ඕතර් pov :
" රක්ෂත් මහත්තයෝ මං කිව්වා වගේම පේ වුනානේ පිලිහිඩි එහෙම නොකා.. ඔන්න මං නොකිව්වායි කියන්ට එපා මේක භයානක පූජාවක් .. ඔඩ්ඩිස හුනියම් යක්ෂයාට මිසක්කා සූනියම් දෙවි හාමුදුරුවෝන්ට කරන එකක් නෙමෙයි .. මහා බලගතු යක්ෂ ස්වරූපයෙන් ඉන්න හුනියම් යක්ෂයාට කරන එකක් ..
" එහෙමයි ගුරුන්නාන්සේ මාමේ ඔක්කොම හරි ..
රක්ෂත් ට කලින් උත්තර දුන්නේ එතන හිටිය සංධිර් .. මොකද මේ වෙද්දිත් රක්ෂත් හොද සිහියෙන් ඉන්නවා කියලා සංධීර් ට හිතුන් නෑ . ගුරුන්නාන්සේ ලඟ හිටියාට මොකද රක්ෂත්ගේ හිත එතන තිබ්බා කියලා හිතන්න අමාරුයි .. ඒ නිසා ඔක්කොම වැඩ හොයලා කරන්න උනේ සංධීර්ටමයි.. රෑ නවයයි පහා වෙද්දී පුජාව පටන් ගන්න ඕනි .. දැන් වේලාව අටයි.. පොඩි හරි අඩුවක් තිබ්බොත් ජිවිත පවා නැති වෙන්න පුලුවන් නිසා සංධිර් කිසිම දෙයක් මඟ ඇරෙන්න දුන්නේනම් නෑ .. මොකද සංධීර් ට එයාගේ ජිවිතේ ට වඩා වටින දෙන්නෙක් එතන ඉන්නවා .. රක්ෂත් සින්ධුර් කියන්නේ සංධීර් ට ඌගේ ජිවිතේ ට වඩා සෑහෙන්න වටින උන්.. ඒ නිසාම කරන හැමදේම සංධීර් කරේ කල්පනාවෙන්.. මොනවා උනත් සංධිර් ඉන්න එක නම් හොදට ගියා .. මොකද රක්ෂත් අද තනියෙන් මෙව්වා කරන්න ගියානම් කෙලින පිස්සු හැටියට පූජාවේ ඉන්න උනුයි කරන උනුයි ඔක්කොම එලොව යන්න තිබ්බා .. එච්චර අසිහියෙන් ඒ මනුස්සයා හිටියේ ...
" රන් තඹ පත ගිතෙල් පහනක්, කිරිබත්, පිච්ච මල් 21, සල්දුම්මල, කෙසෙල්ගෙඩි, තැඹිලි, සකුරු, පොල්ගෙඩි 2, පුවක් මල්, බුලත්, විලඳ, කහ දියර, රිදී පඬුරු දෙකක්, අශ්ව කෙඳි, විජයපත්‍රං, කීනමල්, උණ කපුරු, සාදිලිංගම්, කස්තුරි, ගොරෝචන, අමු කපුරු ඔක්කොම හරි නොවෑ..
තිලකරත්න ගුරුන්නාන්සේ විඩෙන් විඩේ දේවල් මතක් කරා.. මොකද ගුරුන්නාන්සේ දන්නවා හුනියම් යක්ෂයා එක්ක සෙල්ලම් බෑ කියන්න .. අනවින කොඩිවින , පිල්ලි ඔක්කොම කරන්න ඔඩ්ඩිස හුනියම් යක්ෂයා කියන්නේ සෑහෙන්න භයානක පැත්තක් සූනියම් දෙවියන්ගේ .. පොඩ්ඩ බැරි උනොත් ගුරාත් ඉවරයි සින්ධුරුත් ඉවරයි ..
" ඔව් ඔක්කොම මෙතන තියෙනවා ගුරුන්නාන්සේ මාමේ..
සංධීර් කෝකටත් ආය දේවල් චෙක් කරලා ම උත්තර දුන්නා .. රක්ෂත් නම් නියපොත්තක් හප හපා මොකද්ද කල්පනවක.. අද පූජාව වේලාවට රක්ෂත් ට ඒක දරාගන්න පුලුවන් ද කියන එකත් ප්‍රශ්නයක් ..
YOU ARE READING
රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story
Non-Fictionදෛවයේ ලියවිලා තියෙන්නේ මගේ නම ඉස්සරහින් උබේ නම බන් .. -🦁💚- අනේ උබ හු#හන් මහත්තයෝ .. මගේ ජිවිතේ සිකුරු පච වෙලා සෙනසුරු උච්ච වෙලා මං කිච වෙලා තියෙන්නේ .. දෛවය රෝල් කරලා ගහනින් උබේ #කේ @#&*// - 🐰❤️-