19 වෙනි රාශිය 🦁🐰

777 100 47
                                    

" මේ දරුවා ට ආදී පරා ශක්ති මැණියන්ගේ බැල්ම තියෙනවා .. පින්කඳක් මයේ අම්මා උබ .. වටේ තියෙන දහාජරා හැ*තගේ යක්ෂ හූනියම් නැති වෙලා ගිය දවසක මැණියෝ උබට තෑඟි එවයි මයේ අම්මා "

" ඒ ගෑනි වටේ ඉන්න දහාජරා හැ*ත්ත කිව්වේ අපිටද බන්.. අපිනේ මුගේ වටේ ඉන්නේ ..?

විනුෂ් කටත් ඇදකරන් ඇහුවේ පාරේ අපේ පස්සෙන් සත්තර කියන්න ආව වයසක ගෑනිව මඟ ඇරලා එද්දි .. රක්ෂත් අපි ව දළදා මාලිගාව බලන්න එක්ක යන්න කියලා ඉෂාන් මල්ලි ට කෝල් කරලා කියලා තිබ්බ නිසා එයා අපිව මාලිගාවට එක්ක ආවා.. ඉෂාන් මල්ලි වාහනේම ඉන්නවා කිව්ව නිසා වල් සිරිමලාත් බොරු ඔලුවේ අමාරුවක් හදන් එතන හිටියා.. දේවේෂුයි වීනුෂුයි එක්ක මං මගේ චූටි රෝස මලවත් වඩන් පාර දිගේ ඉස්සරහට ආවා.. රක්ෂත්ගේ ගාඩ්ලා අපිට පිටිපස්සෙන් එනවා කියලා මං දැක්කා.. ඒත් ඒ මිනිස්සු අපිට බදාවක් වෙන් නැති වෙන්න සමාන්‍ය දුරකින් ආවේ.. ඒ අස්සේ තමයි පාරේ හිටිය රතු සාරියක් ඇඳගත්ත ගෑනූ කෙනෙක් සාත්තර කියන්න අපි පස්සෙන් ආවේ.. අපි ගනන් ගන් නැතුව ඉස්සරහට ඇවිදන් ගියාත් ඒ ගෑනි මාව පෙන්න පෙන්න විකාර කිය කිය පස්සෙන් එන්න ගත්තා . හොද වේලාවට ගාඩ්ලා ඒ කෙනාව නැවැත්තුවා ..

" චන්ගා සිරාවට දැන් අපි මාලිගාව ඇතුලට යනවා ද බන්.. ?

" පිස්සු ද උත්තෝ මිනිහෙක් මරලා දවස් කියද ගියේ.. මේ වගේ පින් බිමකට හිත හදන් අඩිය තියන්න පුලුවන් ද.. ?

විනුෂ් අහපු ප්‍රශ්නේට මං සුද්ධ සිංහලෙන්ම උත්තර දුන්නා .. දෙවියෝ බුදුන් අදහන් නැති එක ඇත්ත .. ඒත් හිතට එකඟව බොරුවට හරි මේ වගේ තැනකට යන්න හිත හදාගන්න බෑ අපි කරන දේවල් වලට අනුව. මැරුවේ ජරා මිනිහෙක් තමයි ඒත් මොනවා උනත් පන තියෙන එකෙක්වනේ.. අඩුම ඌව මරලා මාසයක්වත් ගියේ නෑ .. එහෙම එකේ මේ වගේ තැනකට ගිහින් තවත් පව් පුරවගන්න බෑ ...

" තාත්තී.. පුතාව බිමත තියන්නුකෝ..

" පුතාට පයින් යන්න ඕනී ද ...

" ඔව්නේ ඕනිනේ පුතාට ඕනිනේ..

ඒ අස්සේ පොඩි රක්ෂත් පැටියා ට බිමට බහින්න ඕනි වෙලා .. මං කොල්ලාව බිමින් තිබ්බා..

රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story Where stories live. Discover now