20 වෙනි රාශිය 🦁🐰

770 94 28
                                    

🔔🔔🔔🔔🔔🔔

ඒ එක්කම හවස හයයි කියන්න වලව්වේ සාලේ බිත්තියේ එල්ලලා තියෙන ලොකු ඔරලෝසුවේ බට්ටා වැදෙන සද්දේ ඇහුනා.. දැන් නම් බයත් වගේ. මං රූම් එකේ තිබ්බ ඇඳේ එරමිනියා ගොතාගෙන වාඩි උනා.. කිසිම දෙයක් තාම නම් උන් නෑ .. විනාඩි පහලවක් විතර මං නොසැලී හිටියා .. ඒත් මොනවත් ම උන් නැති නිසා මං පෝන් එක අරන් ගේම් එකක් ගහන්න ගත්තා.

" මොන හුත්.. ඉෂාන් මල්ලි ඔයා ??

එකපාර ම රූම් එකේ දොර ඇරුන නිසා මං ගැස්සිලා ගියා.. බය උනු පාර කුනුසප්පයක් කියවෙන්න ආවාත් ඒ ඇවිත් හිටියේ ඉෂාන් මල්ලි .. ඌ අතේ ලොකු බන්දේසියක් හෑව්.. මූ මොකද මේක අස්සේ කරන්නේ .. මූ හොල්මනක් වෙන්න බෑද..

" බය වෙන්න එපා මස්සිනේ .. මං ආවේ කෑම දීලා යන්න ..

" ඒත් මේ රූම් එකට ඔයාලා ආවාට කමක් නෑ ද ?

" ඔයාට මෙකෙන් එලියට යන්න එපා කියලා මිසක් අපිට මේක අස්සට එන්න තහනමක් නෑ රෑ නවය වෙනකන්.. ඒත් මස්මාලූ කාපු අයට එන්න බෑ . කොටින්ම ඔයාට කන්නත් තියෙන්නේ කිරිහොඳියි සම්බෝලයි බතුයී .. තෙල් දාපූ කෑමත් කන්න බෑ ඔයාට .. මෙන්න මං පලතුරු වර්ග ටිකකුත් ගෙනාවා.. ඒවාත් කන්න ..

ඉෂාන් මල්ලි පිස්සෙක් වගේ ගෙනාව කෑම වර්ණනා කරද්දී මං ඔහේ අහන් හිටියා ..

"ඉෂාන් මල්ලි

" ම්න්

" ඇත්තටම අද මොකද්ද වෙන්නේ ?

" ලොකු දෙයක් වෙනවා .. වෙන දේ හරියටම වේලාව එද්දි ඔයාට දැනෙයි.. පොඩ්ඩක් ඉවසනවා තමුසේ නිසා අරූ කන කට්ට වෙනුවෙන් හරි ඉවසනවා ඒ වේලාවට ..

" මොකද්ද එයා කන කට්ට.. පුජාවක් නේද කරන්න ගියේ..

" ඒක නිකන් පූජාවක් නෙමෙයි ..

" එහෙනම් ?

" ඒවා වැඩක් නෑ දැන් කාලා එහෙම ඉන්නවා .. මං යනවා ... කවුරු කතා කරත් දොර ගාවට එන්න එපා ..

එහෙම කියලා ඉෂාන් මල්ලි රූම් එකෙන් එලියට යන්න ගියා..

" දොර ගාවට ගියාත් වැඩක්ද.. ඔයාලා දොර වහලා තියෙන්නේ එලියෙන්නේ.. මට කොහොමත් අරින්න පුලුවන් ද. එන එකෙක්ට මගෙන් අවසර ඕනි ද ඔහෙන් ඇරන් එන්නනේ තියෙන්නේ මඟුලක් ද කියන්නේ ?

රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story Where stories live. Discover now