" චන්ගා ඕකා මැරිලා හුත්තෝ .. නවත්තපන් ඕක ..
විනුෂ්ගේ කටහඩ මට ඇහෙන්නේ හීනෙන් වගේ.. මගේ ඇඟේ පාලනේ මං අතේ නෙමෙයි කියලා මට දැනුනා.. මට නවතින්න ඕනි උනත් නවත්තන්න බෑ ..අතේ තියෙන උල් පිහිය තව කීප පාරක්ම උඩට පහලට ගියේ මගේ මූනට කට කොනින් ජරා හිනාවක් එද්දි ..
" මැරියන් උබ..මැරියන් වේ* බල්ලා.."
මට පාලනයක් නැතුව ම වචන පිටවෙනවා .. ඒක තරහාක්.. මරන්න තරම් තරහාක්..ඇස් ගිනි ගන්නවා වගේ දැනෙනවා මට ..ඒත් මගේ වටේ තියෙන්නේ අමුතු ජරා සීතලක්.. ගල්වෙන තරමට භයානක සීතලක්... මට නෑ මේක නවත්තන්න ඕනි කමක් .. මං ආය පාරක් පිහිය උඩට ඉස්සුවා..
" චන්ගා ඔය ඇති ...
ඒත් දේවේෂ් මගේ පිහිය තියෙන අත අල්ල ගත්තා .. මෙච්චර වෙලා මං වටේ තිබ්බ අමුතු සීතල නැති වෙලා ගියා.. මගේ හදවත ගැහෙනවා රේස් එකේ.. ඒක තනිකරම ආරුඨයක්..ඒ මං නෙමෙයි හිතෙන තරමටම ආවේශයක්..
" දේවේ..ෂ්...
" චන්ගා ඇති වස්තුවේ ..හ්.. ඔය ඇති ඌ මැරිලා ..
දෙවේෂ් ඇදලා අරන් මාව ඌගේ පපුවට තුරුල් කරගත්තා.. මගේ අතින් පිහිය අත ඇරුනා.. ඇස්වලට කඳුලු පිරුන හේතුව මට හිතාගන්න බෑ .. මගේ ඉස්සරහා මැරුනු පොඩි එකාගේ මූන මැවුනා.. රෑ ප්‍රවෘත්ති වලට ඒ කිරි සප්පයා ව පෙන්නද්දී මගේ හිත මටම දොස් කිව්වා.. අනුෂා නංගිව විනාශ කරපු දවසේම මට මරන්න තිබ්බා ඒ මිනිහාව..මං දෙවේෂ්ගේ උරිස්සට උඩින් මගේ ඉස්සරහා වැටිලා ඉන්න වාඩියාවත්තේ සිසිර කියන ජරා මෘගයා දිහා බැලුවා .. ඌ ලේ වලින් වැහිලා .. කටත් ඇරගෙන ඌ මැරිලා ඉන්න විදිහට මට සතුටක් දැනුනා .. මං ඌව මැරුවා මගේ අත්වලින් .. පිහිපාරවල් කීයක් ද මට හිතාගන්න බෑ .. ඌගේ පපුවම පිහි පාරවල්වලින් වැහිලා .. ඌගේ ජරා වල්කම් වලින් පිරුන හදවත එලියට එන තරමට මං ඌව හිල් කරලා .. තනිකරම භයානක විදිහට ඌ මැරිලා හිටියේ ..
YOU ARE READING
රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story
Non-Fictionදෛවයේ ලියවිලා තියෙන්නේ මගේ නම ඉස්සරහින් උබේ නම බන් .. -🦁💚- අනේ උබ හු#හන් මහත්තයෝ .. මගේ ජිවිතේ සිකුරු පච වෙලා සෙනසුරු උච්ච වෙලා මං කිච වෙලා තියෙන්නේ .. දෛවය රෝල් කරලා ගහනින් උබේ #කේ @#&*// - 🐰❤️-