්නත් පුලුවන් කොල්ලා ෆිට් කොල්ලෙක් ..

" එහෙනම් ඇයි උබටයි මටයි එකට ඉන්න බැරි ඕයි...

" මං ...මං මේ ලෝකේ මනුස්සයෙක් නෙමෙයි ධූර් .. මං ..මං පිටසක්වල ජිවියෙක් .. අඟහරුවල බ්‍රමියුඩා ත්‍රිකෝනේ පොල් හිටවන පොල් කාවයියා වර්ගේ අඟහරු ජිවියෙක් මං .. මනුස්සයෙක්ටයි පොල් කාවයියෙක්ටයි කවදාවත් එකට ඉන්න බෑ ධූර් ..

මූ කියන්නේ මූ අනන්තෙන් පියාබගෙන ආව තරු කුමාරයා වගේ එකෙක් කියලා ද.. නැත්තන් අර ඉංග්‍රිසි ෆිල්ම්වල වගේ ලෝකේ විනාශ කරන්න ආව කැත පිටසක්වල ජිවියෙක් කියලා ද.. මූ මාව අතාරින්න නැත්තන් බොරු කියනවාද..

" රක්ෂත් උබ පිටසක්වල නෙමෙයි ඇමේසන් ගංගාවේ විශාල ඇනකොන්ඩෙක් උනාත් මං උබට ආදරෙයි ඕයි.. මට උබව නැතුව ඉන්න බෑ .. මං උබව අපේ අයියාට දෙන්නෙත් නෑ ඌට ඩෙගන්න කියලා මං උබව උස්සන් ඇමරිකාව ට හරි පැනලා යනවා ..

අයියාට හදපත්ලෙන් ම මූව පරිත්‍යාග කරන්න ඉන්න මං නේද මේ බූරුවෙක් වගේ කියවන්නේ ..

" අයියා ?? ධූර් .. මොකද්ද ඒ කතාවේ තේරුම.. උබට කොහෙන්ද අයියෙක් .. උබ වින්ධුර් නෙමෙයි ද... උබ මාව රැවැට්ටුවා ..

රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story Where stories live. Discover now